• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද සියලු ඉල්ලීම් ඉටුකරයි; කාදිනල් හිමි ආණ්ඩුවට ප්‍රශංසා කරයි

December 16, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
මහින්ද සියලු ඉල්ලීම් ඉටුකරයි; කාදිනල් හිමි ආණ්ඩුවට ප්‍රශංසා කරයි
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල්වල ගැටලු නිරාකරණය කරමින් ඔවුන්ට සහන සැලසීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට ප්‍රශංසා කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද 2020.12.16 දින ප්‍රකාශ කළහ.

2019 පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වු පවුල්වල ගැටලු නිරාකරණය කිරීම හා ප්‍රහාරයට ලක්වූ දේවස්ථානවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති සාකච්ඡාව අවසානයේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මේ බව අවධාරණය කළහ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට කටුවපිටිය ප්‍රදේශයේ ඉදිවන නිවාස 24 ව්‍යාපෘතියල මෙතෙක් වැඩ අවසන්වූ තැනින් නැවත ආරම්භ කොට කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නැයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අග්‍රාමාත්‍යතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

ඊට අමතරව දැනට ඉඩම් හිමි පුද්ගලයන් වෙනුවන් තවත් නිවාස 5ක් කටුවපිටිය ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකිරීමට නියමිතය.

ප්‍රහාරයෙන් පීඩාවට පත්ව කොළඹ අවට කුලී නිවාසවල සිටින පවුල් 33ක් වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ යෝජිත නිවාස සංකීර්ණයකින් නිවාස 33ක් වෙන්කර දෙන ලෙස අග්‍රාමාත්‍යතුමා මෙහිදී නිලධාරීන් දැනුවත් කළේය.
මෙම පිරිසට අමතරව බදුල්ලල මහනුවර ඇතුළු රට පුරා විසිරී සිටින ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 11ක් වෙනුවෙන් ඒ ඒ ප්‍රදේශවලින් නිවාස අවශ්‍යතා සපුරා දීමට ද මෙහිදී එකඟතාවය පළවිය.

විපතට පත්වූවන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල මඟින් ලබාදෙන වෛද්‍ය පහසුකම් පුළුල් කිරීමට උපදෙස් දුන් අග්‍රාමාත්‍යතුමාල ඔවුන්ට අවශ්‍යය වෛද්‍ය ප්‍රතිකාර සහ රෝහල් කාමර පහසුකම් සැලසීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට උපදෙස් දුන්නේය.

මෙයට අමතරව මුදල් අමාත්‍යංශ ප්‍රතිපාදන යොමු කරමින් දැනට ඉදිකිරීම් නැවතී තිබෙන කටුවපිටිය දහම් පාසල රුපියල් මිලියන 60කට අධික මුදලක් වැයකරමින් ඉදිකර අවසන් කිරීමල ප්‍රහාරයෙන් විනාශයට පත් කොච්චිකඩේ දේවස්ථානයේ කලින් සැලසුම් කළ පරිදි නාවික හමුදාවට ප්‍රතිපාදන යොමුකර ඉදිකර අවසන් කිරීමටත් අග්‍රාමාත්‍යතුමා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පසුගිය ආණ්ඩුව කොච්චිකඩේ දේවස්ථනය නව සැලසුමකට ඉදිකර දෙන බව පැවසුව දල එය අදාළ පරිදි අවසන් නොකළ බව මෙම හමුවේදී හෙළිවිය.

පසුගිය ආණ්ඩුව හුඟක් ඒවා පොරොන්දු වුණා විතරයිග අපි හැබෑවට අවශ්‍ය කටයුත්ත ඉටු කරනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

ප්‍රහාරයෙන් පීඩාවට පත්ව ණය වාරික ගෙවා ගත නොහැකිල දැනට ඉල්ලීම් කළ පුද්ගලයන් වෙනුවෙන් සැලසිය හැකි ණය සහන සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යංශ ලේකම් එස්ගආර් ආටිගල මහතාට දැනුම් දුන්නේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් පවුල්වල හා ප්‍රහාරයට ලක්වූ දේවස්ථානවල පවතින ගැටලු ලෝරන්ස් රාමනායක පියතුමා විසින් මෙම හමුවට ඉදිරිපත් කළේය.

