• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒ.‌ජේ. සහ රන්ජන් (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 11, 2020
in Exclusive, Gurudawa
Reading Time: 1 min read
A A
ඒ.‌ජේ. සහ රන්ජන් (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ඒ. ජේ. රණසිංහ කියන්නේ රණසිංහ ප්‍රේමදාසගේ ගෝලයෙකි. ප්‍රේමදාස ජනාධිපති වූ විට ඔහු ඒ. ජේ. රණසිංහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැති ධුරයට පත් කළේය. දිනක් පන්සලකදී ප්‍රේමදාසගේ පාවහන් යුගලය ප්‍රේමදාසගේ කකුල් දෙක ළඟට ගෙනත් දීම නිසා ඔහු මාධ්‍යයන්හි සමච්චලයට ලක් විය. වරක් ඒ පිළිබඳව මාධ්‍යවේදියෙක් ඔහුගෙන් අහද්දී ඔහු කීවේ තමන් ප්‍රේමදාසගේ සෙරෙප්පු තම්බල සුප් හදලා බොන්න වුණත් සූදානම් කියාය. ඔහුගේ මේ කතාව නිසා මාධ්‍යයන්හි ඔහු කවටයෙක් වුවත් ප්‍රේමදාස ළඟ වීරයෙක් විය. විවේකයක් ලද විට ප්‍රේමදාස ඔහුව සුචරිතයට ගෙන්වා ගෙන අල්ලාප සල්ලාපයේ යෙදීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ. ජේ. රණසිංහගේ රසවත් කතා අහන්න ප්‍රේමදාස ප්‍රිය විය. මේ සතුටු සාමීචිය අතර ප්‍රේමදාස තමන්ගේ හිතේ තියෙන බොහෝ දේවල් ඒ. ජේ. රණසිංහට කීවේ ඔහුව දැඩි ලෙස විශ්වාස කරමිනි.
1993 මැයි පළමු වැනි දින ප්‍රේමදාස ඝාතනය විය. ඝාතනය වූවාට පසු ජනාධිපති වූ ඩී. බී. විජේතුංග, හේමා ප්‍රේමදාස ඇතුළු ප්‍රේමදාස පවුලට ගහන්න ඒ. ජේ.ව ප්‍රයෝජනයට ගත්තේය. තමා ළඟ ප්‍රේමදාසලාගේ රහස් පෙට්ටගමක් තියෙන බවත්, පෙට්ටගම ඇරියොත් ප්‍රේමදාසලට හැංගෙන්න තැන් හොයන්න වෙන බවත් ඔහු කීවේය. එකල මාධ්‍යයන්හි ප්‍රධාන මාතෘකාව වූයේ ඒ. ජේ. රණසිංහගේ රහස් පෙට්ටගමය. ඒ පෙට්ටගමේ තියෙන්නේ ඒ.ජේ. – ප්‍රේමදාස සමඟ කරපු කතා පටිගත කරන ලද කැසට් පට බව ඒ. ජේ.ම හෙළි කළේය. කැසට් පට එක දෙක එළියට එන්න පටන් ගත්තේය. ප්‍රේමදාස තම පවුලේ අයව රන්ජන් විජේරත්නව, සිරිසේන කුරේ, රනිල් වික්‍රමසිංහ, ඩී. බී. විජේතුංග සහ මැති ඇමැතිවරුන්ට පමණක් නොව ඉන්දියාව පවා විවේචනය කරන, විවේචනය කොට හිනා වෙන කතා එම හඬපට තුළ තිබිණි. ඒ. ජේ. එම කැසට් පට මඟින් ප්‍රේමදාසගේ ප්‍රතිරූපයට විශාල හානියක් කළේය. ඒ වගේම ඒ. ජේ. තමාගේ ප්‍රතිරූපයටත් හානි කර ගත්තේය. එවකට විපක්‍ෂයේ ඡන්ද සටනට නායකත්වය දුන් චන්ද්‍රිකා ඒ. ජේ. රණසිංහගේ කැසට්පටවලින් විශාල ප්‍රයෝජනයක් ගත්තාය. ඒවායින් ප්‍රේමදාස පමණක් නොව යූ.ඇන්.පී. ආණ්ඩුවම විනාශ වන බව ඇය දැන සිටියාය. යූ.ඇන්.පී.ය 1988 ජනාධිපති අපේක්‍ෂක ලෙස ගාමිණී නම් කළ විට චන්ද්‍රිකා ගාමිණීට මඩගහන්න ඒ. ජේ.ව ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත් කරනු ලැබීය. ඒත් චන්ද්‍රිකා පමණක් නොව විජේතුංග ඇතුළු යූ.ඇන්.පී. නායකයන් ඒ. ජේ. සමඟ කතා කිරීමටත් බය විය. හේතුව ඒ. ජේ. ගේ කතා පටිගත කරන මේනියාව නිසාය. ඒ. ජේ.ගේ දේශපාලනය එතැනින්ම ඉවර විය.
