ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 7900ක් වැයකරන්න සූදානම් ආණ්ඩුව ඡන්දෙට බිලියන 10ක් නොමැති බව කියමින් කන්කෙඳිරි ගාන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ආණ්ඩුවේ අයවැය ලේඛනයට අනුව ලබන වසරේ වියදම රුපියල් බිලියන 7900ක් බවත් පළාත් පාලන මැතිවරණයට වැයවන්නේ රුපියල් බිලියන 10ක් පමණ බවත් මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.
‘දැන් ආණ්ඩුවේ නවතම සූත්රය විදිහට මුදල් ප්රශ්නය ඉදිරියට ගන්නවා. නමුත් ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ තියෙන්නෙ ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 7900 යි.මැතිවරණය පැවැත්වීම සඳහා උපරිම රුපියල් බිලියන 10 ක් වැය වෙනවා. ඉතින් මේ රුපියල් බිලියන 7900යේ වියදම දරන්න සූදානම් නම් ඡන්දෙට රුපියල් බිලියන 10 ක් නෑ කියලා කන්කෙඳිරි ගාන්නෙ ඇයි?ආණ්ඩුව මැතිවරණ කල් දැමීමේ නවතම සූත්රය විදිහට මේක පටන්ගෙන තියෙන්නෙ. අපි කියන්නේ මේ බලහත්කාරයෙන් ආණ්ඩුව අල්ලාගත් මේ කල්ලියට රට පාලනය කරන්නට තවදුරටත් ඉඩ තැබිය යුතු නැහැ. අපි විරුද්ධ වෙන්න ඕන තැන්වල අපි විරුද්ධ වෙනවා” යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.










