විපක්ෂ නායකවරයා ලෙස පත්වීමෙන් පසුව පැවැති පළමු එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී පසුගිය කාල වකවානුව පුරා පැවැති රැස්වීම්වල සිදු නොකෙරුණු කටයුත්තක් සිදු කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත.
ඒ, කණ්ඩායම් රැස්වීම ආරම්භ කිරීමට ප්‍රථම පන්සිල් ගැනීමට පියවර ගැනීම හරහාය.
රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය දැරූ පසුගිය 25 වසර පුරාම පැවැති කණ්ඩායම් රැස්වීම්වලදී මෙවැනි සිදුවීමක් දැකගන්නට නොලැබුණු බව එජාප ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව පන්සිල් ගැනීමෙන් පසු පක්ෂය වෙනුවෙන් දිවිපිදූ සහ පක්ෂය වෙනුවෙන් සේවය කළ සියල්ලන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමටද ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.