• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු තුනෙන් ‌දෙකක් ‌දෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 4, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
මිනිස්සු තුනෙන් ‌දෙකක් ‌දෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂය. ඔහු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කොට පසු දින ‘දෙරණ’ මාධ්‍ය ජාලයට මෙවැනි කතාවක් කීවේය.

‘ජී. එල්. පීරිස් මන්ත්‍රිතුමා විවිධ යෝජනා ගෙනාවා. ඒ වගේ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු වුණා. ඒත් අපේ රටේ ජනතාවට ආශීර්වාදයක් තිබුණා. මේක ලෝකයේ වෙච්ච ලොකුම ප්‍රාතිහාර්යය. මේකට ළඟින් යන එකක්වත් සිද්ධ වෙලා නැහැ. අවුරුදු 38ක් පුරා මේ රටේ නායකයන්ගේ ජීවිත බිල්ලට ගනිමින් යුද ගිනි ඇවිළීමට පවා බලපාපු 78 ව්‍යවස්ථාව අපි වෙනසක් කළා. මේක සමාන කරන්න පුළුවන් මෙයට අවුරුදු 800කට පෙර ප්‍රජාතන්ත්‍රවාදයට මුල්ගල තියපු මහ බි්‍රතාන්‍යයේ මැග්නාකාටාවේ වෙච්ච විප්ලවයට වඩා වැඩි විප්ලවයක්. හෙට දවසේ ලංකා ඉතිහාසයේ පොතේ විතරක් නෙවේ ලෝක ඉතිහාස පොතෙත් ලියැවෙනවා.
29.04.15
අද දෙරණ

