ජනාධිපතිවරණය සම්බන්ධ මාතෘකාවද මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මෙම සටනට මේ වන විට එක්ව ඇති අලුත්ම චරිතය වන්නේ වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියය. චන්ද්‍රිකා මෙලෙස යළිත් දේශපාලන කරළියට පිවිස ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ අපේක්ෂකයා බවට පත්කොට ඔහුගේ සහායට අනෙකුත් කණ්ඩායම් එක්කිරීමේ අරමුණ ඇතිවය. ඒ අනුව, චන්ද්‍රිකා මුලින්ම උත්සාහ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහාය ගෙන ඒ හරහා රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටය. තමන්ට හිතවත් මහින්ද අමරවීර උපයෝගී කරගෙන චන්ද්‍රිකා මෙම මෙහෙයුම දියත් කර තිබිණි. නමුත් ඊට ඇතුළෙන්ම ප්‍රබල විරෝධයක් මතුවීමත් සමග එම මෙහෙයුම අතහැර දැමීමට චන්ද්‍රිකාට සිදුව තිබිණි.Sri Lanka Latest News
චන්ද්‍රිකාගේ ඊළඟ සැලසුම වූයේ ශ්‍රීලනිපයේ බලය සියතට ගෙන ඒ හරහා රනිල්ට සහාය දෙන වේදිකාවක් සකස් කිරීමටය. ඒ සඳහා චන්ද්‍රිකා පසුගිය සතියේදී අතරමැදියකු මාර්ගයෙන් ශ්‍රීලනිප නායක සහ සභාපති මෛත්‍රිට යෝජනා මාලාවක් යැවීමට පියවර ගත්තාය. එමගින් චන්ද්‍රිකා මෛත්‍රිට දැනුම් දී තිබුණේ තමන් යළිත් ශ්‍රීලනිපයට එක්වීමට සූදානම් බවත්, ඒ සඳහා පක්ෂයේ සභාපති තනතුර සහ ක්‍රියාකරී බලතල තමන්ට ලබාදිය යුතු යැයි කියාය. මෛත්‍රී හට මෙම යෝජනාවලිය ලැබුණද තවමත් මෛත්‍රීගේ පැත්තෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.










