ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වැනි සම්මේලනය වෙනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන ඇත.
එහිදී චන්ද්‍රිකා මැතිනිය පෙන්වා දී ඇත්තේ 2015 තමන් ඇතුළු දැවැන්ත කණ්ඩායමක් විසින් බලයට ගෙන ඒමට කටයුතු කළ සිරිසේන මහතා සුලු පිරිසක් සමග එක්ව පක්ෂය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට පියවර ගත් බවකි.
කෙසේවෙතත් ශ්‍රීලනිප මහා වෘක්ෂයේ මැදින් කපා දැමුවද තවමත් එහි මුල් පද්ධතිය හොද බවත්, ඉදිරියේදී තරුණ පිරිසක් සමග එක්ව මේ පක්ෂය යළි ගොඩනැගීමට තමන් පියවර ගන්නා බවත් හිටපු ජනාධිපතිනිය මෙහිදී ප්‍රකාශ කර සිටියාය.