• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවත් කැබිනට් සංශෝධනයක්! ආණ්ඩුව ඇතුළේ තවත් පිපිරීමක්! සජිත් හදිසියේම නීතීඥවරුන් කැඳවයි! ලියුම් 80කුත් ලියයි! ජනාධිපති අස්සන් කළ රහස් කැබිනට් පත්‍රිකාව එළියට දැම්මේ ෆර්ඩිනැන්ඩෝද? අනුර සජිත්ට දුන් පණිවුඩය! බැසිල් ආයෙමත් එළියට ඇවිත් වැඩ පටන් ගනී! (රාජ්‍ය රහස්) EXCLUSIVE

July 3, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 14 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

මහින්දානන්දට ෆර්ඩිනැන්ඩෝගෙන් කන පැලෙන උත්තරයක්!

ඉන්දියාවෙන් ඉවරයි! ජපානය අහක බලයි!

අරගලයෙන් වෙච්ච දේවල්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ ‘ගෝඨා ගෝ ගම’ උද්ඝෝෂණ ව්‍යාපාරය මේ වන විට දින 100ට ආසන්න වෙමින් තිබේ. මෙම උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස එක් අවස්ථාවක තුනෙන් දෙකක බලයක් සහිතව අගමැති පුටුවේ අසුන්ගෙන සිටි මහින්ද රාජපක්ෂ මහතා හට ධුරයෙන් ඉවත් වී ගෙදර යෑමට සිදුවිය. කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදුවිය. රාජපක්ෂවරුන්ට දේශපාලනය කළ නොහැකි තැනට පත්විය. අඩුම තරමින් ඔවුන්ට එළියටවත් බසින්නට නොහැකි වාතාවරණයක් උදාවී තිබුණු අතර දින ගණනාවක් ගතවන තුරු ඔවුන් සිටින ඉසව්වක් හෝ සොයාගැනීමට කිසිවකුටත් නොහැකි විය. ජනාධිපතිවරයාද ජනපති මැදුරට කොටුවූ අතර පිටස්තර කිසිවකුට හෝ ජනපති මැදුර දෙසට ඇතුළු වීමට නොහැකි ලෙස හමුදාව සහ යකඩ බට යොදා මුරකාවල් යෙදිණි. බොහෝ දෙනා සිතා සිටියේ ඉතා ඉක්මනින් ජනාධිපතිවරයාටද තනතුරෙන් ඉවත් වී ගෙදර යෑමට සිදුවනු ඇතැයි කියාය.

රනිල් බෙල්ල දී රාජපක්ෂවරුන්ගේ තැල්ල බේරලා දෙයි!

නමුත් තත්ත්වය සම්පූර්ණයෙන්ම පාහේ කනපිට පෙරළී ගියේ රනිල් වික්‍රමසිංහ මහතා කොහේදෝ සිට පැමිණ අගමැති ධුරය භාරගැනීමත් සමගය. ඒ වන විටත් ප්‍රධාන විපක්ෂය වූ සමගි ජනබලවේගය විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සමග පමණක් නොව ආණ්ඩුවේ සිට ස්වාධීන වූ දේශපාලන කණ්ඩායම් සමගද සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කොට තිබිණි. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වී තිබුණේ රටේ ජනතාව ඉල්ලන පරිදි ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් වන දිනය නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීමත්, ජනාධිපති බලතල පාර්ලිමේන්තුවට පැවරීමත්ය. නමුත් රට නැවතත් යම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවකට යොමු කරගැනීමට තිබූ අවස්ථාව රනිල්ගේ ආගමනයත් සමග සම්පූර්ණයෙන්ම ඇණහිටියේය. ඒ හේතුවෙන්ම රටත්, රටේ දේශපාලන වාතාවරණයත් මේ තත්ත්වය යටතේ ඉතා තීරණාත්මක තැනකට ගමන් කරමින් සිටින බව මේ වන විට සිදුවන සිදුවීම්වලින් දැකගන්නට පුළුවන.

රටම හිර කරන්න ආණ්ඩුව ගත් තීන්දුව!

