දැනට දින නියම කොට ඇති පළාත් පාලන මැතිවරණය කල් දැමීම සදහා වගකිවයුතු විවිධ පාර්ශ්වයන් විසින් ගෙන යනු ලබන කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ආණ්ඩුව වෙත දැවැන්ත විරෝධයක් පළ කිරීමට ජාත්‍යන්තරය තිරණය කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව දැනටමත් ප්‍රබල රටවල් රැසකින් ඒ පිළිබද සිය විරෝධය ආණ්ඩුව වෙත දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට ඇත්තේ ඉන්දියාව මේ සම්බන්ධයෙන් සිය විරෝධය දැනටමත් පළ කොට ඇති බවත්, මැතිවරණය නිසි පරිදි පවත්වන ලෙස ආණ්ඩුවට දැනුම් දී ඇති බවත්ය.
මීට අමතරව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නෝලාන්ඩ් මහත්මිය එළැඹෙන සතියේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර එහිදී ඇයද මැතිවරණ කල් දැමීමට දරණ උත්සාහයන්ට විරෝධය පළ කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම යුරෝපා කොමිසමේ රටවල්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද මීට පෙර අවධාරණය කොට තිබුණේ ලංකාවට සහාය පළ කිරීමට නම් ජනවරමක් සහිත ආණ්ඩුවක් පැවතිය යුතු බවකි.