• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මා දාලා ගිහින්: තාත්තා අන්ධයි: නංගි මොන්ටිසෝරි: නුවන් අහිමි පියා රකින නුවන් තිළිණ පුතා

March 23, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
අම්මා දාලා ගිහින්: තාත්තා අන්ධයි: නංගි මොන්ටිසෝරි: නුවන් අහිමි පියා රකින නුවන් තිළිණ පුතා
Share on WhatsAppShare on Facebook

තම අන්ධ පියා සහ තම අවුරුදු හතරක නැගනිය බලාගෙන පාසල් යන නවය ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක් පිළිබඳව දුක්මුසු පුවතක් අසන්නට ලැබුණා. ඒ පසුගිය සතියේ ප්‍රසිද්ධ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් තුළින්. මේ දරුවා නමින් නුවන් තිළිණයි. ඉගෙන ගන්නේ දඹුල්ල හබරත්තාවල ප්‍රාථමික විදුහලෙයි. මේ දරුවන් ජිවත්වෙන්නේ දඹුල්ලෙහි හබරත්තාවල දඹුලු හල්මිල්ලෑව කියන ප්‍රදේශයෙයි.

අප “මව්රට” පුවත්පත මේ දුක්මුසු පුවත පිළිබඳව සොයායන්නට කටයුතු කළා. මේ පවුල පිළිබඳව ගල්කිරියාගම පොලිසියෙන්ද තොරතුරු විමසීකමක් කළා. අපට මේ විස්තර ලබාදි සහය දුන්නේ දඹුල්ල ගල්කිරියාගම හබරත්තාවල වසම භාරව කටයුතු කරන බණ්ඩාර පොලිස් නිලධාරි මහතායි.

මේ කුඩා දරුවා, තම අන්ධ පියාව සහ තම අවුරුදු 4ක කුඩා නැගණිය රැකබලාගන්නේ බොහොම දුක්ඛිත ජීවිතයක් ගෙවමින්. තිළිණට අවුරුදු දාහතරයි. තිළිණගේ පියා මිට වසර කිහිපයක සිට දෑස් අන්ධ වෙලා. නුවන්ගේ මව පවුල් ආරවුලක් මත මොවුන් හැර ගිහිල්ලා. මේ නිසා නුවන් සහ ඇගේ නැගණිය අන්ත අසරණ තත්වයට පත්වෙලා. මේ දරුවන්ට කර කියාගන්නට දෙයක් නොමැතිකමෙන් බොහෝ අසරණ වෙලා.

මේ පොඩි දරුවන් දෙමව්පිය සෙනෙහස විදින්න තියෙන කුඩා කාලයේ පවුල් බර කරමතට වැටි තිබිම කනගාටුවට කරුණක් නොවේද? පුංචි දරුවන්ට තමන්ගේ පවුල තරම් වටින විශ්වාසනිය තැනක් වෙන කොහෙවත් නැහැ. අම්මා තාත්තාගේ තුරුල්ලේ ආදරය විඳින එක, හුරතල් වෙන එක තරම් පුංචි පැටව් වෙනත් දෙයක් සොයන්නේ නහැ.

තිළිණගේ නැගණිය සිටින්නේද එවැනි උණුසුමක් ලැබිය යුතු වයසකයි. බොහෝ ආදරණියව ගත කළ පවුල් අද වනවිට කැඩි බිඳී යන අවස්ථා වැඩිවන බව අපට දිනෙන් දිනම අසන්නට ලැබෙනවා.

දෑස් අන්ධ පියාගේ සහ කුඩා නැගණියගේ සියලු බර පැටවෙන්නේ මේ පුංචි තිළිණගේ කර මතයි. අසල්වාසින්ගෙන් ලැබෙන උපකාරයක් හැරෙන්නට බඩපුරවගන්නට වෙන කරන්නට කිසිවක් නැහැ. අවුරුදු දාහතරක පුංචි පුතෙක් කියන්නේ අම්මා උයලා කන්න දෙන්න ඕන වයසක්. ඒ වගේම සෙල්ලන් කරන කෙළිලොල් වයසක්. නමුත් මේ පුංචි දරුවට දෛවය විසින් අත්වු ඉරණම ඊට වඩා වෙනස්.