රනිල් අගමැති වීම හරහා ප්‍රගතිශීලී දේශපාලන ප්‍රතිසංස්කරණයන් සියල්ල අඩපණ වුවද යම් සාධනීය සිදුවීම්ද සිදු නොවුණා නොවේ. ඉන් එකක් වී ඇත්තේ විපක්ෂය දේශපාලන වශයෙන් සන්ධානගත වීමේ වැඩපිළිවෙළකට ඒ හරහා පාර කැපීමය. විවිධ අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුණු අතර සියලු පාර්ශ්වවලින් ඒ සඳහා යම් කොළ එළියක් දැල්වී තිබීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය. එම සාකච්ඡා තරමක් මන්දගාමී වුවද නිශ්චිත අවසානයක් කරා ළඟා විය හැකි මට්ටමක තිබූ බව සියලු දෙනාගේම අදහස වී තිබිණි.
කෙසේ වෙතත් මන්දගාමීව පැවැති මෙම සන්ධානගත වීම ශීඝ්‍රගාමී කරන සිදුවීමක් පසුගිය සතියේ සිදුවිය. ඒ, ආණ්ඩුව හිටිහැටියේ පෞද්ගලික අංශයට ඉන්ධන ලබා නොදීමට ගත් තීන්දුවය. එම තීන්දුවෙන් පෞද්ගලික අංශයේ ව්‍යාපාර පමණක් නොව රාජ්‍ය අංශයද රටේ පාසල් පද්ධතියද හිටි හැටියේම අක්‍රීය වීමක් සිදුවූ බැවින් සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත් තීන්දු කළේ නිහඬව නොසිට ආණ්ඩුවට එරෙහිව රට පුරා උද්ඝෝෂණ දියත් කිරීමටය.

විපක්ෂය එක් වෙයි! අනුර ආරම්භය දෙයි!

ඒ සඳහා ආරම්භය ලබාදුන්නේ ජවිපෙන්ය. ඔවුන් පසුගිය සතිය ආරම්භයේ සිටම රට පුරා විවිධ දිස්ත්‍රික්කවල ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර රැසක්ම සංවිධාන කිරීමට පියවර ගෙන තිබිණි. එහි එක්තරා තීරණාත්මක තැනකදී අනුර සඳහන් කර සිටියේ වත්මන් දුර්දාන්ත පාලනය නිමා කිරීම සඳහා පක්ෂ පාට භේදයෙන් තොරව සියලු පක්ෂ එකමුතු විය යුතු යැයි කියාය. එසේ එකතුව සියලු දෙනා පාරට බැසිය යුතු බවත්, එම දිනය අප විසින් නුදුරේදීම තීන්දු කරන බවත් අනුර එහිදී අවධාරණය කර සිටියේය. මෙම සටන අවසන් කරන්නේ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් පලවා හැර බව මෙහිදී කියා සිටි අනුර, ඉන් අනතුරුව අප සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බවත්, මාස හයක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා රට තුළ මතුව ඇති දේශපාලන අස්ථාවරත්වය අවසන් කරන බවත් හෙතෙම කියා සිටියේය.

සජිතුත් ප්‍රතිචාර දක්වයි!

අනුර විසින් මෙම ප්‍රකාශය සිදු කිරීමත් සමග ඉකුත් අඟහරුවාදා දිනයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම රැස්කිරීමට සජිත් වහා පියවර ගත්තේය. එහිදී විපක්ෂය එකමුතු කරන වැඩපිළිවෙළ වහාම ආරම්භ කළ යුතු බව තීන්දු කළ සජිත් ඉදිරි දින 6 ඇතුළත විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව පක්ෂයට දැනුම් දී සිටියේය. ලංකාවේ ලියාපදිංචි ඇතැම් දේශපාලන පක්ෂවල සිටිනුයේ එක් මන්ත්‍රීවරයකු පමණක්ද, නොඑසේ නම් ඊට මන්ත්‍රී නියෝජනයක් නොතිබුණද ඒ සියලු පාර්ශ්ව කැඳවා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත සංවිධානයක් ගොඩනැගීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව සජිත් දැනුම්දී සිටියේය.

රාජපක්ෂලයි වික්‍රමසිංහලයි බෑ! අනෙක් 80ට පුලුවන්!

කෙසේ වෙතත් මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තවත් එක් විශේෂ සිදුවීමක්ද ප්‍රකාශයට පත් කෙරිණි. ඒ, මොනම අයුරකින් හෝ ආණ්ඩු බලය හොබවන පොහොට්ටු පක්ෂය සමග හෝ එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා නොකිරීමටය. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය හමුවී ප්‍රධාන විපක්ෂය ලෙස දැවැන්ත දේශපාලන පෙරමුණක් බිහිකිරීමටද එම රැස්වීමේදී සමගි ජන බලවේගය තීන්දු කළේය. ඒ අනුව ලියාපදිංචි දේශපාලන පක්ෂ 82න් පොහොට්ටුව සහ එජාපය හැර අනෙක් පක්ෂ 80ටම සාකච්ජා සඳහා ආරාධනා කරමින් ලිපි යොමු කිරීමට තීන්දු විය.

එකතුවෙන්න 22 මාතෘකාවක් වෙයි!

