• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උන්ට එන්නත්-අපිට පැණි: ලෝකෙට එහෙම වෙද්දි අපට මෙහෙම වෙන්නෙ ඇයි?

December 22, 2020
in Exclusive
Reading Time: 8 mins read
A A
උන්ට එන්නත්-අපිට පැණි: ලෝකෙට එහෙම වෙද්දි අපට මෙහෙම වෙන්නෙ ඇයි?
Share on WhatsAppShare on Facebook

‘මහ මුහුදින් වටකෙරිච්ච, අඹ ගෙඩියක හැඩය වෙච්ච මරු රටක් තියෙනවා ඕයි
ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සූ,
ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු’

‘කඩප්පුලි’ ක්‍රමයට ලියැවුණු මේ වදන් කුමක්ද? අපේ රටේ බොහෝ දෙනෙක් අසා ඇති මේ වගතුග ගලාගෙන එන්නේ එක්තරා සිංහල ගීතයකින්. හාස්‍යමය ගීත ආරකට ගීත ගැයූ, දැනට අප අතර නැති ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් සිල්වා තමයි මේ ගීතය ගයා ඇත්තේ. උපහාසාත්මක ශෛලියකින් ගැයූ එම ගීතය තුළ ඇත්තේ සැබෑ ලෙසම වූ යථාර්ථවාදී අරුතක් බැව් අද බොහෝ දෙනකු පිළිගෙන තිබෙනවා. ඔහු මේ ගීතයෙන් පවසන රට කුමක් දැයි අපි දැන සිටියත්, ඔහු එහිදී කිසිවිටෙකවත් ‘මේ රටේ’ ලෙසින් නොකියා ‘ඒ රටේ’ ලෙසින් පැවැසීමද අපූරු ව්‍යාංගර්ථයකි. එමෙන්ම එහිදී පරිභවයක්ද සිදුනොවෙයි. ඒ වුවද මේ ගීතය වරක් මෙරටදී තහනමටද ලක්වූ අතර, එහෙත් එහි ජනප්‍රියත්වයේ කිසිදු අඩුවක්ද සිදුවූයේ නැත.
දීපාල් සිල්වා මේ අපූරු ගීතයෙන් කතා කළේ අපගේ ශ්‍රී ලංකාවේ පාලක තන්ත්‍රයත්, එමෙන්ම ජනතාවත් බොහෝ විට සිදුකරන අමනෝඥ ක්‍රියාවලින් රැසක් ගැන වූ සත්‍ය, ශෝචනීය විවරණයකි. අද අපේ රටේ කොරෝනා මාරයා අභිමුව ඇත්තේද අතිශය ශෝචනීය තත්ත්වයකි. එනම් කොරෝනා දෙවැනි රැල්ල පැමිණෙන විටදී මෙරට කොරෝනා රෝගීන් සිටියේ 122ක් පමණි. රජය විසින් ‘බ්‍රැන්ඩික්ස්’ යැයි අණබෙර ගසමින් ගෙන ආ එම රැල්ල අද රෝගීන් 30,000ක්ද ඉක්මවා ගොස් ඇත්තේ විදුලි වේගයෙනි. මෙම ඛේදනීය තත්ත්වය දිනෙන් දින තවත් අතිශය, බියකරු ලෙස වර්ධනය වෙමින් පවතියි. නත්තල් සීයා තෑගි ගෙන එන්නේ මේ දෙසැම්බර් මාසයේදීය. ඒ ආකාරයටම දැන් ජනතාවට රජයෙන් ලැබෙන තෑගි වන්නේ රාත්‍රි 7ට පමණ පවසන කොරෝනා රෝගී ලැයිස්තුව වන අතර, ජනතාව නින්දට වැටුණු පසු රාත්‍රි 10.30ට පමණ තවත් රෝගී ලැයිස්තුවක් රජය විසින් නිදි කොට්ටය යටින් හොර රහසේම තබයි. එය නත්තල් සීයාද අබිබවමින් රජය විසින් බොහෝ සීරුමාරුවෙන් සිදු කරයි. මෙය සැබෑ සත්‍යයයි.
