එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයෙන් අක්කර 15ක ඉඩමක් මිලදී ගෙන ඇති නමුත් ඊට අදාළ ඔප්පු ව්‍යා එකක් බව හෙළිවීමත් සමග ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම පරිසර අධිකාරියේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මලඹේ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අක්කර 20කට ව්‍යාජ ඔප්පුවක් සකසා එය බැංකුවට උකස් කර ලක්ෂ 47ක් ලබාගෙන ඇති බවද පැවසේ.
රංගේ බණ්ඩාර මහතාට විකුණා ඇත්තේ එම අක්කර 20ක ඉඩමෙන් අක්කර 15කි.
මෙම පුවත ලංකාදීප පුවත්පතෙන් උපුටා ගන්නා ලදී.










