• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න අලුත්ම ගසා කෑම… තෙල් සහ ගල් අඟුරුවලින් පමණයි…

March 15, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
මෙන්න අලුත්ම ගසා කෑම… තෙල් සහ ගල් අඟුරුවලින් පමණයි…
Share on WhatsAppShare on Facebook

සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක් ඇති බව අප අසා ඇති කියමනකි. එහෙත් ලංකාවට උඩින් ඇති කළු වලාවේ නම් රිදී රේඛාවක් දැකගන්නට මේ කපේ ලැබෙන්නේ නැති වග දැන් සක්සුදක් සේ පැහැදිලිය. වත්මන් ආණ්ඩුව බිහිවනුයේ 2022 ජනතා නැඟිටීමේ ප්‍රතිඵලයක් ලෙසය. පාර්ලිමේන්තුවේ එක අසුනක් පමණක් හිමිව තිබූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ රටේ අගමැති වී ජනාධිපති වන්නේ එකී මහජන නඟිටීම විසින් ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන සහෝදර සමාගම පලවාහළ බැවිනි.

කෙසේ වෙතත් රාජපක්ෂවරු පලවා හැරීමෙන් අ‍රගලය ජයගත්තේ නැත. දූෂිත පාලකයන් පිරිසක් කොල්ලකන ලද රටක පාලනය මාරුකර නිවැරදි පීල්ලට ගැනීම මහ පාරේ සටන් කිරීමෙන් පමණක් කරගත හැකි දෙයක් නොවන බව අරගලයේ ක්‍රියාකාරීන් වටහා නොගැනීම නිසා අද වනවිට ජනතා අරමුණු දියාරු කරමින් වෙනත් ජනාධිපතිවරයෙක් සහ අගමැතිව‍රයෙක් රට පාලනය කරමින් සිටියි. එහෙත් රටේ සිදුවූ මහාපරිමාණ දූෂණ වංචා තවමත් ඒ අයුරුන්ම සිදුවෙයි. ඒවායේ ප්‍රතිලාභ ලැබූවෝ අදටත් එම ප්‍රතිලාභ නිරුපද්‍රිතව ලබමින් සිටිති. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී මාස හතඅටක් ගෙවී අවසානය. අගමැති ධුරය භාරගනිමින් ඔහු කළ ප්‍රකාශය සබෑ කරමින් මේ වන විටත් ඔහු වැල් පාලමෙන් දූෂකයෝ වංචාකරුවෝ එගොඩ කර ඇතැයි කෙනකුට සිතේ නම් එහි පුදුමයක් නැත. එහෙත් වඩාත්ම අවාසනාව වනුයේ හොරුන් එගොඩ කිරීම නොව, හොරු ලුහුබැඳ ආ ජනතාවට එගොඩ විය නොහැකි අයුරින් ආණ්ඩුව සහ ජනපති වැල් පාලම හතර අතට පද්දමින් සිටීමය.

ශ්‍රී ලංකාවේ හොරකම් ගැන කතාකරන්නට සිතන ඕනෑම කෙනකුට අපූරු ප්‍රවේශයක් විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු සංජීව ධම්මික පසුගියදා ලබාදුන්නේය. මහබැංකු වාර්තා උපුටා දක්වමින් ඔහු පවසනුයේ මුළු ශ්‍රී ලංකාවටම කන්න දෙන්නට ආණ්ඩුව වියදම් කර ඇත්තේ ඩොලර් මිලියන 500ක් වුවත්, වසරකට මෙරට සිදුවන දූෂණ වංචාවන් ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 650 ඉක්මවන බවයි. ඉන්ද නොනැවතී ඔහු පවසනුයේ ඛණිජ තෙල් ආනයනයේදී පමණක් මාසිකව සිදුවන වංචාව ඩොලර් මිලියන 248ක් බවයි. තවත් පහදා කියන්නේ නම් තෙල් ආනයනයේදී මාස දෙකකදී සිදුවන වංචාවෙන් ලංකාවටම අවුරුද්දක් කන්න දෙන්නට හැකි බවයි.

