බලන්ගොඩ, කූරගල පුදබිමේ වන්දනා චාරිකාවකට පැමිණ, වෑන් රථයකින් ආපසු පාදුක්ක ප්‍රදේශය බලා යමින් සිටි පිරිසකට කළ පහරදීමකින් දෙදෙනෙකු තුවාල ලබා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
ADVERTISEMENT
පොලීසිය සඳහන් කළේ මොටර් රථයකින් පැමිණි පිරිස වෑන් රථයේ සිටි පිරිසට බෝතලයකින් ගසා පහර දී ඇති බවය.
අදාල පහර දිම සිදුකළ කාන්තාවක ඇතුළු සිව් දෙනෙකු බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 15 දක්වා රිමාන්ඩ් කර තිබේ.