ළඟදීම බිහිවීමට නියමිත විපක්ෂයේ මෙම පුළුල් දේශපාලන සන්ධානයට පසුගිය සතියේ ආණ්ඩුව ඇතුළේ සිදුවූ තවත් විශේෂ සිදුවීමක් විශේෂ උත්තේජනයක් සැපයීය. ඒ, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයය. බොහෝ දෙනා මෙන්ම මාධ්‍යද මෙම සංශෝධනය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස හඳුන්වා දුන්නද අප ඉකුත් සතියේ මෙම තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් සිදුකරමින් එය 21 වැනි සංශෝධනය නොව, 22 වැනි සංශෝධනය බව සඳහන් කර සිටියෙමු. 21 වැනි සංශෝධනය යනු සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත බවද අපි එහිදී පෙන්වා දුන්නෙමු. එම 21 වැනි සංශෝධනයෙන් සජබය විධායකයේ බලතල විශාල වශයෙන් සීමා කොට පාර්ලිමේන්තුවට එම බලතල පැවරීමට සැලසුම් කර ඇති බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.

විජේදාස කනපිට ගහයි!

නමුත් විජයදාස ගෙනා 22 වැනි සංශෝධනය එවැන්නක් හෝ එළියේ අරගල කරන තරුණයන් විසින් ඉල්ලා සිටින ආකාරයේ ප්‍රතිසංස්කරණයක් නොව ජනාධිපතිවරයාගේ බලතල තවදුරටත් තබාගන්නා ආකාරයේ එකක් වීම විශේෂය. මෙහිදී අගමැතිවරයා අවශ්‍ය අවස්ථාවක තනතුරෙන් ඉවත් කිරීම, අමාත්‍යාංශ පවරා ගැනීම, ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දැරීමේ හැකියාව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආදිය තවදුරටත් ජනාධිපතිවරයා සන්තකයේ තැබීමට විජයදාස ඇතුළු කණ්ඩායම පියවර ගෙන තිබීමද විශේෂිතය.

ජනාධිපතිට තවත් බලය දෙයි!

නමුත් විජයදාස මුලින් ඉදිරිපත් කර තිබූ 21 වැනි සංශෝධනයේ සඳහන්ව තිබුණේ මෙවැනි යෝජනා නොවේ. එහි සඳහන්ව තිබුණේ ජනාධිපතිවරයාගේ බලතල සම්පූර්ණයෙන්ම ඉවත් කොට පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ යෝජනාවකි. එහෙත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කැබිනට් මණ්ඩලයේදී ඊට එක්වූ මෙම සංශෝධන සියල්ල සම්මත කිරීමට අවසානයේදී විජයදාස ඇතුළු කැබිනට් මණ්ඩලය කටයුත කොට ඇත. ඒ හරහා ස්වාධීනව සිටියදී කුමන කරුණක් කීවද, කුමන ලියවිල්ලක් ඉදිරිපත් කළද අමාත්‍ය ධුර ගෙන ආණ්ඩුවට එක්වූ සැණින් විජයදාස ඇතුළු මෙම කණ්ඩායම ජනාධිපතිවරයා ඉදිරියේ දණ නමා ඇති බව පැහැදිලිය.

හරීන් කියපු දේවලා වුණාද?

අනෙක් අතට මීට සති දෙකකට ඉහතදී පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වීමත් සමග එංගලන්තයට ගොස් සිටි හරීන් ප්‍රනාන්දු මහතා එංගලන්තයේ සිටම ට්විටර් පණිවුඩයක් තබමින් මහත් උජාරුවෙන් යුතුව සඳහන් කොට තිබුණේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කැබිනට්ටුවේදී සම්මත වූවා යැයි කියාය. කිසිදු වගවිභාගයකින් තොරව රටේ සියලු මාධ්‍යද හරීන් එංගලන්තයේ සිට තැබූ මෙම ට්විටර් සටහන පෙන්වමින් මහා ලොකුවට කියා සිටියේ කැබිනට්ටුව 21 සම්මත කළා යැයි කියාය. නමුත් එය සම්පූර්ණ අසත්‍යයක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. හරීන් පමණක් නොව මෙරට මාධ්‍යද කළේ ජනතාව අමුඅමුවේ මුළාවේ දැමීමකි. ඇත්තටම එම සංශෝධනය හරීන් කී ආකාරයට 21 සම්මත වූයේ නැත. ඊට ඉදිරිපත් වූ සංශෝධනයෙන් ගත යුත්තකට තිබුණේ ස්වාධීන කොමිෂන් සභා යළි පිහිටුවීම පමණි. නමුත් එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා පැහැදිලිව කියා සිටියේ තමන් තවත් සංශෝධනයක් ලබන සතියේදී ඊට එකතු කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් අනතුරුව එය ලබන සතියේදී සම්මත කළ හැකි බවත්ය. ජනාධිපතිවරයා එසේ කියා සිටියද තමන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සංශෝධනයේ ඇතුළත් කරුණු පිළිබඳ කිසිවක් ඒ අවස්ථාවේ සඳහන් නොකිරීමට ප්‍රවේසම් වී තිබිණ.