කුමක්ද මේ සිදුවන අතිශය ඛේදනීය තත්ත්වය. සෑම දිනක් පාසාම කොරෝනා රෝගීන් 700 – 800ක් අතර ප්‍රමාණයක් හමුවන්නේ කෙසේද? දෙවැනි රැල්ල ආරම්භ වන විට තිබූ 13ක් වන මරණ සංඛ්‍යාව අද 150 ඉක්මවා ගොස් ඇත. සැබෑ ලෙසම මෙම තත්ත්වයට වගකිව යුත්තේ කවුද? මෙහිදී අද බොහෝ පාර්ශ්ව චෝදනා කරන්නේ මෙම තත්ත්වයට වගකිවයුත්තේ පවතින රජය බැව්ය. ජනතාවද යම් ආකාරයක වගකීමක් දැරිය යුතු වුවත්, මෙහි වඩාත් වගකීම බාරගත යුත්තේ රජය බැව් චෝදනා කරති. ලෝකයටම කොරෝනා මාරයා දායාද කළ චීනයෙන් අද දවසකටම රෝගීන් සොයා ගන්නේ 07 – 10ත් අතර ඉතා අල්ප ප්‍රමාණයකි. ලෝකයේ තවත් රටවල් රැසක්ද කොරෝනා වසංගතය ඉතා හොඳින් පාලනය කර ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවට මේ වන විට සිදුව ඇත්තේ මහා විනාශයකි.
කොරෝනා මාරයාගෙන් මෙරට ජනතාව බේරා ගැනීමට හැකි කිසිදු පාලකයකු හෝ රජයක් හෝ නොමැති මෙවන් භයංකර අවස්ථාවේදී, රටේ මිනිසුහුද මරණ බියෙන් හිස්ලූලූ අත දුවති. ලෝකයේ අනෙකුත් බොහෝ රටවල් තම ජනතාවට පර්යේෂණ කර සොයාගත් සාර්ථක එන්නත් ලබා දීමට කටයුතු යොදද්දී, ශ්‍රී ලංකාවේ රජය උත්සාහ කරන්නේ ජනතාවට ආයුර්වේද පැණියක් පෙවීමටය. මේ දිනවල එවැනි ආයුර්වේද පැණියක් ගැන ඇත්තේ මහා ආටානාටියකි. ‘කොවිඞ්-19’ රෝගය ඉතා සාර්ථකව මර්දනය කළ හැකි බටහිර රටවල් සොයාගත් එන්නත් දෙකක් මේ වන විට ලෝකයේ රටවල් රැසක් විසින් භාවිතයට ගැනීමට කටයුතු කරද්දී අපේ රටේ පාලකයන් කතා කරන්නේ පැණියක් ගැනය. නව එන්නත් ගැන තතු ඔවුන්ට සිහිනෙන්වත් පෙනෙන්නේ දැයි සැක සහිතය. කොරෝනා රෝගය හේතුවෙන් යම් අහිංසකයකු මියගිය විට එම පුද්ගලයාට ‘මරණ හේතු කේන්දරය’ හැදීමට නම් සෞඛ්‍ය බලධාරීන් අති දක්‍ෂය. එම කේන්දරය හැදීමට සූත්තරයක්ද ඇත. දිනයකින් දේහයට ගිනිතැබූ පසු මේ කිසිවක් සොයන්නේ කවුද? දීපාල් සිල්වා විසින් ‘ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සූ’ යැයි කිව්වේ මේ වැනි මිනිසුන් නිසාවෙනි.
මෙසේ ‘කොරෝනා මණ්ඩිය’ තුළ ශ්‍රී ලංකාව තෙපරබාමින් සිටියදී අද ලෝකයෙන් ඇසෙන්නේ විවිධ අපූරු කතාන්දරය. ඔබට දැන් ලියා තබන්නට යන එම වගතුග සුවිශේෂී එකක් වන අතර, අලුත්ම කතාවක්ද වෙයි. අද කොරෝනා වසංගතය හමුවේ ලොව රටවල් රැසක කතාවෙන මෙම විෂය හඳුන්වා ඇත්තේ, ‘වැක්සීන් ටුවරිසම්’ නොහොත් ‘එන්නත් සංචරණය’ ලෙසිනි. ‘කොවිඞ්-19’ රෝගය සඳහා වූ එන්නත් වර්ග 70ක් පමණ නිපදවීමේ පර්යේෂණ රැසක් පසුගිය කාලයේ ලෝකයේ රටවල් රැසකදී සිදුකෙරිණි. එහිදී අද ඉදිරියෙන්ම සිටින සාර්ථක එන්නත් දෙකක් මෙලෙස හැඳින්විය හැකිය. එන්නත් පර්යේෂණ ගැන අප මින් පෙර ලිපි කිහිපයක්ම ලියා තැබූ හෙයින්, මෙහිදී මෙම නව වගතුග පමණක් ලියා තබමු. විවිධ අතිශය පුළුල් පර්යේෂණ රැසක් හරහා ඉතා විශිෂ්ටත්වයකට සහ සාර්ථකත්වයකට පැමිණි එම එන්නත් 02 මෙසේය.

  • ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් – බයෝටෙක් එන්නත. මෙය ‘කොවිඞ්-19’ ප්‍රතිදේහ එන්නතකි.
  • එංගලන්තයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඞ් – ඇස්ට්‍රාසෙන්කා එන්නත. මෙයද ‘කොවිඞ්-19’ ප්‍රතිදේහ එන්නතකි.
    ‘වැක්සීන් ටුවරිසම්’ නොහොත් ‘එන්නත් සංචරණය’ ගැන ඔබට කියන්නට පෙර ඉහත එන්නත් ගැන තිබෙන සුවිශේෂී කතාව පැවැසිය යුතුය. එනම් මෙහි ප්‍රථම ස්ථානයේ තිබෙන එන්නත වන ඡසෙ‘ැර ඊසදබඑැජය නමැති ඇමෙරිකානු එන්නත සඳහා පසුගිය දෙසැම්බර් මුල් සතියේදී ඇමෙරිකානු ඖෂධ සහ ආහාර පරිපාලන අධිකාරිය ආයතනය විසින් අනුමැතිය ලබාදෙන ලදී. ඒ අනුව පසුගිය දෙසැම්බර් 11දා සිට එම එන්නත ප්‍රථම වරට පොදු ජනතා භාවිතය සඳහා ආරම්භ කරනු ලැබීය. ඉන් පෙර මෙම එන්නත ස්වේච්ඡා පුද්ගලයන් 60,000කට පමණ අදියර තුනක් යටතේ භාවිත කර සායනික පර්යේෂණ සාර්ථකව සිදුකළේය. ඒ අනුව මෙම එන්නත 90%කට වැඩි ප්‍රබල ක්‍රියාකාරිත්වයක් ඇති, එමෙන්ම කිසිදු අතුරු ආබාධ නැති එන්නතක් ලෙසට ආයතනය පිළිගෙන ඇත. මෙම සතුටුදායක පුවතත් සමඟ දැන් කොරෝනා මාරයාගේ දත් අතර සිරවී සිටින ලෝකයට යම් අස්වැසිල්ලක් ලැබී ඇත. එහෙත් මේ වන විට එම සහනයද හිමිවී ඇත්තේ අතේ මිටේ යහමින් කාසි පනම් ඇති උදවියට පමණක්ය.

