රාජකීය පරම්පරා නිමවෙමින් පවතින කාලවකවානුවක් එළඹෙමින් පවතින බවත්, ස්වාමීන් වහන්සේලා අලුත් සෙල්ලමකට සූදානම් විය යුතු බවත්, නව ජාතික බලවේගයක් ගොඩනැගිය යුතු බවත් මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පැවසූහ.
ඊයේ (15) කොළඹ පැවැති උත්සව අවස්ථාවකදී උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.
තව වසර කිහිපයකින් මිත්‍ර පාර්ශ්ව අතර යුද්ධයක් ඇතිවීමට නියමිත බවත්, සියල්ල උඩුයටිකුරු වීමට නියමිතව ඇති බවත් උන්වහන්සේ කීහ.
එමෙන්ම ලංකාවේ හාමුදුරුවරු කරනවා නම් කළ යුතු එකම දෙය වන්නේ දේශපාලනය කිරීම බවත්, ඊට අයිතිය ඇත්තේ ස්වාමීන් වහන්සේලාට පමණක් බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.