ගෝඨා තවත් බලය ඉල්ලයි! කැබිනට්ටුවම අත උස්සයි!

කී ආකාරයටම ජනාධිපතිවරයා ඉකුත් සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට සිය සංශෝධනය ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. එම සංශෝධනයේ සඳහන්ව තිබුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නිර්මාණය කොට තිබූ ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත්කිරීමේදී අගමැතිවරයාට සහ විපක්ෂ නායකවරයාට ඇති වැඩි බලතල ඉවත් කොට එම වැඩ බලයද ජනාධිපතිවරයා සතු විය යුතු බවයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට පැවතුණද, ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම සංශෝධනයෙන් එම වැඩි බලතල ජනාධිපතිවරයාට පවරා දීමට යෝජනා කොට තිබිණි. ජනාධිපතිවරයා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරද්දී කියා ඇත්තේ තමන් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා පත්කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් සකස් කර ඇති කෙටුම්පතේද මෙම වගන්තිය අඩංගුව ඇතැයි කියාය. ඒ අනුව පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සම්මත වූයේ ජනාධිපතිවරයා විසින් මෙම සංශෝධනයද ඇතුළත් කළ 22වන සංශෝධනයය. ඒ අනුව ඉකුත් සඳුදා සම්මත වූයේ විධායක බලය අඩු කළ එකක් නොව විධායක බලය ශක්තිමත් කළ 20 වැනි සංශෝධනයේ තවත් දිගුවක් මිස අන් කිසිවක් නොවේ.

සජිත්ගෙන් නීතීඥ මණ්ඩලයක්!

කෙසේ වෙතත් සතිය මුලදීම සමගි ජන බලවේගයටද මෙම 22 වැනි සංශෝධන කෙටුම්පතේ පිටපතක් ලැබී තිබිණි. ඒ, ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරයකු හරහාය. ඒ අනුව අදාළ පිටපත සියතට ගත් සජිත් වහාම කළේ සජබ නීතිඥ කණ්ඩායම කැඳවා එහි තිබෙන කරුණු සම්බන්ධයෙන් වගන්තියක් වගන්තියක් පාසා අධ්‍යයනය කරන ලෙසට දැනුම් දීමය. එම දැනුම්දීමට අනුව නීතිඥ කණ්ඩායම දිවා රෑ නොබලා මෙම කෙටුම්පත අධ්‍යයනය කොට සජිත්ට දැනුම්දී ඇත්තේ මෙය තවදුරටත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කරන යෝජනාවක් නොව, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කරන යෝජනා ඇතුළත් ලියවිල්ලක් බවටය. එම නිසා ඉදිරි දින කිහිපය ඇතුළත සජබ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා විජයදාසගේ 22 වැනි සංශෝධනයට එරෙහිව නිල වශයෙන් සිය මතය ප්‍රකාශ කිරීමටද තීන්දු කොට ඇත.

සුමන්තිරනුත් විරුද්ධ වෙයි!

මෙහිදී තීරණාත්මකම ප්‍රකාශය නිකුත් වූයේ දෙමළ ජාතික සන්ධානයෙනි. සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී 22 වැනි සංශෝධනය සම්මත වූ බවට පුවත පළවීමෙන් පසු දින සුමන්තිරන් ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ 22 වැනි සංශෝධනය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලය තහවුරු වන බවත්, එය ජනමතයට පිටින් ගිය, ජනමතයට පටහැනි එකක් බවත්ය. එම නිසා රටම එකතු වී මෙම සංශෝධනය පරාජයට පත් කළ යුතු බවද සුමන්තිරන් එහිදී කියා තිබිණි.

ජවිපෙ මොනවා කරයිද?

මේ ආකාරයට සමගි ජන බලවේගයත්, දෙමළ ජාතික සන්ධානයත් 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය නොනිල වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබුණත් ජනතා විමුක්ති පෙරමුණ තවමත් සිය මතය ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට පියවර ගෙන නොමැත. නමුත් ජවිපෙ නියත වශයෙන්ම ඊට එරෙහිව සිය මතය සහ ස්ථාවරය ඉදිරි දින කිහිපය ඇතුළත රට හමුවේ තබනු ඇත. ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත 22ට එරෙහිව සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත් එක් සන්ධානයක් ලෙස ගොඩනැගෙන ලකුණු මේ වන විටත් පහළ කොට අවසානය.

ෆර්ඩිනැන්ඩෝගේ හෙළිදරව්ව!