  • ෆයිසර් – බයෝටෙක් එන්නත මේ වන විට ඇමෙරිකාවේ කොරෝනා රෝගය අතිශය උත්සන්නව තිබෙන ප්‍රාන්තවලට නොමිලයේ ලබාදෙන අතර, අනෙකුත් අවශ්‍ය පිරිස් සඳහා එම එන්නත්කරණය මුදල් ගෙවා සිදුකරගත හැකිය. මේ අනුව අද ලෝකයේ ධනවත් රටවල් රැසක සිටින පොහොසතුන් විශාල වශයෙන් මේ දිනවල ඇමෙරිකාවට පැමිණ මෙම එන්නත්කරණය සිදුකර ගැනීම ආරම්භ කර ඇත. මෙම එන්නත භාවිතයට ගෙන තවද ගතවී ඇත්තේ දින 10ක පමණ කෙටි කාලයක් වුවත් මේ සඳහා ඇති ඉල්ලුම ඉතාමත් උත්සන්න වී ඇත. කුමන රටක හෝ සිට ඇමෙරිකාවේ සිටින කාලයට වියදම් කිරීමටද ඉතා අධික මුදලක් වැයවෙයි. මේ හෙයින් ධනවතුන්ට පමණක් මෙම ‘එන්නත් සංචරණය’ නොහොත් ‘එන්නත් දේශටනය’ සිදුකරගත හැකිය. ඔවුන් මෙහිදී ඇමෙරිකාවට පැමිණෙන්නේ සංචාරකයන් ලෙස වුවත්, එම පිරිස් තවත් ආකාරයකින් හඳුන්වන්නේ ‘වෛද්‍ය සංචාරකයන්’ ලෙසිනි.