ලංකාවට තෙල් ගෙන ඒම යට කතා බොහෝය. විශේෂයෙන්ම බොරතෙල් වෙනුවට නිමිතෙල් ගෙන ඒමේදී සිදුවන වංචා ගැන පසුගිය කාලයේ නිතර කතාබහ ඇති විය. ශ්‍රී ලංකාවට නිමි ඉන්ධන ගෙන ඒම පවා තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදයකට යටත්ව කෙරුණේ නම් ඉන් රටට යම් තරමක වාසියක් ලබන්නට හැකිව තිබිණි. එහෙත් මේ වන විට මෙරටට ඛණිජ තෙල් ආනයනය කිරීම සිදුකළ ප්‍රධාන ධාරාවෙ සමාගම් හත අටක්ම ඉන් ඉවත් වී ඇත. නැතහොත් හිතාමතා ගෙවීම් පමා කිරීම සහ වෙනත් අකටයුතුකම් මගින් ඉවත්වන තැනට කටයුතු සිදුකර ඇත. මෙම තත්ත්වය නිසා මෙරටට අවශ්‍ය කරන ඉන්ධන ගෙන ඒම තනි අශ්වයාගේ තරගයක් බවට පත්වෙමින් ඇත. වර්තමානයේ එම ඒකාධිකාරිය හිමිව ඇත්තේ ‘කොරල් එනර්ජි’ නම් සමාගමටය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලියාපදිංචි කර ඇති මෙම සමාගමේ පිරිපහදුව බෙලරුස් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වේ. මෙම සමාගම ඩුබායි කේන්ද්‍ර කරගෙන ඉන්ධන වෙළෙඳාමට යොමුව ඇති අතර, මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉන්ධන සැපයුම්කරුවා බවට පත්ව සිටියි. සමාගමේ ප්‍රධානියා ලෙස පෙනීසිටිනුයේ මනිවානම් නැමැත්තෙකි. ඔහු නාමික හිමිකරුවෙක් පමණක් වන අතර, සැබෑ හිමිකරුවෝ නැති නම් එහි බහුතර කොටස් හිමියෝ තිරය පිටුපස සැඟව සිටින බව ඛණිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරති.

තෙල් ටෙන්ඩරය කොරල් එනර්ජී සමාගමටම දෙන්නට තෙල් ආනයනය කිරීමේ වගකිවයුත්තෝ කරන්නේ සැලසුම්සහගත වංචාවන්ය. ඇතැම් සැපයුම්කරුවන්ගේ නෞකා දවස් ගණන් මුහුදේ තැබීම එවන් එක් වංචනික ක්‍රියාවකි. තමන්ට හිත්වත් සමාගමට ටෙන්ඩරය දෙන්නට අනෙක් සමාගම්වලට නොයෙක් ලෙඩ දැමීම තවත් ක්‍රමයකි. සිය ව්‍යාපාරික කටයුතු සඳහා තවත් ලෝකයේ රටවල් තිබෙන බැවින් ප්‍රමුඛ සැපයුම්කාර සමාගම දැන් ලංකව දෙස බලන්නේවත් නැත. අද වන විට ලංකාවට තෙල් දෙන්නට ඉතිරිව ඇත්තේ ජාවාරම්කාර සමාගම් පමණි. මේ සමාගම් බොහෝ විට කරනුයේ සිංගප්පූරුවේ වෙන්දේසියෙන් තෙල් මිලට ගෙන ලංකාවට අලෙවි කිරීමය. එමගින් විශාල මුදලක් රටට අහිමිව යන අතර එකම ප්‍රමිතියෙන් යුත් ඉන්ධන ලබාගැනීමටද බාධා පැමිණෙයි. පසුගිය කාලයේ තත්ත්වයෙන් බාල බො‍රතෙල් ආනයනය කිරීම නිසා පිරිපහදුවට හානි පැමිණීමටද මෙම දූෂිත තෙල් ගනුදෙනු වගකිවයුතු බව ඉන්ධන ආනයනයට සම්බන්ධ වෘත්තීය සමිති චෝදනා කරයි. එහෙත් වත්මන් ජනාධිපතිවරයාට මේ වංචාවන් නතර කිරීමට තවමත් හැකිව නැත.

ගැහිලි අතර රජ ගැහිල්ල ඇත්තේ ගල් අඟුරු ආනයනයේදී බව පසුගිය කාලයෙ අනාවරණය විය. නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ අවශ්‍යතාවනට ගල් අඟුරු සැපයීමේ වගකීම ඇත්තේ ලංකා කෝල් සමාගමටය. ලංකා විදුලිබල මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ලංකා කෝල් සමාගමේ කටයුතු පිළිබඳ ලක්වැසියන් තුළ ඇත්තේ එතරම් හොඳ ආකල්පයක් නොවේ. එම සමාගම විසින් 2022 – 2025 කාලසීමාවේ භාවිතය සඳහා රුපියල් බිලියන 500ක් පමණ ඉහළ වටිනාකමකින් යුත් ගල් අඟුරු සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ විවේචන එල්ල වන්නට පටන්ගෙන තිබේ.

