• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

යුග දිවිය රස කරන ළඳුන්

January 11, 2020
in Astrology
Reading Time: 1 min read
A A
යුග දිවිය රස කරන ළඳුන්
Share on WhatsAppShare on Facebook

ගෙයක්, ගෙදරක් කළ හැක්කේ බිරියකට පමණි. දීග යෑමේදී දිවිගෙයක් නොකර ගන්නට හැකි වන්නේද දක්‍ෂ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත බිරියකට පමණි. වාසනාවන්ත ධනාත්මක ආකල්පමය හැඟීම්බර බිරියකට සිය සැමියා දෙව්ලොවට ගෙන ගිය හැකිය. දිව්‍යලෝකයත්, අපායත්, නිර්මාණය කරන්නේද බිරියයි. විවාහ දිවියේ රුවන් මාලිගය තුළට පිවිසීමේ යතුර ඇත්තේ බිරිය අතේය.

සෑම කාන්තාවකටම යුග දිවිය වාසනාවන්ත කර ගැනීමට හැකියාව, දක්‍ෂතාව, කුසලතාව නොමැත. වාසනාවන්ත යුග දිවියක් ගතකිරීමට ඇයට ඉඩහසර ලැබෙන්නේ ඇගේ සැමියාද ආදරය, ආලය, ළෙන්ගතුකම, සාමය, ප්‍රේමය හඳුනන සැමියෙක් වුවොත් පමණි.
මවක්, මිතුරියක්, උපදේශිකාවියක්, සහෝදරියක් මෙන්ම දයාබර බිරියක් සේ ඉතාම කුලුපගව සයනේදී සැමියා ආදරයෙන් තුරුලු කරගෙන වෙසඟනක් සේ කටයුතු කර ඇයට යුගදිවිය සෞන්දර්යවත් කිරීමේ හැකියාව තිබේ. සතුටපිරි පවුලක ඇති උතුම්ම වස්තුව ස්ත්‍රිය වෙයි.
වතෙසා ඉස්සරියං ලෝකේ ස්ත්‍රී භණ්ඩාණ මුත්තමං
(ඉස්සිරිය සූත්‍රය)

විවාහය සාර්ථක කරගැනීම විශාල බැංකු ගිණුමක්, යාන-වාහන, මහල් මන්දිරයක්, වස්තු සම්භාරයක් අවශ්‍ය නොවේ. සතර සංග්‍රහ වස්තුවෙන් දෙදෙනාම තිළිණ කරන්නේ නම් නිසැකවම යුග දිවිය රසවත් වනු නිසැකයි.
ජන්මපත්‍රය තුළින් එවන් වාසනාවන්ත කුල කුමරියක් හඳුනා ගැනීමට හැකිවෙයි.
කේන්දරයේ 2-7 ලග්නය සඳුගේ හා සිකුරුගේ බලය අවශ්‍ය වෙයි. මේ අනුව ඒ ඒ භාවයන්ට නතුවන සුබ ග්‍රහ දෘෂ්ටිද වැදගත්ය.
සෞම්‍ය ග්‍රහයන් 2, 7, 8, 11, 12 සිටීමෙන් යුගදිවිය රසවත් වන්නේය.
7 බුධ සමඟ ශුක්‍ර යෝග වී පුරපස 9වක, 10වක, 15වක යන තිථියකින් උපන්නේ නම් ඇය ශ්‍රේෂ්ඨ කුල කුමරියක් වන්නීය.

බුධ සමඟ සඳු යෝග වී එම එක්වීම 7 වැන්නේ සුබ පෙනීමක් හෝ පෝෂණයක් වෙමින් උපන් කාන්තාව සිය සැමියාට රස උල්පතකි. සැමියාට එක් දිනක්වත් ඇය නැතිව ගතකිරීම නොහැකි වන්නේ ඇගේ වශීය ස්පර්ශයෙන් බැඳීම වැඩි නිසාය.
සුබයන් ලග්නගත ශනි, රාහු, කුජ පාපීන් නොදැක සුබ ග්‍රහ සංයෝගයක් ඇත්නම් ඇය විවිධ සැප සම්පත් ලබමින් සිය සැමියා තෘප්තියට පත් කරන්නීය. ඇය සුරබිදෙනකි.
චන්ද්‍ර, බුධ, ගුරු, ශුක්‍ර ඉතාම බලවත්ව ලග්නයේ හෝ හතේ ඇත්නම් ඇය වාසනාවන්ත පෙනුමෙන් හා ක්‍රියාවෙන් අනූන කුටුම්බක රක්‍ෂණයේ නියමුවකු වෙයි.
5 වැන්නේ ගුරු, සිකුරු, සඳු එක්ව ඇත්නම් උච්චක්‍ෂේත්‍ර වීම හරහා යුග දිවිය අති සාර්ථක වෙයි. 11 සඳු සිට 7 වැන්නේ බුධ, ශුක්‍ර යෝග වී නම් ගුරුට සුබවාදී පෙනීමක් ඇත්නම් සැමියාගෙන් මෙන්ම කුල පරම්පරා දෙකෙන්ම ගරුබුහුමන් ලබන්නීය.

ගුරු ශුක්‍ර 7 වැන්නේ බලවත්ව 10 වැන්නාධිපතියා ලග්නය හෝ දෙවැන්න හෝ 4 වැන්න, 5 වැන්න හෝ 10 වැන්න එකොළොස් වැන්න යන තැනක උපත ලද්දේ නම් රූමතියක් වී සිරිකතක් වන්නීය.
7 වැන්නාධිපතියා ලග්නයේ සංයෝගවී ලග්නාධිපති සමඟ සිකුරු පෙනුණොත් ඇගේ විවාහය මුල සිටම සම්පත් ලබා වාසනාවන්තියක් වන්නීය.
ලග්නාධිපතියා 7 අධිපතියා සමඟ යෝග වී 7 වැන්නේ සිට ගුරු, සඳු දෘෂ්ටිගත වීම හරහා ඉතාම සෞන්දර්යවත්, රසවත් යුග දිවියක් ගෙවනු ඇත.
මිථුන ලග්නයේ බුධ සිට 11 වැන්නේ ගුරු සිට ශුක්‍ර 2 වැන්නේ සුබ පෙනීමක් ලද්දේ නම් ඇය සැමියාට පංච සම්පත් හිමි බිරියක් වන්නීය.
පුරපස සඳු බලවත්ව 4 වැන්නේ සිට කුම්භ ලග්නය වී ගුරු එකි සඳු දැක්මෙන් විවාහය අති සාර්ථකත්වයට පත්වෙයි.
මෙවැනි බලවත් ග්‍රහ යෝග දෘෂ්ටි හරහා යුග දිවියක් සාර්ථක වීමට වෙනත් ග්‍රහ හැසිරීම්, පිහිටීම් සංයෝග විශාල වශයෙන් ජ්‍යොතිෂයේ දක්වා ඇත.
වාසනාවන්ත ගැහැනියක් සමඟ එක වහලක් යට එක් දිනක් ගතකිරීම වාසනාවන්ත වන්නේ අවාසනාවන්ත දුෂ්ට ගැහැනියක් සමඟ වසර ගණනක් වදවිඳිමින් ජීවත් වීමට වඩා විවාහ ප්‍රේක්‍ෂක ඔබ මේ ගැනත් වරක්, දෙවරක් නොව කිහිපවරක්ම සිතා බලන්න.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

ඒ.‌ජේ. සහ රන්ජන් (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

අතුරුදන් වෙලා හිටපු කාන්ති ලංකා අපි හොයාගත්තා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.