පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනා එල්ලවූ ගාල්ල, උණවටුන, මැටරඹ සතර මහා දේවාලය ලෙස ප්‍රකට දේවාලයේ කට්ටඩියා වන 44 හැවිරිදි කීර්ති කුමාර බටගොඩ අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කළ උසස් පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක් ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ පවසනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කට්ටඩියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 11වෙනිදා අත්අඩංගුවට ගත්තා.
සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු දකුණු පළාතේ උසස්ම පොලිස් නිලධාරීන් රැසක් සැකකරු නිදහස් කරන්නැයි පවසමින් එම නිලධාරීන්ට බලපෑම් සිදුකර ඇති බව වාර්තා වී තිබුණා.