ලක්විජය බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ගල්අඟුරු ලබාගැනීම ක්‍රම දෙකකට සිදුවේ. වාර්ෂික ගල්අඟුරු අවශ්‍යතාවයෙන් 50%ක් දිර්ඝකාලීන ප්‍රසම්පාදනය මගින් ලබාගනීම ඉන් පළමු ක්‍රමය වෙයි. ඉතිරි 50% සපයාගෙන තිබුණේ ක්ෂණික ප්‍රසම්පාදන ක්‍රියවලිය මගිනි. ගල්අඟුරු සැපයීමේ දීර්ඝකාලීන ප්‍රසම්පාදනයේ සැපයුම්කරුවා වන SWISS SINGAPORE OVERSEAS ENTERPRISES සමාගම වන අතර, ක්ෂණික ප්‍රසම්පාදනයේ සැපයුම්කරුවා වූයේ SUEK AG සමාගමය. ලංකා කෝල් සමාගම (2022 – 2025) ඉදිරි වර්ෂ තුන සඳහා ගල්අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 4.5ක් මිලදී ගැනීමට දිගුකාලීන ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කොට තිබිණි. 2022-2023, 2023-2024 ,2024-2025 වාරයන් ආවරණය වන පරිදි පිළිවෙළින් ගල්අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 1.125ක්, 2.25ක් හා මෙට්‍රික්ටොන් මිලියන 2.25ක් මිලදී ගැනීම මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අරමුණ විය. අදාළ ප්‍රසම්පාදන කටයුත්ත අරඹා මාසයකට ආසන්න කෙටි කාලයක් තුළ ගල්අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 4.5ක් මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩරය Black Sand Commodities සමාගම වෙත ලබාදී තිබිණි. එම සමාගම ගල්අඟුරු සැපයුම්කරුවෙක් ලෙස ලියාපදිංචිව සිට නැති බව පසුව අණාවරණ විය.

ගල්අඟුරු මිලදී ගනීමේදී ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් පමණක් ලංසු කැඳවීම සිදුකළ යුතුව තිබූ නමුත්, එසේ නොකර බාහිර සමාගමකට ඩොලර් කෝටි ගණනක ටෙන්ඩරයක් ලබාදීම පිළිබඳ සොයාබැලීමේදී දැනගත හැකි වූයේ ක්ෂණික ප්‍රසම්පාදනයේ සැපයුම්කරුවා වූ SUEK AG සමාගම තම නියෝජිත ආයතනය ලෙස Black Sand Commodities සමාගම හඳුන්වා දී ඇති බවය. කෙසේ වෙතත් SUEK AG සමාගම වෙනුවෙන් Black Sand Commodities සමාගම සමග මෙම ගනුදෙනුව පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳ නීතිපතිවරයාගෙන් විමසා තිබුණද නීතිපතිවරයාගේ මතය ලැබීමට පෙර 2022 අගෝස්තු මස 25 වැනි දින අදාළ සමාගම වෙත ලංසුව ප්‍රදානය කර තිබිණි. ගල් අඟුරු සැපයීමේ ලියාපදිංචි සමාගමක් වන SUEK AG සමාගම තුළ black sand commodities සමාගම පවතින බැවින් මෙම ප්‍රසම්පාදනයේදී වෙනම ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවක් නොවන බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විගණනයට දන්වා තිබිණි. එහෙත් black sand commodities සමාගම ගල්අඟුරු සැපයීමේ ලියාපදිංචි සැපයුම්කරුවකු වන SUEK AG සමාගම යටතේ ලියාපදිංචි කළ සමාගමක් නොවන බවත්, මෙකී සමාගම් දෙක අතර ඍජු සම්බන්ධතාවක් නොවන බවත් විගණනය මගින් අනාවරණ කොට තිබිණි.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ වැඩිම සහයෝගය ලබාදුන්නේ ඉන්දියාව බව ප්‍රකට කරුණකි. එහෙත් ලංකාවේ දූෂිත ජාවාරම්කාර දේශපාලනය ඉන්දියාවද ගොනාට අන්දමින් ඉන්දු-ලංකා හොඳ හිත විනාශ කිරීමට කලක සිට කටයුතු කර ඇත. ඉන්දු – ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනික බද්දක් නොමැතිව ඉන්දියාවට මෙරට නිෂ්පාදිත ගම්මිරිස් මෙට්‍රික්ටොන් 2,500ක් අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇත. එම ප්‍රමාණය ඉක්මවන සෑම අවස්ථාවකදීම 8%ක ආනයන බද්දකට යටත් වීමට සිදුවේ. මේ කොන්දේසිය ශ්‍රී ලංකාවට බොහෝ සේ වාසිදායකය. මන්ද යත් ඉන්දියාව වියට්නාමය සහ අනෙක් රටවලින්ද ගම්මිරිස් ආනයනය කිරීමේදී 54% තරම් ඉතා ඉහළ බද්දක් අයකරන බැවිනි. සාමාන්‍ය වශයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවේ ගම්මිරිස් මෙට්‍රික්ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 6,000ක (ආසන්න වශයෙන් රුපියල් 1,058,280ක්) මුදලක් ගෙවන අතර, වියට්නාම ගම්මිරිස් සඳහා ගෙවනුයේ රුපියල් 529,141කට අසන්න මිලකි. එම මිල ශ්‍රී ලංකාවට ගෙවන මිලෙන් අ‍ර්ධයකි. එහෙත් නොමඳ දේශපාලන රැකවරණ ලබන ලංකාවේ වංචනික ව්‍යාපාරිකයෝ වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට ගම්මිරිස් ගෙනැවිත්, ඒවා මෙරට ගම්මිරිස් සමග මිශ්‍රකර ඉහළ මිලකට අඩු තීරුබදු යටතේ ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරති. මේ වංචාව නිසා ඉන්දියාවට මෙට්‍රික්ටොන් එකකින් ඩොලර් 2,700ක පාඩුවක් ලබමින් සිටියි. එහෙත් අදටත් මේ මහා වංචාවට එරෙහිව ලංකාවේ ආණ්ඩු කළ දෙයක් නැත.