  • මෙවැනි වටපිටාවක් යටතේ පසුගියදා ඉතාමත් අපූරු පුවතක් වාර්තා වූයේ අපගේ යාබද ඉන්දියාවෙනි. එනම් ඉන්දියාවේ, මුම්බායි නුවර පිහිටා ඇති එක්තරා සුප්‍රකට ප්‍රධාන පෙළේ සංචාරක සේවා ආයතනයක් මගින් මෙම ‘එන්නත් සංචරණය’ උදෙසා දැන්වීම් පළකර තිබීමය. ඉන්දියාවේ සිට ඇමෙරිකාවට ගොස් අදාළ එන්නත්කරණය සිදුකර ගැනීමට කැමැති පිරිස් සඳහා එම කටයුත්ත වෙනුවෙන් සංචාරක සේවා සංවිධානය කිරීම පිළිබඳ තතු එම දැන්වීමේ විය. ඒ අනුව රාත්‍රි 3ක් ගතවන දින 4ක සංචාරයක් සඳහා ඉන්දියානු රුපියල් 1,75,000 (එක්ලක්‍ෂ හැත්තෑ පන්දහසක්)ක මුදලක් අය කරන බැව් එහි සඳහන්ව තිබිණි. මෙම මුදල සඳහා ඇමෙරිකාවට යෑමට සහ නැවැත ඉන්දියාවට ඒම සඳහාද ගාස්තු අන්තර්ගත අතර, හෝටලයක නැවැතී උදෑසන ආහාර වේල සඳහා පමණක් ලබාදෙන ගාස්තුවද අයත්ය. එමෙන්ම සුවිශේෂී කරුණ වන්නේ, යටකී එන්නත ලබා දීම සඳහා වැය වන ගාස්තුවද ඉහත පැකේජයට අන්තර්ගත වීමය. එමෙන්ම කෙටි වීසා අවසරයක්ද ලැබෙනු ඇතිය. ඉන්දියානු රුපියල් එක්ලක්‍ෂ හැත්තෑපන්දහසක් යනු ශ්‍රී ලංකා රුපියල්වලින් 4,38,000 (හාරලක්‍ෂ තිස්අට දහසක්)ක මුදලක් වනු ඇතිය. යාබද භාරතයෙන් ඇසුණු මේ පුවත ගැන මේ වන විට ඉන්දියානු මාධ්‍ය පවා මහත් උණුසුම් පුවත් මවමින් සිටිති. අදාළ ‘එන්නත් සංචරණය’ ආරම්භ කර ඇති ඉන්දියානු සංචාරක සමාගමේ කළමනාකාර අමාත්‍යවරයා මෙම අපූරු වැඩපිළිවෙළ ගැන ඉන්දියානු මාධ්‍යයට රසවත් කරුණු කිහිපයක් ප්‍රකාශ කර තිබිණි. ඔහු මෙසේ කියයි.
  • ‘ඉන්දියාවේ පළමු වතාවට තමයි මෙවැන්නක් සිදු කෙරෙන්නේ’ අප සමාගම තමයි පුරෝගාමියෝ වන්නේ. එහෙත් මෙය අපට ඕනෑ හිතුමතයකට කරන්න බැහැ. අප දැනට මේ ගැන ඇමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. මේ සියල්ලම සිදුවන්නේ වත්මන් ඇමෙරිකානු සෞඛ්‍ය නීති, රීතිවලට අනුවයි. ගමන අපි සංවිධානය කළත් එන්නත්කරණය සිදුවන්නේ ඇමෙරිකානු ක්‍රමවේදයට අනුවයි. අපගේ මෙම දැන්වීම් ප්‍රකාශ වීමෙන් පසුව මේ වන විට පුද්ගල විමසීම් දස, දහස් ගණනින් අප වෙත යොමුවෙලා තිබෙනවා. මේ සඳහා ඉතාමත්ම ඉහළ ප්‍රතිචාරයක් ලැබිලා තිබෙනවා. මෙතෙක් අප කිසිම අත්තිකාරම් මුදලක් හෝ ලබාගෙන නැහැ. එහෙත් මේ සංචරණයන් සඳහා සහභාගී වීමට කැමැති අයගේ සියලු විස්තර අප ලියාපදිංචි කර පරිගණකගත කර තබා ගන්නවා. එහිදී පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වයන්ද අප එක්රැස් කරගන්නවා. එසේම ගමන් බලපත්‍රයේ පිටපතක්ද, බැංකු ගිණුම් වාර්තාද අපි ලබාගන්නවා. ඉන්පසුව ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය ලැබුණු පසු ගමන සංවිධානය කරනවා. ඉන්දියාවේ සිටින යම් වත්කමක් ඇති ධනවත් වැසියන් බොහෝ විට මේ ගමන් සඳහා සහභාගි වේවි. කෙසේ හෝ තවමත් ඇමෙරිකාව මෙවැනි විදේශික පිරිස් සඳහා තම රටට පැමිණ එන්නත්කරණය සිදුකර ගැනීමට අවසර ලබාදී නැහැ. දැන් ඉන්දියාව මෙන්ම තවත් ලෝකයේ රටවල් රැසක් මේ අවසරය ඉල්ලා තිබෙනවා. ඉක්මනින්ම ඇමෙරිකාව එම අවසරය ලබාදේවි. මෙය එක්තරා අතකින් ඇමෙරිකාවට සංචාරක කර්මාන්තය සඳහාද පිටිවහලක් වෙනවා. මෙම අවසරය ලැබුණු සැණින් අප ඉන්දියානු ජාතිකයන්ගේ පළමු ගමන සංවිධානය කරනවා.’

