පසුගිය කාලයට සාපේක්ෂව රට තුළ සිදුකරන කරන PCR පරික්ෂණ ප්‍රමාණය අවම කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
ඒ මහතා පවසා සිටියේ, පසුගිය කාලයේ රට තුළ PCR පරික්ෂණ 20,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකළ බවත් ඉන් කොවිඩ් ආසාදිතයින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවත් මේ වනවිට රට තුළ සිදුකරන PCR පරික්ෂණ 5,000 සීමාවට අවම කර ඇති බවත් ය.
එලෙස PCR පරික්ෂණ ප්‍රමාණය අවම කර ඇත්තේ පළමු පෙළ ආශ්‍රීතයන් අවමවීම නිසා බව ඒ මහතා පෙන්වා දෙයි.
උපුල් රෝහණ මහතා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේ, රටේ පවතින තත්ත්වය නිසි ලෙස අවබෝධ කර ගැනීම සඳහා අහඹු PCR පරික්ෂණ වැඩි වැඩියෙන් කළ යුතු බවයි.