කෝප් කමිටුව හමුවේ ලංවිම හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්වෙන් පසු ඔහුට සිය තනතුරට ආයුබෝවන් කීමට සිදුවුණා පමණක් නොව, ඉන්දියාව සහ ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක්ද මතුවූ බවක් දැකගත හැකි විය. පසුව ෆර්ඩිනැන්ඩු තමන් කළ ප්‍රකාශය තුළ තිබූ එක් කොටසක් ඉවත් කරගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කොට තිබිණි. ඒ අනුව නැවත වතාවක් ෆර්ඩිනැන්ඩුව කෝප් කමිටුව හමුවට කැඳවීමට එම කමිටුව පියවර ගත්තේය. එහිදී ෆර්ඩිනැන්ඩු ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනකුගේම නම්ගම් සඳහන් කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදුකිරීමට පියවර ගෙන තිබූ අතර, එහි ආන්දෝලනාත්මක බව නිසාම කෝප් කමිටු සභාපතිවරයා තීරණය කොට තිබුණේ වෙනදා මෙන් අදාළ වීඩියෝ පටය විiුත් මාධ්‍යයට නිකුත් නොකිරීමටත්, නිවේදනයක් පමණක් ඒ සම්බන්ධයෙන් නිකුත් කිරීමටත්ය. නමුත් ඒ වන විටත් ඇතැම් වෙබ් අඩවිවල වාර්තා කොට තිබුණේ ෆර්ඩිනැන්ඩු විසින් නාමල් රාජපක්ෂගේ නම සඳහන් කොට ඇති බවත්, පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට තීන්දු තීරණ ගත් සාකච්ඡාවල නාමල් අසුන් ගෙන සිටි බවත්, ඊට අදාළ ලිපි සියල්ලක්ම නාමල්ට පිටපත් කොට තිබූ බවත් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබූ බවකි. මේ හේතුවෙන් නාමල් පමණක් නොව, ජනාධිපතිවරයාටද විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වන ආකාරයක් දැකගත හැකි විය.

කෙසේ වෙතත් මේ ආකාරයට චරිත හේරත් විසින් ෆර්ඩිනැන්ඩුගේ වීඩියෝව මාධ්‍යයට නිකුත් නොකිරීමට ගත් තීරණයට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ දැඩි විරෝධයක් පළ කළ අතර, ඔවුන් අවධාරණය කොට තිබුණේ කිසිදු සංස්කරණයකින් තොරව අදාළ වීඩියෝ පටය මාධ්‍ය වෙත ලබාදිය යුතු යැයි කියාය. එසේ වීඩියෝ පටය සැඟවීමේ කිසිදු අයිතියක් කෝප් කමිටුවට නොමැති බවත්, සඟවන්නේ නම් එය තුළ හොරකමක් පවතින බවත් එහිදී විපක්ෂය අවධාරණය කර සිටියේය.

වීඩියෝව නිකුත් වෙයි! මහින්දානන්ද ජනාධිපතිව බේරන්න ට්‍රයි කරයි!

මේ එල්ලවූ දැඩි විරෝධය සහ බලපෑම සමග අවසානයේදී කෝප් කමිටු සභාපති චරිතද තීන්දු කළේ වීඩියෝ පටය කිසිදු සංස්කරණයකින් තොරව මාධ්‍ය වෙත නිකුත් කිරීමටය. ඒ අනුව පසුගිය සඳුදා දිනයේදී අදාළ වීඩියෝ පටය මාධ්‍යයට නිකුත් කෙරුණු අතර එහිදී පැහැදිලිවම දේශපාලනඥයන් කිහිප දෙනකුගේ නම් ප්‍රකාශ වන ආකාරය දැකගත හැකි විය. මෙම වීඩියෝ පටය නැරඹීමේදී දැකගත හැකි වූ විශේෂ කරුණක් වන්නේ ඊට සහභාගි වී සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ජනාධිපතිවරයාට එල්ල වන චෝදනාවලින් ජනාධිපතිවරයා ගලවා ගැනීමේ විශාල මෙහෙයුමක නිරත වන ආකාරයය. එමෙන්ම මහින්දානන්ද එහිදී ජනාධිපතිවරයා බේරා ෆර්ඩිනැන්ඩුව බිත්තියට හේත්තු කරන ආකාරයටම ප්‍රශ්න කළ ආකාරයක්ද දැකගත හැකි විය.

ෆර්ඩිනැන්ඩෝගෙන් මහින්දානන්දට කන කිස් කන උත්තරයක්!