  • මෙලෙස මෙම ‘එන්නත් සංචරණය’ සිදුකළ හැක්කේද අතේ මිටේ යහමින් කාසිපනම් ඇත්තන්ට පමණක්ය. කෙසේ වෙතත් හෙට අනිද්දාට ශ්‍රී ලංකාව තුළද මෙය සිදුවනු ඇත්තේ බොහෝ සාධාරණ හා අසාධාරණ ධනපතියන් රැසක්ම මෙරට තුළ සිටි හෙයිනි. මේ බොහෝ දෙනකු දුප්පතුන්ගේ දුක හඳුනන පෘථග්ජනයින් නොවේ. ලෝකය කොරෝනා මාරයා සමඟ ගැටෙන විට මෙම සමයේදී ශ්‍රී ලංකාව සිටින්නේ අධික නිද්‍රාශීලී තත්ත්වයකය. ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ දිවි ගලවා ගන්නට මෙහි එන එන්නතක් නැත. නායකයෝ සහ බලධරයෝ උදේ – හවස බණ පමණක් දෙසති. ඔවුන් ටික දිනක් යන විට ලංකාවේ පැණි බොන්නට සුද්දන් මෙහි ගෙන්වීමට නම් ඉඩ ඇතිය.

ආසියාවේ අනෙක් රටවල් කරන දේවල්

‘මලට බඹරකු සේ’ කොරෝනාවට බෙහෙත් පැණි සොයන්නට ශ්‍රී ලංකා රජය අතන, මෙතන දුවමින් සිටියදී, ලෝකයේ රටරටවල් රාශියක් තම ජනතාව මරණ මංචකයෙන් බේරා ගන්නට යුහුසුළුව එන්නත් සොයා යෑමට කටයුතු කරමින් සිටියි. ඇමෙරිකාව සහ බටහිර යුරෝපයේ රටවල් පමණක් නොව, ආසියාවේ රටවල් රාශියක්ද පවා මෙම බුද්ධි මෙහෙවරට පය තබා ඇත. ජාත්‍යන්තරව පළවන එම ලැයිස්තුවේ තවමත් නැත්තේ ශ්‍රී ලංකාව පමණි. එම රටවල් දෙස බලද්දී ශ්‍රී ලංකාව තවමත් ඇත්තේ ‘නියැන්ඩතාල්’ මානවයාගේ ගල් යුගයේය. ශ්‍රී ලංකාවේ ජනතාවට දෙවියන්ගේ පිහිට හැරෙන්නට වෙන පිහිටක් නැත. එම වගතුග මෙසේය.

ඉන්දියාව

සියලු බටහිර රටවල් පවා අභිභවා යමින් කොවිඞ්-19 එන්නත් මිලදී ගැනීමට සැලැසුම් කර ඇති ලෝකයේ අංක එකේ රට වන්නේ අපගේ යාබද ඉන්දියාවයි. දැනට අනුමැතිය ලැබී ඇති ‘ඔක්ස්ෆර්ඞ් – ඇස්ත්‍රාසෙනෙකා’ එන්නත ප්‍රධානව බිලියන 1.5ක එන්නත් මාත්‍රා මිලදී ගැනීමට ඉන්දියාව සැරැසෙයි. ඉතා පහසු සෙන්ටිග්‍රේඞ් අංශක 01 යටතේ ගබඩා කළ හැකි මෙම එන්නතේ මාත්‍රා මිලියන 600ක් ඉතා ඉක්මනින්ම මාසයක් අතුළතදී මිලදී ගැනීමටද කටයුතු යොදා ඇත.

මැලේසියාව

මැලේසියාවේ ජනතාව වෙනුවෙන්, දැනට අනුමැතිය ලැබී ඇති ‘ෆයිසර් – බයෝඑන්ටෙක්’ එන්නතේ මාත්‍රා මිලියන 12.8ක් මිලදී ගැනීමට ගිවිසුම් අස්සන් කර ඇත. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය තම ජනතාව වෙත මෙම එන්නත නොමිලයේ ලබාදෙයි.

තායිලන්තය

‘ඔක්ස්ෆර්ඞ් – ඇස්ට්‍රාසෙන්කා’ එන්නතෙහි මාත්‍රා මිලියන 13ක් මිලදී ගැනීමට තායිලන්ත රජය ඩොලර් මිලියන 79ක් (බාත් මිලියන 2.38) සුවිශාල මුදලක් වෙන්කර ඇත. එම කටයුතු යුහුසුළුව සිදුවෙමින් පවතියි.