එහෙව් විජේදාසම අද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රට විනාශ වුණා කියා එය වෙනස් කරන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කොට ඇත. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙකක් ලැබෙයි කියා සිතිය නොහැකිය. ඒත් ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආපු හිටපු අධිකරණ ඇමැතිම ලවා එහි භයානකකම පෙන්වා එය අහෝසි කරන්න මහ මැතිවරණයේදී තුනෙන් දෙකක ජනවරමක් ඉල්ලන්නටය.
‘ඉතින් මිනිස්සු ආණ්ඩුවට තුනෙන් දෙකක් දෙයිද?’
රටේ විනාශයට මුල ජේ. ආර්.ගේ ව්‍යවස්ථාව යැයි කියා 1994දී චන්ද්‍රිකා එය අහෝසි කරන්න තුනෙන් දෙකක ජනවරමක් ඉල්ලා සිටියාය. හැබැයි ඇයට ආණ්ඩුවක් හදන්න 113 වත් ලැබුණේ නැත. 2000දී ඇය ව්‍යවස්ථාව වෙනස් කරන්න උත්සාහ ගෙන එවකට විපක්‍ෂයේ සිටි එජාපය එය කඩාකප්පල් කළ විට ඇය 78 ව්‍යවස්ථා ශාපය අවසන් කරන්න තුනෙන් දෙකක් දෙන්න කියා මහ මැතිවරණයට ගියාය. තුනෙන් දෙක කොහොම වෙතත් ආණ්ඩුව හදා ගත්තේ බොහොම අමාරුවෙනි. ඇය යළි 2004 දී තුනෙන් දෙකක් ඉල්ලුවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න කියාය. එහෙත් ඇයට ආණ්ඩුව හදා ගැනීමත් දුෂ්කර විය. 2009 යුද්ධය දිනා මහින්ද 2010 මහ මැතිවරණයට ගොස් ව්‍යවස්ථාව වෙනසක් කරන්න තුනෙන් දෙකක් ඉල්ලා සිටියේය. ඇත්තටම මහින්ද තුනෙන් දෙකක් ඉල්ලා සිටියේ ව්‍යවස්ථාව වෙනසක් කරන්න නොව ජනාධිපතිවරයකුට දෙවතාවකට වැඩිය තරග කරන්න බැරිය කියා පනවා තිබූ තහනම ඉවත්කර ගන්නටය. ඒත් මහින්දට තුනෙන් දෙකක් ලැබුණේ නැත. මහින්ද ව්‍යවස්ථාව වෙනස්කර ගත්තේ යූඇන්පී මන්ත්‍රිවරු බාගෙනය.
විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමෙන් පසු ලංකා ඉතිහාසයේ ආණ්ඩුවක් 113ක් ගෙන ඇත්තේ ජනාධිපතිවරණයක් පවත්වා ජයගෙන ජයගත් මොහොතේම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අවස්ථාවලදී පමණි. ලංකාවේ පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. මහ මැතිවරණ තිබ්බේ නැත. ඔහු පැවැත්වූයේ ජනමත විචාරණයකි. ඊළඟට ජනාධිපති පදවියට පත් ප්‍රේමදාස ජනාධිපති වන විට ධුරයේ සිටි ජේ. ආර්. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබිණි. ප්‍රේමදාස ජනාධිපතිවරණය ජයගත් විගස පැවැති මහ මැතිවරණයේදී ලබා ගත්තේ ආසන 125කි. 1994දී ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණය පැවැත්විණි. 94 ජනාධිපති වූ චන්ද්‍රිකා 1999 ජනාධිපතිවරණය පවත්වා දිනා හදිසි මහ මැතිවරණයකට ගියේ නැත. එවකට ඇයගේ උපදේශකයන් වූ ජී. එල්., එස්. බී., හදිසි මහ මැතිවරණයකට යන ලෙස ඇයට කීවත් ඇය මාස 10ක් ගතවන තෙක් මහ මැතිවරණයකට ගියේ නැත. එහි ප්‍රතිඵලය ඒ මාස 10 තුළ ඇයගේ ආණ්ඩුව අප්‍රසාදයට ලක්වී ආසන 107ක් පමණක් ගැනීමය. 2001දී ජී. එල්. සහ එස්. බී. ඇගෙන් වෙන් වූ එක් හේතුවක් නම් 1999 ජනාධිපතිවරණය දින්න විගස මහ මැතිවරණයකට නොයෑමට ඇය ගත් අනුවණ තීන්දුවය. මෙය හොඳින් තේරුම් ගත් 2005දී ජනාධිපති වූ මහින්ද 2010 ජනාධිපතිවරණය දිනා 2010 හදිසි මහ මැතිවරණයකට ගියේය. 2005 මහින්ද ජනාධිපති වුවත් ඊට කලින් 2004 මහ මැතිවරණය පවත්වා තිබිණි. 