කෙසේ වෙතත් එහි හොඳම සිදුවීම දැකගන්නට ලැබුණේ කෝප් කමිටු රැස්වීම නිමා වීමෙන් අනතුරුවය. මහින්දානන්ද පලපුරුදු දේශපාලකයකු මෙන්ම ෆර්ඩිනැන්ඩුද ඉතා පලපුරුදු රාජ්‍ය නිලධාරියෙකි. මහින්දානන්දලා ආණ්ඩුවල සිට විපක්ෂයටත්, විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයටත් යන එන අතරවාරයේ ෆර්ඩිනැන්ඩුලා දිගටම රාජ්‍ය සේවයේ නිරතව සිටියවුන්ය. එම නිසා රාජ්‍ය සේවයේ දිග පළල ෆර්ඩිනැන්ඩුලා හොඳින් දනී. මේ හේතුවෙන්දෝ කෝප් රැස්වීම නිමාවී පිටතට යන අතරවාරයේ ෆර්ඩිනැන්ඩු මහින්දානන්දට යම් කතාවක් සඳහන් කොට ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. එය යම් කතාවකට වඩා කිසියම් අනතුරු ඇඟවීමක් බව පෙනී යන්නේ එම ප්‍රකාශයෙන් අනතුරුව මහින්දානන්ගේ මුහුණේ ඉරියව් වෙනස් වී යෑම හරහාය. එහිදී මහින්දානන්ද සිනාසෙමින් ෆර්ඩිනැන්ඩු අසලට පැමිණි විට ඔහු කියා ඇත්තේ, ‘ඕනෑවට වඩා මාව බිත්තියට හේත්තු කරන්න ලෑස්ති වෙන්න එපා. තව ගොඩක් දේවල් එළියට එන්න තියෙනවා…’ යැයි කියාය.

එළියට ආ කැබිනට් පත්‍රිකාව කාගේද?

ෆර්ඩිනැන්ඩු මේ ආකාරයට අනතුරු ඇඟවීමක් කොට දින කිහිපයක් ඉක්ම යෑමත් සමග නමක් ගමක් නොමැතිව, කිසිදු මූලාශ්‍රයක් නොමැතිව එක්තරා විශේෂ කැබිනට් පත්‍රිකාවක් මාධ්‍ය වෙත නිකුත් විය. එම කැබිනට් පත්‍රිකාව යොමුකොට තිබුණේ විදුලි ව්‍යාපෘතියක් සම්බන්ධයෙනි. ඊට ජනාධිපතිවරයා සිය අස්සන යොදා තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අනුව බොහෝ දෙනා සැක පළකොට සිටියේ මෙම කැබිනට් පත්‍රිකාව සහ මීට පෙර ෆර්ඩිනැන්ඩෝ විසින් කළ අනතුරු ඇඟවීම අතර කිසියම් සම්බන්ධයක් ඇතිදැයි කියාය.

ඉන්දියාව ආධාර නවත්වයි!

ඒ කොයි හැටි වෙතත් කෝප් කමිටුවේදී එළියට ආ අදානි සමාගමේ අර්බූදයෙන් පසු මේ වන විට ඉන්දියාව ලංකාවට සිදුකරමින් තිබූ ආධාර උපකාර බොහොමයක් අත්හිටුවීමට පියවර ගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය සතියේ ඉන්දියාවේ ඉහළම පෙළේ දූත පිරිසක් ලංකාවට පැමිණ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් නම් කියැවුණේ එය අතිසාර්ථක සාකච්ඡාවකැයි කියාය. එහිදී ඉන්දියාව ලංකාවට ආධාර කිරීමට එකඟ වූ බවද කියැවිණි. නමුත් ‘රාජ්‍ය රහස්’ තීරයට ලැබී ඇති ආරංචිවලින් නම් කියැවෙන්නේ මෙම සාකච්ඡාවලදී තවත් ආධාර කළ නොහැකි බව ඉන්දීය පාර්ශ්වයෙන් ආණ්ඩුවට දැනුම්දී ඇති බවකි. ආධාර වෙනුවට ඔවුන් ආණ්ඩුවට ව්‍යාපෘති ඉදිරිපත් කරන ලෙසත්, එම ව්‍යාපෘති සඳහා මුදල් ලබාදීමට සලකා බැලිය හැකි බවත් දැනුම් දී ඇති බවද ආරංචිය. ඉන්දියාවෙන් එවැනි යෝජනාවක් ලංකාව වෙත ඉදිරිපත් කර ඇත්තේ පළමු වතාවටය. එමෙන්ම ඉන්දියාවටද මේ වන විට රුසියාවෙන් අඩු මිලට තෙල් ලබාගත නොහැකි තත්ත්වයක් මතුව ඇති බව එහිදී සඳහන් කොට ඇති බවද ආරංචිය. මීට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ පසුගිය සතියේදී නේටෝ සංවිධානය ප්‍රංශයේ මැඩ්රිඩ් නුවර රැස්වීමක් පවත්වා ඇති බවත්, එහිදී රුසියාවට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් දැඩිව සාකච්ඡා වී ඇති බවත්ය. මෙම රැස්වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ද සහභාගි වී සිටි අතර, දෙදෙනා අතර සුහද සාකච්ඡාවක්ද එහිදී සිදුව ඇති බව ආරංචිය.

බැසිල් යළි වැඩට බහී!