ගම්මිරිස් වංචාවේ කාබන් කොපිය කරුංකා වංචාවය. ඉන්දු – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම් යටතේ ශ්‍රී ලංකාවේ නිපදවන කරුංකා බදු රහිතව ඉන්දියාවට යැවීමට ඉඩ සලසා දී තිබිණි. එය ශ්‍රී ලංකාවේ පුවක් වගාකාරුවන්ගේ ආදායම ඉහළ නංවන්නට සමත් වූ අතර, ඉන්දීය රජයේ අරමුණ වූයේද එයයි. එහෙත් 2012 වසරේ සම්මත කරගත් පනතක් මගින් විදේශයන්ගෙන් කරුංකා මෙරටට ආනයනය කිරීමට අවසර ලබාදුන් බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරූක්ෂ කුමාර පවසන්නේය. ඒ සමගම ක්‍රියත්මක වූ වංචනික ජාවාරාම්කරුවෝ ඉන්දුනීසියාව, වියට්නාමය වැනි රටවලින් කරුංකා මෙරටට ගෙනැවිත් මෙරට කරුංකා සමග මිශ්‍රකර ප්‍රතිඅපනයන කිරීමට පටන් ගත්හ. එනිසා මෙරට කරුංකා මිල ශීඝ්‍රයෙන් පහත වටුණු අතර, දේශීය පුවක් ගොවියා කබලෙන් ළිපට වැටිණි. මේ වංචනික ක්‍රියාවට ප්‍රතිචාරයක් ලෙස ඉන්දියාව මෙරටින් කරුංකා ආනයනය කිරීම අත්හිටුවා දැමුවේය.

මෙරටට එල්.පී. ගෑස් ආනයනය කිරීමද ප්‍රශ්නසහගත ක්‍රියවක් වී ඇත්තේය. ලංකාවට ගෑස් ආනයනය කිරීමේ ඒකාධිකාරිය හිමිව තිබූ ඕමාන් ටේ්‍රඩිං සමාගමේ ක්‍රියාකාරීත්වය බරපතළ අර්බුද මතුකර තිබීම පසු ගිය කාලය පුරාම වාර්තා වූ දෙයකි. පසුගිය මාර්තු මාසයේ අග ශ්‍රී ලංකාවට ගෑස් සැපයීම පිළිබඳ අලුතින් ටෙන්ඩර් කැඳවන්නට කටයුතු කරන ලදී. ඒ අනුව අදාළ ටෙන්ඩරය 2022 අප්‍රේල් 20 වැනිදා විවෘත කරන්නට යෙදිණි. එකී ටෙන්ඩරය වඩාත් තරගකාරී මිල ගණන් ඉදිරිපත් කිරීම මත ලබාගත්තේ සිංගප්පූරුව කේන්ද්‍ර කරගත් සියාම් ගෑස් සමාගමය. දශක දෙකක් ලංකාවට ගෑස් සැපයූ ඕමාන් ටේ්‍රඩිං සමාගමට මෙවර එම ටෙන්ඩරය අහිමි වී යන ලදී.

මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වසරකට මෙට්‍රික්ටොන් 280,000ක් (20% උච්චාවචනයකට යටත්ව මෙට්‍රික්ටොන් ලක්ෂ තුනක්) සැපයීමේ පදනමින් මිල ගණන් ඉදිරිපත් කර තිබුණු අතර, සියාම් ගෑස් සමාගම ගෑස් ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 96ක්ද, ඕමාන් ටේ්‍රඩිං සමාගම ගෑස් මෙට්‍රික්ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 129ක්ද ඉදිරිපත් කර තිබිණි. ( සී.අයි.එෆ්. මිල ගණන්) සමාගම් දෙකේ මිල වෙනස මෙට්‍රික්ටොන් එකකට ඩොලර් 34කි. සම්මත ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව සියාම් ගෑස් සමාගමේ මිල ගණන් කැබිනට් මණ්ඩලය පිහිටුවන ලද ප්‍රසම්පාදන මණ්ඩලය වෙත යොමුකරන ලදී. ඒ බව මුදල් අමාත්‍යාංශය සියාම් ගෑස් සමාගම වෙත අංක MF1/12/1/3/2/4/2021 දරන 4/5/2022 දිනැති ලිපිය මගින් දන්වා ඇත. ඊට අමතරව සභාපති විජිත හේරත්ගේ අස්සනින් ලිට්‍රෝ ගෑස් සමාගමද ඒ බව 3/5/2022 දින සියාම් සමාගමට දන්වා ඇත. මිල ගෙවීම පිළිබඳ සාකච්ඡාවේදී වසරක් සඳහා පූර්ණ ණයවර ලිපියක් විවෘත කරන ලෙස සියාම් සමාගම ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාව එයට එකඟ නොවූයේ ඩොලර් හිඟය නිසාය. අනතුරුව මාස දෙකකට ප්‍රමාණවත් ණයවර ලිපියක් විවෘත කිරීමට සියාම් සමාගම යෝජනා කරන ලද අතර, ශ්‍රී ලංකාවට ඩොලර් හිඟය නිසා එයටද එකඟ විය නොහැකි විය. අවසන සියාම් සමාගම ගෙවීම් කළ හැකි ක්‍රමවේදය කුමක්දැයි ශ්‍රී ලංකාවෙන්ම විමසන්නේය. නෞකාවෙන් නෞකාවට මිල ගෙවන්නට ශ්‍රී ලංකාව එකඟ වන්නේ එහිදීය. සියාම් සමාගම එම යෝජනාවටද එකඟ වන්නේය. නමුත් එහිදී ගෑස් මෙට්‍රික්ටොන් එකකට ඩොලර් 110ක මුදලක් ඔවුන් ඉල්ලා සිටින අතර, එම මිල පවා ඕමාන් සමාගමේ මිලට වඩා මෙට්‍රික්ටොන් එකකට ඩොලර් 19ක් අඩුය. එහෙත් ගිවිසුමේ සියලු කටයුතු නිමාවී තිබියදී ගනුදෙනුවේ දෙවැනි ලංසුලාභියාගෙන්, ඩොලර් 129 ගණනේ මෙට්‍රික්ටොන් ලක්ෂයක් ලබාගැනීමට තීරණය කරන්නේය. මේ කුප්‍රකට ගෑස් වංචාවේ එක් අදියරක් පමණි. මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් 2022 ජූලි 05 හෝ ආසන්න දිනයක කෝප් කමිටුවේදී ප්‍රශ්න කරන ලදී. එහි පාද සටහන්ද කැටිකොට ගෑස් වංචාව පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැකියාව ඇතත් ඔහු එසේ කරන්නෙ නැත. ඒ අනුව වංචා සහ හොරකම් කළ කිසිම කෙනකුට මේ ආණ්ඩුව ඉන්නා තෙක් බය වන්නට හේතුවක්ද නැත.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ෆවුසිගේ අල්ලස් නඩුව ජුනි 27…!

Next Post

පාස්කු බෝම්බ ගහපු සහරාන්ගේ බිරියට ඇප ලැබෙයි!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.