ඒ. ජේ.ගේ මේ පරණ කතාව මතක් වන්නේ මේ දවස්වල ජනප්‍රියතම රන්ජන්ගේ සී.ඩී. තැටි අහන කොටය. තමන් ප්‍රේමදාසගේ කතා පටිගත කළේ ඇයි කියල ඒ. ජේ. කවදාවත් කීවේ නැත. අද රන්ජන්ටත් ඒ ප්‍රශ්නයට උත්තරයක් නැත. හැබැයි එකම වෙනස ඒ. ජේ. ප්‍රේමදාසගේ කතා එළියට දැම්මේය. රන්ජන් පටිගත කරන ලද කතා හංගගෙන හිටියේය. ඒවා එළියට දමන්නේ මේ ආණ්ඩුවය. ඒ. ජේ. ගේ හඬ පටවලින් ප්‍රේමදාස විනාශ විය. රන්ජන්ගේ හඬ පටවලින් යූ.ඇන්.පී.යට හානි වී ඇත.
2015 මෛත්‍රි ජනාධිපති වී රන්ජන්ට ලැබුණේ සමාජ සේවා රාජ්‍ය ඇමැති ධුරයය. රන්ජන්ට ඒ ඇමැති ධුරය දුන්නේ රනිල්ය. හැබැයි මෛත්‍රි රන්ජන්ට වෙන වැඩක් භාර දී තිබෙන බව රන්ජන්ගේ හඬපට පරීක්‍ෂා කරන විට පැහැදිලිය. එනම් රාජපක්‍ෂවරු සහ රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන් හිරේට යවන වැඬේය. මෛත්‍රිට ශ්‍රිල.නි.ප.යේ බලය අල්ලගන්න රාජපක්‍ෂවරුන් සහ ශ්‍රීල.නි.ප.යේ රාජපක්‍ෂවාදීන් හිරේට දමන්න ඕනෑ විය. මෛත්‍රි හිතුවේ ඒක රනිල් කරයි කියාය. රනිල් කර ඇරියේය. රාජපක්‍ෂවරුන් සහ රාජපක්‍ෂවාදීන් හිරේ දමන්නේ තමන් කියා ඔවුන් දැනගන්නවාට මෛත්‍රි බය විය. මෛත්‍රිට ඕනෑ වුණේ ඒ වැඬේ යූ.ඇන්.පී.ය පිට දමන්නටය. රනිල් එයින් කරඇරිය විට මෛත්‍රී ඒ වැඬේට හොඳ ජොකියෙක් හොයා ගත්තේය. ඒ රන්ජන්ය. මෛත්‍රි වෙනුවෙන් රහස් පොලිසියට, අල්ලස් කොමිසමට, විනිසුරුවන්ට කතා කරන්නේ රන්ජන්ය. මෛත්‍රිපාල පමණක් නොව ජ.වි.පෙ.ත් රන්ජන්ව පාවිච්චි කළේය. තව බොහෝ අය රාජපක්‍ෂවරුන්, රාජපක්‍ෂවාදීන් හිරේ දමන්න රන්ජන්ව පාවිච්චි කර තිබේ. ඒ අය අතර, වත්මන් ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරුද සිටිනා බව වාර්තා වෙයි.
