ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමක් පසුගියදා මාතලේ දිස්ත්‍රික්කය මුල්කරගෙන පැවැත්විණ.
ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සදහනක් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබිණ.
‘තවත් සාර්ථක සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමක් මාතලේ දී අවසන් වුණා. මේ සදහා සහභාගිවු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට මෙන්ම රාජ්‍ය නිලධාරින්ටත් ස්තූතිවන්ත වනවා. මේ මොහොතේ අවශ්‍යතාවය වන සම්පත් ඒකාබද්ධ කිරීම සිදුකළොත් රටේ සංවර්ධන උදෙසා සැබෑ වෙනසක් කළ හැකි බව මාගේ විශ්වාසයයි.
මෙම අවස්ථාවට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළුව මැති, ඇමැතිවරු රැසක් සහභාගීව සිටියහ.













