• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මඩ පොහොර ටික වෙලාවට ගොවියන්ට දෙන්න!

February 15, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මඩ පොහොර ටික වෙලාවට ගොවියන්ට දෙන්න!
Share on WhatsAppShare on Facebook

ඉදිරි යල කන්නයට අවශ්‍ය මඩ පොහොර, දැනට වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට ගැසට් නිවේදනයක් මගින් කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම ගැටලු පිළිබඳ පසුගිය 13දා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක සුරේන් බටගොඩ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ගොයම් කහ වීමේ රෝගය වැළැක්වීම, පොහොර යෙදීමේ උපාය මාර්ග සහ වී අලෙවි කිරීමේ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ගොයම් කහවීමේ රෝගය ඇති වීමට ප්‍රධාන හේතුව ගොවීන් මඩ පොහොර භාවිතය අඩුවීම නිසා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සොයා ගෙන ඇති අතර, ඉදිරි යල කන්නයේදී මෙම රෝගය වළක්වා ගැනීමට ගතයුතු පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

කාබනික හා රසායනික පොහොර සමාගම් විවිධ මතවල සිට පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම් සිදු කරන බවත්, මේ සම්බන්ධව කටයුතු කරන විවිධ විද්වතුන් හා ආයතන එක්ව තනි මතයක සිට කටයුතු කිරීම යෝග්‍ය බවත් මෙහිදී සඳහන් කෙරිණි.

විශේෂයෙන් ඉදිරි යල කන්නයේ පොහොර භාවිතය පිළිබඳ මෙම සාකච්ඡාවේ විශේෂ අවධානය යොමු වූ අතර මහ කන්නයේ පැවති මිලට වඩා අඩු මිලකට ගොවි ජනතාවට පොහොර මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ වැදගත්කම සාගල රත්නායක මහතා විසින් පෙන්වා දෙනු ලැබීය.

මෙම සාකච්ඡාවට එක්ව සිටි පොහොර සමාගම් නියෝජිතයින් පෙන්වා දුන්නේ ගොවියාට අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදන ඉහළ නංවාගත හැකි අන්දමින් පසට යෝග්‍ය බෝග වර්ග හා සුදුසු කෘෂි යෙදවුම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා නිර්දේශ කරීමට හැකි නම් යෙදවුමට සරිලන නිමවුමක් ගොවීන්ට ලබා ගත හැකි බවයි.

පැවති අභියෝග මධ්‍යයේ වුවද දැනට වෙළෙඳ පොළ අවශ්‍යතාව ඉක්මවා හොඳ වී අස්වැන්නක් පසුගිය යල සහ මහ කන්නවලදී ලබා දීමට අපේ ගොවි ජනතාවට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

සහල් අතිරික්තයක් පවතින මෙම අවස්ථාවේ ගබඩාවල ඇති පරණ වී තොග සත්ත්ව ආහාරවලට අලෙවි කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී විමසා බැලුණු අතර එමගින් වී සඳහා ඉහළ මිලක් ලැබීම මෙන්ම වෙළෙඳ පොළේ බිත්තර හා කුකුළු මස්වල මිල පහත වැටීම සිදුවන බවත් සඳහන් විය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු යන මහත්වරුන් ද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහු සහ කාබනික හා රසායනික පොහොර සමාගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-02-15

SendShareShare
Previous Post

එක සැරේ ගන්නෙ අරක්කු බෝතල් 200 ගණන්! හැම තැනම අරක්කු බෙදන කව්ද මේ බදුල්ලේ රාජ්‍ය ඇමැති? VIDEO

Next Post

ගෝඨා ආයෙත් යයි! මේ සැරේ හමුදාව පාලනය කරන රටකට!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.