2010දී මහින්ද අවදානමක් නොගෙන මහ මැතිවරණයට ගියේය. ඒ මහ මැතිවරණයේදී මහින්ද ආසන 144ක් ගත්තේය. ඒ 144 තුළ රිෂාඞ් බදුර්දීන්ගේ ආසනද තිබිණි. ඊළඟට 2015 ජනාධිපති වූ මෛත්‍රිපාල ජනාධිපතිවරණය දිනා දින 100න් මහ මැතිවරණයට යන්න ඔහුව නම් කළ යූඇන්පීයට පොරොන්දු වී තිබිණි. ඒත් රනිල් විරෝධී මෛත්‍රිගේ උපදේශකයෝ යූඇන්පීය ආසන 130ක්, 140ක් ගනී කියා මහ මැතිවරණය කල් දමන ලෙසට මෛත්‍රිට උපදෙස් දුන්හ. මහින්දලාගේ ඒකාබද්ධ විපක්‍ෂයත් ඒකට උල්පන්දම් දුන්හ. මෛත්‍රි මහ මැතිවරණය පැවැත්වූයේ මාස 6කට, 7කට පසුවය. මෛත්‍රිගේ උපදේශකයන්ට ඕනා වැඬේ වුණේය. යූඇන්පීය ගත්තේ ආසන 106කි.
ගෝඨාගේ ආණ්ඩුවටත් ඒ සන්තෑසියම වෙයිද? 19 වැනි ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයකුට වසර 4 1/2ක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය. ගෝඨාභය දින්න විගස හදිසි මහ මැතිවරණයකට යන්න අවශ්‍ය විය. තමන්ට අගමැති ධුරය සහ ආණ්ඩුව කරගෙන යෑමට ඉඩ දෙන්නේ නම් හදිසි මහ මැතිවරණයකට යන්න අවශ්‍ය තුනෙන් දෙක දෙන්නම් යැයි රනිල් කී බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ රනිල්ගේ උපායික මෝඩකමකි. රනිල් විරෝධී ඇමැතිවරු ඇමැති ධුරවලින් ඉවත් වී ගෝඨාභයට ආණ්ඩුව කරගෙන යන්න ඉඩ දුන්නේ මෛත්‍රිපාල යූඇන්පීය දැම්ම වළේම පොදුජන පෙරමුණ දමන්නටය. මහ මැතිවරණයට තව මාස දෙකක් තිබේ. ඒ මාස දෙකට මොනවයින් මොනවා වෙයිද කියන්න බැරිය. අනෙක මේ ආණ්ඩුවේ ඉන්නේත් පරණ ඇමැතිවරුමය. ආණ්ඩුවේ වැඩියෙන්ම කතා කරන මහින්ද අමරවීර මෛත්‍රි-රනිල් ආණ්ඩුවේත් කතා කරපු ප්‍රබල ඇමැතිවරයෙකි. සුසිල්ලා, ජෝන්ලා, එස්.බී.ලාත් එහෙමය. එකම වෙනස ගෝඨාභය ජනාධිපති වීම පමණි. මහින්ද 2015 ගත් ලක්‍ෂ 58ට අමතරව ගෝඨාට ඡන්දය දුන් ලක්‍ෂ 10ක් බලාපොරොත්තු වුණේ ගෝඨා එක්කම අලුත් ආණ්ඩුවක්ය.
‘ඒ ලක්‍ෂ 10 මහ ඡන්දෙදි පොහොට්ටුවට ඡන්දය දෙයිද’
ප්‍රශ්නය තියෙන්නේ එතැනය. කොහොමත් පොහොට්ටුව තුනෙන් දෙකක් ගන්නවා බොරුය. ආසන 120ක් ගත්තත් යූඇන්පීය අලුත් වීම වළක්වාගත යුතුය. යූඇන්පීය අලුත් වුණොත් පොහොට්ටුව ගන්න ආසන අඩුවෙයි. ගෝඨාට ඡන්දය දුන් අර අලුත් ඡන්ද ලක්‍ෂ 10 ගෝඨා ජනාධිපති මහින්ද අගමැති කියනවාට වඩා ගෝඨා ජනාධිපති අලුත් යූඇන්පී නායකයා අගමැති කියනවාට වැඩිය කැමැති වනු ඇත. කොහොමත් මහින්දට තුනෙන් දෙකක් ඕනෑද කියන ප්‍රශ්නයකුත් තිබේ. හේතුව තුනෙන් දෙකක් ලැබුණොත් මහින්ද රත්නසිරි වික්‍රමනායක කෙනෙක් හෝ දි. මු. ජයරත්න කෙනෙක් වෙයි. කෙළින් කියනවා නම් තුනෙන් දෙකකින් 19 වෙනස් කළොත් මහින්ද – ජේ. ආර්. යටතේ අගමැතිකම කළ ප්‍රේමදාසගේ භාෂාවෙන් කියනවා නම් පියන් කෙනෙක් වෙයි. පොහොට්ටුවට තුනෙන් දෙක දෙපැත්ත කැපෙන ආයුධයක් කිව්වත් වැරැදි නැත.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රනිල් තවත් උත්සාහයක් ගනී

Next Post

කවුරුත් ‌නොකරපු වැඩක් සජිත් කරයි

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.