රන්ජන් රාජපක්‍ෂවරු හෝ රාජපක්‍ෂවාදීන් හිරේ දමන්න කාටවත් මුදල් දෙන්න කතා කරන බවක් පෙනෙන්න නැත. ඒ වගේම හිරේ දැමීමෙන් බේරන්න මුදල් ඉල්ලීමක් හෝ කප්පම් ඉල්ලීමක් ගැන මේ හඬ පටවලින් එළියට ඇවිත් නැත. ඔහු රහස් පොලිසියේ සහ අධිකරණයේ විනිසුරුවන්ට කියන්නේ රට වෙනුවෙන් රාජපක්‍ෂවරු හා රාජපක්‍ෂවාදීන් හිරේ දමන්න කියාය. ඔහු හිතන්නේ එයින් ආණ්ඩුව බේරා ගන්න පුළුවන් කියාය. එකම අවස්ථාවකදී පමණක් දුමින්ද සිල්වාගේ නඩුවේ විනිසුරුවරියකට ඔහු අභියාචනාධිකරණයට උසස්වීමක් ලබා ගන්න උදව් කරන බව පවසන හඬ පටයක් තිබේ. හැබැයි ඒ විනිසුරුවරිය තීන්දුව දුන්නාට පසුවය. තීන්දුව දීමට පෙර රන්ජන් එවැනි උදව්වක් කරන්න යෝජනා කරන බවක් හඬ පටයේ නැත. ඒ වෙලාවේ විනිසුරුවරිය රන්ජන්ගේ දුරකතන ඇමැතුමට ප්‍රතිචාර දක්වන්නේත් නැත. ලංකාවේ විනිසුරුවන් උසස්වීම් ගන්න දේශපාලනඥයන්ට කතා කිරීම අලුත් දෙයක් නොවේ. ෆොන්සේකාට විරුද්ධව සුදු කොඩි නඩු තීන්දු දුන් මහාධිකරණ විනිසුරුවරියන් අභියාචනාධිකරණයට පත් කළේ මහින්දගේ කාලයේය. අනෙක දුමින්දගේ නඩුවේ තීන්දුව දුන් විනිසුරුවරියට අභියාචනාධිකරණය උසස්වීමක් ලැබුණේත් නැත. ඒ කියන්නේ ජනාධිපති මෛත්‍රි අගමැති රනිල් හෝ ව්‍යවස්ථාදායක සභාව දුමින්ද සිල්වාට එරෙහි තීන්දු දීමට ඇයට බලපෑම් කොට නැත. ඒ සම්බන්ධයෙන් ඔවුන් උනන්දුවක් දක්වාත් නැත.
අනෙක මහාධිකරණයේ දුමින්ද සිල්වාට එරෙහිව දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී විනිසුරුවරයාද ඇතුළු පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් අනුමත කළහ. ඔවුන් එසේ තීන්දුව දුන්නේ රන්ජන්ගේ දුරකතන ඇමැතුම්වලට නොවේ. අනෙක දුමින්ද සිල්වාගේ නඩුවේදී මහාධිකරණ විනිසුරුවන් තීන්දුව දුන්නේ බෙදිලාය. පද්මිණී රණවක විනිසුරුවරිය සහ මොරායස් විනිසුරුවරයා දුමින්ද වැරැදිකරුවකු කරමින් තීන්දුව දුන් අතර, විනිසුරු ශිරාන් ගුණරත්න දුමින්ද නිවැරැදිකරුවකු කරමින් තීන්දුව දෙනු ලැබීය. මෙහිදී රන්ජන්, මොරායස් විනිසුරුවරයාට දුරකතන ඇමැතුම් දී නැත. අනෙක ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුද ඇතුළු විනිසුරුවන් අනුමත කරන්නේ මහාධිකරණයේ විනිසුරුවන් වූ පද්මිණී රණවක විනිසුරුවරිය සහ මොරායස් විනිසුරු දුන් බෙදුණු තීන්දුවය. එලෙසම රෝයල් පාර්ක් නඩුවේදී චූදිත ශ්‍රමන්ත ජයමහට අභියාචනාධිකරණය දුන් මරණ දඬුවම මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කළේ දුමින්ද සිල්වාට එරෙහිව තීන්දුව දුන් මහාධිකරණ විනිසුරු පද්මිණී රණවකය. දුමින්දට මෙන් මහාධිකරණය ජූඞ් ශ්‍රමන්ත වරදකරු කරමින් තීන්දුව දුන් පසු ඔහු අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. අභියාචනාධිකරණය ඔහුට මරණ දඬුවම දිය යුතු බව තීරණය කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ අභියාචනය ප්‍රතික්‍ෂේප කළේය. මේ ජුඞ් ශ්‍රමන්තව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට ඔන්න මෙන්න කියා තිබියදී නිදහස් කළේය. මේ වන විට ඔහුව නිදහස් කිරීමට එරෙහිව උසාවියේ නඩුවක් විභාග වෙමින් පවතී. දැන් දුමින්ද සිල්වා නිදහස් කරන්න යැයි ආණ්ඩුව තුළින් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත. රන්ජන්ගේ හඬපට එළියට එන්නේද ඒ ඉල්ලීම සාධාරණීකරණය කරමින්ය.
මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේ අධිකරණය රන්ජන්ට ඕනෑ විදියට තීන්දු දුන්නා නම් ගෝඨාභය රාජපක්‍ෂව අත්අඩංගුවට ගත නොහැකි හෝ අධිකරණය වාරණ නියෝග දෙන්නේ නැත. ජොන්ස්ටන් ප්‍රනාන්දුව, ගාමිණී සෙනරත්ව චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නේත් නැත. රන්ජන්ගේ හඬපටවලින් මෛත්‍රි-රනිල් ආණ්ඩුව යටතේ අධිකරණය දුන් තීන්දු වැරැදි යැයි කියන්න සාක්‍ෂි නැත. හැබැයි රන්ජන්ගේ හඬපටි රාජපක්‍ෂ ආණ්ඩුවට හොඳ දේශපාලන ආයුධයකි. හැබැයි මේ හඬපටවලින් මහ මැතිවරණය තෙක් ජනතාවට රටේ ප්‍රශ්න අමතක කරවන්න පුළුවන් කියල හිතනවා නම් ආණ්ඩුවට වැරැදිලාය. රන්ජන් ජනප්‍රිය නළුවෙකි. ඔහුගේ හඬපටවල කුණු රසයට මිනිස්සු කැමැතිය. හැබැයි ඒක හරියට රන්ජන්ගේ වන්ෂොට් ෆිල්ම් එක බලනවා වගේය. මිනිස්සු ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ මේ වගේ ආතල් ගන්න නොවේ.
දැන් මැද පෙරදිග යුද්ධයක් ඇතිවන ලකුණු පහළ වෙමින් තිබේ. එහෙම වුණොත් තෙල් මිල ඉහළ යෑම වැළැක්විය නොහැකිය. ඉරානය ලංකාවේ තේ මිලදී ගනී. යුද්ධයක් හටගත්තොත් ලංකාවේ තේ අපනයනය විශාල අර්බුදයකට ලක්වනු ඇත. පසුගිය සතියේ කොටස් වෙළෙඳ පොළ අර්බුදයකට ගියේය. ලංකාව ගෙවන විශාලතම ණය මුදල වන ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8 ගෙවන්න සිදුවී ඇත්තේත් මේ වසරේය. රන්ජන් රාමනායකගේ හඬපටවලින් මේ ප්‍රශ්න විසඳන්න බැරිය. ඒකෙන් රටලූනු මිල අඩු කරන්නත් බැරිය. එළවළු මිල අඩු කරන්නත් බැරිය. හාල් මිල අඩු කරන්නත් බැරිය. පොහොර හිඟයට විසඳුම් හොයන්නත් බැරිය. ඡන්ද නැති කාලෙට මේ හඬපට මිනිස්සු පිනවන්න හොඳය. හැබැයි ඡන්දයක් කට ළඟදී මිනිස්සු බලන් ඉන්නේ ආණ්ඩුව වන්ෂොට් එකෙන් ප්‍රශ්න විසඳන තෙක්ය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මෛත්‍රිගෙ මල්ලි ගැන ‌හෙළිදරව්වක් ළග එනවා

Next Post

යුග දිවිය රස කරන ළඳුන්

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.