රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න වටිනා මත්කුඩු තොගයක් සමග පොලිස් කොස්තාපල්වරයකු අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකාර කොස්තාපල් වැලිසර ළය රෝහල් පොලිස් මුරපොළේ රාජකාරියෙදී සිටි අයකු බව ද පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි .
සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 400 ට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ හෙරෝයින් ග්‍රෑම් 107 කට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර මුල්ලේරියාව ජයන්ති මාවතේ පිහිටි ඔහුගේ නිවස පරික්ෂා කිරීමේ දී තවත් හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබිණි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නේවි රුවන් නමැත්තාට අයත් මත්කුඩු මොහු මෙලෙස ප්‍රවාහනය කරන බවට තොරතුරු ලැබී ඇතැයිද විශේෂ කාර්ය බළකාය පැවැසීය.