දෙමව්පියන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා අසරණ වෙන්නේ මේ කුඩා නොදරුවන්. මහාමෙරක් තරම් පවුල් බර ළාබාල වයසේදිම කරට ගනිමින් අධ්‍යාපන කටයුතුවලද නිරතවෙන ඔහුගේ එකම බලාපොරොත්තුව තම නැගණියට හොඳ අධ්‍යාපනයක් ලබාදිමයි. පුංචි හෝ උපකාරයක් බලාපොරොත්තු වන බව තිළිණ පැවසුවේ හැඬූ කඳුලින්. එයින් පෙනෙන්නේ මොවුන්ගේ අම්මාගේ හිත උණුවෙන්නේ නැති වුණාට මේ අයියාගේ සහෝදර බැඳීම ගොඩක් ඉහළ බවයි.
තිළිණ ඉස්කෝලේ දාගෙන යන සපත්තු දිරාපත්වෙලා පතුරු ගිහින්, ඒ කොපමණද කියනවානම් සපත්තු දෙකෙන් කකුල් එළියට පැනලා. ඉස්කෝලේ ගෙනයන බෑග් පවා දිරාපත්වෙලා. මොවුන් තේ කහට කෝප්පේ බොන්නෙත් අල්ලට සීනි දාගෙනයි. නුවන් උදෙන්ම නැගිටලා උයලා රෙදි සෝදලා නංගිවත් ළදරු පාසලට යාම සදහා සුදානම් කරනවා. ඉන්පසු ඔහු නංගි සමඟ ගෙදරින් පිටවෙන්නේ පාසල් යාම සඳහායි. අපි මේ පුංචි නුවන්ගේ දවස ගෙවන හැටි විමසනකොට ඔහු කියා සිටියේ මෙහෙම කතාවක්.

“මම ඉස්කෝලේ 9 ශ්‍රේණියේ ඉගෙනගන්නේ. ගමේ ඉස්කෝලෙටයි යන්නේ. උදේ පාන්දර 4ට නැගිටලා පොල් ගාලා, උදේට උයනවා. ඒ උයලා නංගිව ලෑස්ති කරලා මමත් ඇඳගෙන නංගිව පෙරපාසලට ඇරලලා මම ඉස්කෝලේ යනවා. අපේ අත්තම්මා ළග ගෙදරක ඉන්නේ. ඒක නිසා නංගිව දවල්ට පෙර පාසලෙන් අරගෙන ගෙදරට ඇරලනවා. අත්තම්මාගේ වයස අවුරුදු 78ක් නිසා අමාරුවෙන් තමයි නංගිව එක්කරගෙන එන්නේ. ඊට පස්සේ මම දවල්ට ගෙදර ඇවිත් උයලා තාත්තාටත් කන්න දීලා නංගිට කවනවා. ඉන් පස්සේ අපි සේරගේම රෙදි සෝදනවා. දැන් අවුරුදු ගණනක ඉදලා අම්මා අපි ගැන බලන්නේ නැහැ. තාත්තාගේ ඇස් දෙකම පේන්නේ නැහැ. එයාට බත් බෙදලා දුන්නාම කනවා. මගේ බයිසිකලය කැඩිලා ඉස්කෝලේ යන්නේ පයින් තමයි. පුළුවන්නම් ඒක හදලා දෙන්න” යැයි ඉතා දුක්මුසු හැඟීමෙන්.

ඇස් අන්ධ පියා අපට කියා සිටියේ මෙවැන්නක්.

“මගේ බිරිද දැන් ගොඩාක් කල් අපිව දාලා ගිහින්. අපි ගැන බලන්නේ නැහැ. මමයි දරුවෝ දෙන්නයි තමයි ගෙදර ඉන්නේ. මට ඇස් පේන්නේ නැති නිසා මගේ දරුවා තමයි සියලුම වැඩකටයුතු කරන්නේ. අපිට ටික දෙනෙක් උදව් කරලා හාල් පහේ ටිකක් අරන් දුන්නා. පුළුවන්නම් අපට මේ බඩු ටික ඉවර වුණාම කන්න නැහැ. පුළුවන්නම් අපිට බඩු මුට්ටු හරි, මුදල් හරි ලබා දෙන්න.”

මේ පුංචි දරුවන් මව්පිය සෙනෙහස ලබන්න ඕන කාලේ මෙවැනි ඛේදවාචක සිදුවීම දරුවන්ගේ පෞරුෂ වර්ධනයට වගේම ඔවුන්ගේ අනාගයටත් බලපානවා නිසැකයි. ගහක් හිටෙව්වොත් එය ඵලදරන්න සාත්තු කළ යුතුයි. දරුවෙකු වැඩෙන්නට ආදරය කරුණාව පෝෂණය වැනි සාධක අවශ්‍යය වෙනවා. දෙමව්පියන්ගේ වෙන්වීම දරුවන්ට බොහෝ අහිතකර ලෙස බලපෑම් සිදුකරනවා. අම්මාගේ තාත්තාගේ බැඳීම ආදරය ආරක්ෂාව රැකවරණය කුඩා කාලේදි දරුවන්ට ඉතාම අවශ්‍යයි. සෙනෙහස නොලැබෙන දරුවන් බොහෝ විට සල්ලාලයන් සුදුකාරයන් බවට පත්වෙනවා. ඒසේ නොමැතිනම් සමාජයෙන් කොන්වෙනවා.

