පාතාල සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සදහා අලුතින් හදුන්වා දුන් අංක හතරකින් යුත් විශේෂ දුරකතන අංක 2ට පසුගිය සති 2 ඇතුළත පමණක් පැමිණිලි 4000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙහිදී බස්නාහිර පළාතේ පමණක් මිලියන 4000ක් වටිනා ඉඩම් නීතිවිරෝධී ලෙස අත්පත් කර ගැනීම්, කාර් 12ක්, ත්‍රිරෝද 7ක් සහ යතුරුපැදි 7ක් නීතිවිරෝධී ආකාරයට මිලදී ගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇති බවද දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී පාතාල සාමාජිකයන් රැසක් අත්අඩංගුවට ගැනීමටත්, නීතිවිරෝධී කටයුතුවලින් උපයාගත් දේපොළ රැසක් රාජසන්තක කිරීමටත් පොලිසියට හැකිවී ඇති බවද පොලිස් ආංරචි මාර්ග සදහන් කරයි.
පාතාල සාමාජිකයන්ගේ නීති විරෝධී කටයුතු, දේපොළ අත්පත් කරගැනීම් සහ කුඩු විකිණීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට 1917 සහ කුඩු ජාවාරම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට 1997 අංකය පොලිසිය විසින් හදුන්වා දී තිබිණ.