පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පැවැත්විය යුතු බවට අමෙරිකානු රජය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දීමක් කොට ඇති බව සති අන්ත ’මෝනින්ග්’ පුවත්පත වාර්තා කොට තිබේ.
අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ (NSC) දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා රියර් අද්මිරාල් අයිලීන් ලෝබචර් මහත්මිය හා ජනාධිපතිවරයා අතර පසුගිය සතියේදී පැවැති සාකච්ඡාවේදී මෙම දැනුම් දීම කොට ඇති බව පුවත්පත සදහන් කරයි.
ADVERTISEMENT
එමෙන්ම කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති බව පුවත්පත අනාවරණ කරයි.
මෙම හමුවට මෙරට අමෙරිකානු තානාපතිනි ජූලියා චන්ග් මහත්මියද එක්ව සිටියාය.