ඉකුත් සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළාත් පාලන මැතිවරණයට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා විසින් පොහොට්ටුවේ නියෝජිතයන්ට දැනුම් දුන් බවක් වාර්තා කළෙමු. එම රැස්වීමේදී පළාත් පාලන ඡන්දය තවදුරටත් කල්දැමිය නොහැකි බවත්, කුමන තත්ත්වයක් යටතේ හෝ එය පැවැත්විය යුතු බවත් පවසා ඇති ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් ගමට ගොස් ඊට සූදානම් වන ලෙස දැනුම් දීමක් කර ඇති බවද අපි එහිදී සඳහන් කළෙමු. මෙම අනාවරණයත් සමගින්දෝ පසුගිය කාලසීමාව පුරාම කිසියම් නිහඬ බවක තිබුණු බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලය හිටි හැටියේම කාර්යබහුල තැනක් බවට පත්ව ඇති ආකාරයක් පසුගිය සතියේ දැකගන්නට ලැබිණ. ඒ අනුව පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා මෙන්ම මහ මොළකරුවා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා දිනපතාම පාහේ පොහොට්ටු කාර්යාලයට පැමිණ පක්ෂයට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල පිරිස් සහ සංවිධාන සාකච්ඡාවන් සඳහා කැඳවමින් සිටින බවක් දැකගන්නට තිබේ. වරෙක ගොවි සංවිධාන, ධීවර සංවිධාන, ගුරු සංවිධාන, නීතිඥ සංවිධාන ආදිය සාකච්ඡා සඳහා කැඳවා තිබූ බැසිල් කට්ටඬිවරුන්ගේ සහ කපුමහත්වරුන්ගේ සංවිධානද සාකච්ඡා සඳහා කැඳවීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව බැසිල්ද මේ වන විට පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට ගෙන පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කොට ඇති බවක් දැකගන්නට තිබේ.
මේ අතරවාරයේ පසුගිය සතියේ හිටපු රාජ්‍ය ඇමැතිවරුන් රැසක්ද ජනාධිපතිවරයා මුණගැසී සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ තමන්ට කිසිදු බලයක් නොමැතිව යළිත් ගමට යා නොහැකි බවත්, හැකි ඉක්මනින් නැවත රාජ්‍ය ඇමැති ධුර ලබාදෙන ලෙසත්ය. ඒ අනුව වහාම සිය ලේකම්වරයා වූ ගාමිණී සෙනරත් හට කතා කළ ජනාධිපතිවරයා ඊට අදාළ වැඩකටයුතු සියල්ල සූදානම් කරන ලෙස දැනුම් දී සිටියේය.

ඇමැති සංශෝධනයක් අත ළග!

කෙසේවෙතත් අපද මේ ආකාරයට රාජ්‍ය අමාත්‍ය ධුර පත්කිරීම කල්දැමීමට හේතු වූ කරුණු මොනවාද යන්න සොයා බැලීමට පියවර ගත්තෙමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ ආණ්ඩුව ඇතුළේ අගමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා අතර මතුව තිබූ කඹ ඇදිල්ල සමතයකට පත්කර ගන්නා තෙක් රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම පස්සට දැමීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබූ බවකි. මේ වන විට අගමැතිවරයාගේ විරෝධය නොතකා ජනාධිපතිවරයා, මහ බැංකු අධිපතිවරයාගේ නිල කාලය තවත් වසර හයකින් දීර්ඝ කිරීමට තීන්දු කිරීමත් සමග රනිල්ද අඩියක් පසුපසට ගෙන ඊට අදාළ ලිපියට සිය අස්සන යෙදීමට පියවර ගෙන ඇත.

රාජ්‍ය ඇමැතිවරුත් දිව්රයි!

ඒ අනුව මේ වන විට ජනාධිපතිවරයා තීන්දු කොට ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුළත රාජ්‍ය අමාත්‍ය ධූර පත්කිරීමටය. එමෙන්ම ඊට සමගාමීව සුලු කැබිනට් මණ්ඩල සංශෝධනයක්ද සිදුකිරීමට ජනාධිපතිවරයා සැලසුම් කොට තිබේ. එහිදී මුදල් අමාත්‍ය ධුරයද අගමැතිවරයාගෙන් ඉවත් කොට පූර්ණකාලීන මුදල් අමාත්‍යවරයකු පත්කිරීමටද ජනාධිපතිවරයා තීන්දු කර අවසානය. ඒ සඳහා ජනාධිපතිවරයාගේ තේරීම වී ඇත්තේ අලි සබි්‍රය. ඒ අනුව ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස දැනටමත් අගමැතිවරයාට දැනුම් දීමක් කොට ඇති බව මීට පෙරද අපි වාර්තා කර සිටියෙමු. නමුත් රනිල් ඊට තවමත් ප්‍රතිචාර දක්වා නැත.