පිලිපීනය

‘ඔක්ස්ෆර්ඞ් – ඇස්ට්‍රාසෙන්කා’ එන්නතෙහි මාත්‍රා මිලියන 2.6ක් මිලදී ගැනීමට කටයුතු යොදා ඇත. දෙවැනි අදියරක් යටතේදීද තවත් මාත්‍රා තොගයක් මිලදී ගැනීමට එරට රජය බලාපොරොත්තු වෙයි.

දකුණු කොරියාව

‘ඇස්ට්‍රාසෙන්කා,’ ‘ෆයිසර්’ යන ප්‍රධාන පෙළේ එන්නත් දෙකම මිලදී ගැනීම සඳහා දකුණු කොරියානු සෞඛ්‍ය අමාත්‍යාංශය ගිවිසුම් අස්සන් කර ඇත.

ඉන්දුනීසියාව

සාර්ථක ප්‍රතිඵල ගෙනදී ඇතැයි පැවසෙන චීනයේ නිෂ්පාදිත ‘සිනෝවැක්’ (ීසබදඩ්ජ) එන්නත මිලදී ගැනීමට කටයුතු යොදා ඇත.

කාම්බෝජය

චීනයේ නිෂ්පාදිත ‘සිනෝවැක්’ එන්නත මෙන්ම, රුසියාවේ නිපදවා ඇති සාර්ථක එන්නතක් වන ‘ස්පුට්නික්-වී’ නමැති එන්නතද ලබා ගැනීමට කාම්බෝජ රජය කටයුතු කරමින් සිටියි.

ලාඕසය

‘සිනෝවැක්’ සහ ‘ස්පුට්නික්-වී’ නමැති චීන සහ රුසියානු එන්නත් දෙකම මිලදී ගැනීමට ලාඕස රජය සාකච්ඡා පවත්වමින් සිටියි.

චීනය

චීනය තමන්ගේ ජනතාව වෙනුවෙන් වෙනත් කිසිම රටක නිෂ්පාදිත එන්නත් වර්ග ලබාගන්නේ නැති අතර, එම රටෙහිම නිෂ්පාදිත ‘සිනෝවැක්’ එන්නත භාවිත කරනු ලබයි.

ජපානය

ලෝකයේ අතිශය ධනවත් රටක් වන ජපානය ඇමෙරිකාවේ සහ එංගලන්තයේ නිෂ්පාදිත එන්නත් වර්ග දෙකම (ඔක්ස්ෆර්ඞ් සහ ෆයිසර්) මාත්‍රා මිලියන 145ක් ලබා ගැනීමට කටයුතු යොදා ඇත.
ඉහත ආසියානු රටවල් 10ට අමතරව තවත් ආසියානු රටවල් 25ක් පමණ මේ වන විට තමන්ගේ ජනතාව වෙනුවෙන් එන්නත් වර්ග ලබා ගැනීමට කටයුතු කරමින් සිටියි. මෙම වටාපිටාවේදී ශ්‍රී ලංකාව ගැන ආරංචි වන පුවත නම්, ලෝකයේ දුප්පත් රටවලට ආධාර කරනු ලබන ‘ගැවි’ නමැති ගෝලීය එන්නත්කරණ සංවිධානය විසින් කුමන හෝ එන්නතක් ශ්‍රී ලංකාවට ලබා දීමය. එහෙත් මෙතෙක් එයට කිසිදු දිනයක්ද සඳහන්ව නැත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොරෝනා එන්නත අද මහින්දට දෙයි

Next Post

කොරෝනා සිරුරු තියාගන්න සෞඛ්‍ය ප්‍රධානියා අලි සබ්‍රිගෙන් AC බහාලුම් 5ක් ඉල්ලයි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.