හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ටෙලිකොම් හිටපු සභාපති කුමාරසිංහ සිරිසේන මහතාගේ පාලන සමය තුළ ටෙලිකොම් ආයතනය තුළ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ රැසක තොරතුරු හෙළිව ඇති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත විශේෂ හෙළිදරව්වක් සිදු කිරීමට අදාළ පාර්ශ්වයන් සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.
අවස්ථාවන් කිහිපයකදීම තනතුරින් ඉවත් වන ලෙස දැනුම් දීමක් කර තිබියදී පවා තනතුරේ රැදී සිටි කුමාරසිංහ සිරිසේන මහතා පසුගිය සතියේ සිය තනතුරින් ඉල්ලා අස්වීමට පියවර ගත්තේය.










