ආරුමුගම් තොණ්ඩමන් මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ පස්වරුවේ සිදුවූ අවසන් සාකච්ජාවේදී කතාබහට ලක්වූ කරුණු අද (27) දිනයේදී පැවැති කැබිනට් මණ්ඩලයට අගමැතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව වතුකරයේ ජනතාවෙග් නිවාස ප්‍රශ්න විසදීම, සෞඛ්‍ය ගැටලු විසදීම, පාසල් සංවර්ධනය, යටිතල පහසුකම් දියුණු කිරීම ආදිය සම්බන්ධයෙන්ජ වූ යෝජනාවලියක් තොණ්ඩමන් මහතා විසින් අගමැතිවරයා වෙත ලබා දී තිබේ.
තොණ්ඩමන් මහතා ලබා දුන් එම යෝජනාවලිය අගමැතිවරයා විසින් අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබද සාකච්ජා කිරීමටට අමාත්‍යවරුන් කටයුතු කොට ඇත.