හොඳට ඉගෙන ගන්න පුළුවන් වුණත් තිළිණට නිදහසේ අධ්‍යාපනය කරගෙන යන්න බැහැ හැමදාම ඉස්කෝලේ යන්න ලැබෙන්නෙත් නැහැ. ඒ මේ දරුවන්ට ජීවිතය ගැටගහගන්න ගොඩාක් දුක්ගැහැටවලට මුහුණ දෙන්න සිදුවෙලා වගේම ජීවිතවල බර කුඩාකාලයේම මොවුන් මත පැටවිලා තියෙන නිසයි.

මේ රටේ ගොඩාක් අසරණ මිනිස්සු ඉන්නවා. ගොඩාක් මාධ්‍ය මෙවැනි දේවල් ප්‍රචාරය කරනවා අඩුයි. අනුන්ගේ ඕපාදුප තමයි ප්‍රචාරය කරන්නේ. මේ පුංචි පැටවුන්ගේ ජීවිතවලට උදව් කරන්න පුළුවන්නම් මහඟු පිනක්. නැතිබැරිකම් අගහිඟකම් කාටත් පොදුයි. ඒවා මැඩගෙන ජීවිතය ජයගන්න දරුවන් බොහෝ අය අප සමාජයේ ඉන්නවා. දරුවන්ගේ අයිතිවාසිකම් නිසියාකාරව දරුවන්ට ලබාදීමේ තේමාව යටතේ වැඩපිළිවළ රජය විසින් දියත් කළයුතු කාලයක් මේක. එවිට මෙවැනි අහිංසක දරුවන් අසරණ වෙන එක නවත්වන්න පුළුවන්. ළමා වියෙහි අයිතිවාසිකම් නිසියාකාරව දෙමව්පියන් සිතුවානම් මෙවැනි ඉරණමක් මේ ළමයින්ට අත්වන්නේද නැහැ. රටක අනාගතය පවතින්නේ මේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය මතයි.

ඒ අසරණ මිනිස්සුන්ට පිහිටක් වෙන්න තියෙනවානම් කොතරම් වාසනාවක්ද? ගොඩාක් අය පින් කරන්නේ ලෝකේට පේන්න ප්‍රසිද්ධියට. නමුත් මේ වගේ අහිංසක පවුල් අපේ රටේ කොපමණ සිටිනවාද? මේ අයට ජිවිතය ගැටගහ ගන්න කන්න බඩු ටිකක්, මුදල් ටිකක් ලබා දෙන්න පුළුවන්නම් කොතරම් දෙයක්ද? නැති බැරි අසරණ මිනිස්සුන්ට තමන්ට හැකි විදියට උදව් උපකාර කරන්න පුළුවන්නම් විශාල පිනක්. කෙනෙකුගේ කුසගින්න නිවනවා තරම් පිනක් මේ ලෝකේ නැහැ.

අපි කළ හොඳම විතරයි ජීවිතේ අවසානයට ගෙනයන්නේ. මේ දුප්පතුන්ගේ පැලේ සැබෑ දුක හදුනාගෙන සාගින්න නිවාගන්නට කිසියම් උපකාරයක් කරන්න. මොවුන්ට යහපත් ජිවිතයක් උදා කරදිම අප කාගෙත් යුතුකමක් කොට සලකන්න. මනුස්සකම පරිත්‍යාගශීලීත්වය කියන දේ තියෙන්නේ සැබෑ මිනිසුන් තුළ පමණයි. ජිවිතයේ අපිට යමක් දෙන්න පුළුවන් කාලේ දුන්නාම අපිට ඒවා දෙගුණ තෙගුණ වී මේ ආත්මෙම ලැබෙනවා. මේ අහිංසක දරුවන් දිහා ආදරය කරුණාවෙන් බලන්න.

මේ පුංචි තිළිණට කඳුලු තුළින් සිනාසි හෙට දවසට පිය නගන්න ශක්තිය ධෛර්ය ලැබේවා!
(පියාගේ නම – ජී.ජී. නිමල් බණ්ඩාර, හබරත්තාවල, දඹුලු හල්මිල්ලෑව – දු.ක අංකය 074-1522452 (ගිණුම් අංකය 2686932- ගිණුමේ නම – ජී.ජී. නිමල් බණ්ඩාර ලංකා බැංකුව, දඹුල්ල ශාඛාව)

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

රටම විස්ම කරමින් කන්න නැතිව ජපානයේදී මිය ගිය අපේ විශ්මා

Next Post

කොරෝනා අඩුවෙයි: හේතුව හෙළිවෙයි

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.