කොරෝනා මළසිරුරු ශීතාගාරවල තැන්පත් කිරීම සදහා ඇතිකරගෙන ඇති එකගතාව මත අධිශීත බහාලුම් පෙට්ටි 5ක් ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
එම බහාලුම් පෙට්ටි 5 කොළඹ, මහනුවර, මීගමුව, කල්මුණේ සහ කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.











