හදිසියේම අභාවප්‍රාප්ත වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග වැදීම සඳහා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා නම් කිරීමට පියවර ගෙන ඇත.
අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය මෙම තීන්දුව ගෙන තිබේ.
ඒ අනුව එළැඹෙන මහ මැතිවරණයේදී ජීවන් තොණ්ඩමන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් නුවරළියෙන් තරග කිරීමට නියමිතය.