කෙසේ වෙතත් කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා සැලසුම් කර ඇත්තේ දැනට එකිනෙකට වෙනස් අමාත්‍ය ධුර එකක් හෝ දෙකක් දරන අමාත්‍යවරුන්ගෙන් එම අමාත්‍යාංශ ඉවත් කොට තවත් කිහිප දෙනකුට ඒවා ලබාදීමටය. එහිදී ඉකුත් වතාවේ රාජ්‍ය අමාත්‍ය ධුර දැරූ තවත් දෙතුන් දෙනකුට කැබිනට් අමාත්‍ය ධුර හිමි වීමට නියමිත බව ආරංචිය.

ආයෙත් පිපිරුමක්!

මේ ආකාරයට කැබිනට් මණ්ඩල සංශෝධනයත්, රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමත් මුල් කොටගෙන තවත් පිපිරීමක් ආණ්ඩුව ඇතුළේ සිදුවීමට නියමිත බවද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. ඒ හරහා අමාත්‍ය තනතුරු බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනකුගේ බලාපොරොත්තු බිඳවැටීමට නියමිත අතර, එසේ වුවහොත් එම පිරිස පොහොට්ටුවෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට දැන් තියාම සැලසුම් කර ඇති බවක්ද පැවැසේ. එම කණ්ඩායමට 10 – 12 අතර පිරිසක් සිටින බව වාර්තා වේ. එසේ වුවහොත් ආණ්ඩුවේ බහුතරය සම්බන්ධයෙන් තවත් වරක් බරපතළ ප්‍රශ්නයක් පැනනැගීමට නියමිත බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

කෝ ඩොලර්?

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණෙන විට රටටම ඇහෙන්නට කියා සිටියේ තමන් අගමැති ධුරය ගන්නේ ලෝකෙන්ම ලැබෙන ආධාර තම අතේ තබාගෙන යැයි කියාය. ජපානයෙන් ඩොලර් බිලියන පහක ආධාර මුදලක් තමන් පැමිණි විගසම ලබාදීමට නියමිත බවද රනිල්ගේ පාර්ශ්වයෙන් ඒ දවස්වල නිතර කියනු දැකගන්නට ලැබිණි. නමුත් රනිල් පැමිණ මේ වන විට දින 50ක් ඉක්මවා ගියද තවම ජපානයෙන් ලැබෙනවා කී ඩොලර් බිලියන පහත්, අනෙකුත් රටවලින් ලැබෙනවා කී ඩොලර් බිලියන ගණන් තබා එක ඩොලරයක් හෝ ලංකාවට ලැබී ඇති බවක් දැනගන්නට ඇත. ප්‍රශ්න විසඳනවා වෙනුවට මේ වන විට සිදුව ඇත්තේ එම ප්‍රශ්න තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිබීමය.

ජපානය කියපු දේ!

මේ සියල්ල අතරවාරයේ පසුගිය සතියේදී ලංකාවේ ජපාන තානාපතිවරයා වූ මිසුකොෂි හිදෙකි මහතා යාපනයේ සංචාරයක නිරත විය. එම සංචාරය අතරතුරදී ජපාන තානාපතිවරයා දෙමළ සන්ධාන නියෝජිතයන් පිරිසක් සමග සාකච්ඡා පැවැත්වීමටද පියවර ගත්තේය. මෙම සාකච්ඡාවේදී දෙමළ සන්ධාන නියෝජිතයන් රනිල් අගමැති ධුරය භාරගැනීමට ප්‍රථම රටටම කී ඩොලර් බිලියන 05 කතාව පිළිබඳ ජපාන තානාපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය. එහිදී පළමු වතාවට ජපාන තානාපතිවරයා ලංකාවට ආධාර කිරීම සම්බන්ධයෙන් ජපන් රජයේ ප්‍රතිපත්තිය අනාවරණ කිරීමට පියවර ගත්තේය. ආණ්ඩුවට ලබාදෙන ආධාර නිසි ලෙස කළමනාකරණය නොකරන බවත්, එම නිසා මේ අවස්ථාවේදී ලංකාවට ආධාර නොකරන බවත් ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා එහිදී දෙමළ සන්ධාන නියෝජිතයන්ට පවසා ඇති බවක් දැනගන්නට තිබේ. එමෙන්ම පසු අවස්ථාවකදී ඒ පිළිබඳ සලකා බැලිය හැකි බවද ඒ මහතා සඳහන් කොට ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව යටතේ ලංකාවට වෙලා තියෙන විනාශය ගැන බ්‍රිතාන්‍යයේ BBC එක විනාඩි තුනකින් ලෝකෙටම පෙන්වපු වීඩියෝව! (VIDEO)

Next Post

ධම්මික කිව්වා වගේම පළමු වැඩේ කරලා පෙන්වයි!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.