නීති පද්ධතිය කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසය පලුදු වන ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසත්, අදහස් දැක්වීමේදී ස්වයං සංයමයක් ඇති කරගන්නා ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් සහ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කොට ඇත.
ජනාධිපතිවරයා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එම සංගමය මෙම නිවේදනය නිකුත් කොට තිබේ.