කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කරන ලද එන්නතක් අද (22) දිනයේදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙම එන්නත සංකේතාත්මකව අද දිනයේ පිරිනමනු ඇති බවත් වාර්තා වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සදහා ඉදිරියේදී අනුමත කරන එන්නතක් ශ්‍රී ලංකාවට මාත්‍රා ලක්ෂ විස්සක් ලබාදීමට නියමිතය.
අද දිනයේ සිදු කිරීමට නියමිතව ඇත්තේ එය සංකේතාත්මකව බාර දීමයි.
ඉන් අනතුරුව නියම කරන දිනයක දී එම වැඩපිළිවෙළට අනුව එන්නත් ලබා දීමට නියමිතව ඇත.










