සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
කල්මුණේ මහාධිකරණය හමුවේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.
ADVERTISEMENT
අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සැකකාර කාන්තාව රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසටය.
එසේම අධිකරණය විසින් ඇපකරුවන්ට සහ සහරාන් හෂීම්ගේ බිරිඳට ද විදේශගතවීම තහනම් කර ඇත.