වෙනත් පුද්ගලයකුගේ නමට ඇති සිම්පතකින් ඇමතුම් ලබාගැනීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ත්‍රස්ත විමර්ශන ඒකකයට පැමිණෙ ලෙස තම පක්ෂයේ නියෝජිතයකුට දැනුම්දී ඇති බවත්, මෙය රජයට එරෙහිව පවතින ජනතා විරෝධය මර්දනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙනයන රහසිගත වැඩපිළිවෙළක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කරනවා.










