එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීම අරමුණු කරගෙන එම පක්ෂයේ ජ‌්‍යෙෂ්ඨයන් රැසක් මේ වනවිට මහනායක හිමිවරුන් හමුවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ඒ අනුව ඉකුත් දින කිහිපය පුරා එජාප නායකත්ව සටනේ ඉහළින්ම සිටි පුද්ගලයන් වන කරු ජයසූරිය, වජිර අබේවර්ධන, රුවන් විජයවර්ධන යන මහත්වරුන් මල්වතු-අස්ගිරි උභය විහාරීය මහනායක හිමිවරුන් මුණගැසී ඒ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණ.
එහිදී මේ තිදෙනාම මහනායක හිමිවරුන්ට සදහන් කර තිබුණේ තමන් එජාප නායකත්වයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවත්, තමන්ගේ නායකත්වය යටතේ පක්ෂය ගොඩනැගීමට සූදානම් බවත්ය.
මීට අමතරව ඉකුත් දිනෙක අර්ජුණ රණතුංග මහතාද ප්‍රකාශ කර සිටියේ තමන්ද එජාප නායකත්ව සටනට ඉදිරිපත් වන බවකි.