අදාළ සාකච්ඡාව අවසානයේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙසේ පැවසූහ.

අග්‍රාමාත්‍යතුමනි මම ඔබතුමාටත් රජයටත් මගේ පෞද්ගලික ස්තුතිය හා ප්‍රශංසාව පුද කර සිටිනවා. මේ පාස්කු ප්‍රහාරය තුළින් පීඩාවට පත්වෙච්ච ජනතාවට සහන සලසලාල ඒ අයගෙ ප්‍රශ්න විසදලා දෙන්න අපි උත්සහ කරන මෙම වැඩපිළිවෙළට අපට දුන්නු සහයෝගය පිළිබඳව. විශේෂයෙන්ම මේ සඳහා මැදිහත්වී කටයුතු කරන ඇමැතිවරුන්ටත්, රාජ්‍ය ඇමතිවරුන්ටත් මම මගේ ස්තුතිය පුදකර සිටිනවා. අපි මේ හැමදෙයක්ම කරන්නෙ අපේ ජනතාව පීඩාවට පත්වෙච්ච නිසයි. අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී එවැනි සිදුවීම් කොයිම විධියකටවත් සිදු නොවෙන්නට රට ආරක්ෂිත ස්ථානයක් කරගන්නට ඔබතුමාගේ රජය සහ ජනාධිපතිතුමාගේ මැදිහත්වීම තුළ රටේ ආරක්ෂාව ශක්තිමත් කරගන්නට හැම දෙයක්ම සිදුවෙයි කියලා. ඒ විශ්වාස තුළ අග්‍රාමාත්‍යතුමා ගැන අපි බලාපොරොත්තුවක් තබා තිබෙනවා. අද මේ වගේ රැස්වීමක් සංවිධානය කිරීම ගැනත් අග්‍රාමාත්‍යතුමාල අමාත්‍යවරුන් ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලයට ස්තුති කරනවා යැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.

මෙම අවස්ථාව සඳහා කොළඹ සහයක රදගුරු අති උතුම් ජේග ඩීග ඇන්තනි හිමිපාණන්ල ෆ්‍රීලි මුතුකුඩආරච්චි, ජූඩ් සමන්ත ප්‍රනාන්දු, දවටගේ ගිහාන් රිඩ්ලි ටෙරන්ස් පෙරේරා, ලියනගේ පැට්රික් ලලිත් පෙරේරා පියතුමන්ලා හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ග්‍රමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ග්‍රාමීය නිවාස හා ඉදිකිරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්ල අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්ගආර්ගආටිගල, නාගරික සංවර්ධන වෙරළල සංරක්ෂණල අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ග්‍රාමීය නිවාස හා ඉදිකිරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කීර්ති රංඡිත් අබේසිරිවර්ධන, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති මහාචාර්ය එස්ගඩීග ජයරත්න, කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති එම්ගනන්ද විජේරත්න සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්පී. ගකේග රණවීර ඇතුලු නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

SendShareShare
Previous Post

රාජකීය පරම්පරා නිමවෙමින් යනවා: දේශපාලනය කරන්න සුදුසු හාමුදුරුවරුන්ට විතරයි: ඉදුරාගාරේ හිමි අලුත් සෙල්ලමකට සූදානම් වෙයි

Next Post

සාකච්ජා ඉල්ලුවත් ජනාධිපති දුන්නෙ නෑ: බැසිල් එක්ක කරපු කතාවල හරයක් නෑ: අපි අසරණයි: දයාසිරි ප්‍රසිද්ධියේ දුක කියයි

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.