නැවත වතාවක් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සමග සාකච්ජාවක් පැවැත්වීමට රනිල් වික්රමසිංහ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව ඊයේ සවස සිය පෞද්ගලික නිවසට එම පක්ෂ නායකයන් සියලු දෙනාටම පැමිණෙන ලෙසට වික්රමසිංහ මහතා විසින් දැනුම් දීමක් කර තිබිණ.
කෙසේවෙතත් ඊට පෙර පැවැති පක්ෂ නායක රැස්වීමෙන් පසු මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන පක්ෂ නායකයන් තවදුරටත් රනිල් සමග සාකච්ජා කර පළක් නොමැති ස්ථාවරයක සිටි බව දැනගන්නට තිබිණ.
වික්රමසිංහ මහතා මෙම සාකච්ජාව කැදවා ඇත්තේ එවැනි පසුබිමක් යටතේය.