ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06කට සහ පුද්ගලයින් 316 දෙනෙකුට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය මගින්.
එලෙස තහනම ඉවත් කර ඇති ජාත්‍යන්තර දෙමළ සංවිධාන වන්නේ ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිළ කොංග්‍රසය සහ බ්‍රිතාන්‍යය දමිළ සංසදය නම් සංවිධානයි.
තවදුරටත් ශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන ලෙස සංවිධාන 15 ක් හා පුද්ගලයින් 316 ක් නම් කර අසාධු ලේඛණගත කර තිබෙනවා.
අසාධු ලේඛණයට තවත් සංවිධාන 03 ක් ද එක් කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.
ඒ අනුව දාරුල් අදර් හෙවත් ජමිඋල් අදර්, මොස්ක් හෙවත් ධාරුල් අදර් කුරාන් මද්‍රාසා හෙවත් දාරුල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය හෙවත් ජමියා සහ සේව් ද පර්ල්ස් හෙවත් සේව් ද පර්ල් සමාජය එලෙස අසාධු ලේඛණගත කර තිබෙනවා.