ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් අතර විශේෂ සාකච්ජාවක් අද (01) දහවල් 12ට පැවැත්වීමට නියමිතව ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතය.
මේ සදහා එජාපය නියෝජනය කරමින් රවි කරුණානායක, අර්ජුන රණතුංග, දයා ගමගේ, රුවන් විජයවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් සහභාගී වනු ඇති බව පැවසේ.
මෙම හමුව පෙරේදා (30) දින පැවැත්වීමට නියමිතව තිබුණද නොවැළැක්විය හැකි හේතුවක් මත එම හමුව කල් දැමීමට කටයුතු කර තිබිණ.









