සමගි ජන බලවේගයේ කිසිවකුත් ආණ්ඩුවට නොයන බවත්, එසේ යනවා නම් යන්නේ ඇමැතිකම් සහ මිලියන 200ක 300ක මුදලකට විකිණී බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රාජිත සේනාරත්න මහතා ඇමැතිකමක් ගෙන ආණ්ඩුවට ගියහොත් ඒ යන්නේ වළපල්ලට බවය.
ඔහුට ඇමැතිකම් කිරීමට සිදුවන්නේ රාජපක්ෂවරුන් සමග බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
සී නිව්ස් පුවත!

ලීඩර් කියපු කතාව!

නෙත් කියපු කතාව!

මව්බිම දාපු ප්‍රවෘත්තිය!

සීනිව්ස් දාපු කතාව!

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 20ක්, 40්ක් අද දින ආණ්ඩුවට එක් වන බවට පසුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය ජාලාවල පුවත් පළ කොට තිබුණද ඒ සියලු පුවත් අසත්‍ය බව අද දිනයේදී දැකගන්නට ලැබීණ.
පසුගිය දින කිහිපයේදී නෙත් නිව්ස්, මව්බිම, දී ලීඩර්, සී නිවිස් වැනි වෙබ් අඩවි දිගින් දිගටම පුවත් පළ කරමින් කියා සිටියේ සජබ මන්ත්‍රීවරුන් 40කට ආසන්න පිරිසක් අද දිනයේදී ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින බවකි.
කෙසේවෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද මාධ්‍ය හමුවලදී සදහන් කර සිටියේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන්නේ නම් ලක්ෂ 2000ක් දෙන බවට විවිධ පාර්ශ්වවලින් යෝජනා ඉදිරිපත්ව ඇති බවකි.
මීට අමතරව අද දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ පවුලට අයත් ඩේලිමිරර් පුවත්පතද සිය මුල් පුවත මගින් සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කිරීමට පියවර ගෙන තිබිණ.
එම පුවත අසත්‍යයක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න මහතාද පසුව ට්විටර් පණිවුඩ තබමින් අවධාරණය කොට තිබිණ.

අද දින ඩේලිමිරර් පුවත්පත සිය මුල්පුවත මගින් වාර්තා කොට ඇත්තේ සජබ ජ්‍යෙෂ්ඨයන් තිදෙනකු වන හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ජනාධිපතිවරයා සමග එක්වීමට නියමිතව ඇති බවත්, හර්ෂ ද සිල්වා මහතාට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධූරය හිමිවීමට නියමිතව ඇති බවත්ය.
ඉරාන් වික්‍රමරත්න මහතා අමාත්‍ය ධූරයක් ඉල්ලා නැති බවත්, කබීර් හෂීම් මහතාට ලබා දෙන අමාත්‍ය ධූරය පිළිබදව තවමත් සාකච්ඡා වෙමින් පවතින බවත් එම පුවතේ සදහන්ය.
එමෙන්ම ඊයේ රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතා තලවතුගොඩ ඉම්පීරියල් මොනාක් හෝටලයේදී සිය මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී ඇති බවත්, එහිදී ආණ්ඩුවට එක් නොවන ලෙසට ආයාචනා කොට ඇති බවත් එම පුවතේ සදහන් වේ.

මෙම පුවත ලියා ඇත්තේ ජමිලා හුසේන් නැමැති මාධ්‍යවේදිනියක විසිනි.
කෙසේවෙතත් අද පෙරවරුවේම මෙම අසත්‍ය පුවතට ප්‍රතිචාර දැක්වීමට විපක්ෂනායකවරයාත්. හර්ෂ ද සිල්වා මහතාත් පියවර ගෙන තිබිණ.
ඒ අනුව ට්විටර් පණිවුඩයක් තබමින් විපක්ෂනායකවරයා සදහන් කොට ඇත්තේ සැබෑ මාධ්‍යකරණයේ නියැලීමට ඊළග වතාවේ හෝ උත්සාහ කරන ලෙසටය.
හර්ෂ ද සිල්වා මහතා සදහන් කොට ඇත්තේ ඩේලිමිරර් පුවත්පත තමන්ටත් වඩා හොදින් තමන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබදව දැන සිටිනා බව පෙනෙන්නට ඇති බවත්, මෙම පුවත සම්පූර්ණයෙන්ම හිතලුවක් බවත්ය.
සජිත් තැබූ ට්විටර් සටහන!
Sounds more like @Dailymirror_SL losing its grip on being relevant. Try real journalism next time. https://t.co/gqYzE1SGbk
— Sajith Premadasa (@sajithpremadasa) April 4, 2023
හර්ෂ තැබූ ට්විටර් සටහන!
Looks like the @Dailymirror_SL knows more about my life than myself. Yes, I said reforms are essential and current #SriLanka plan w @IMFLive is similar to our Blueprint except for their total lack of focus on social safety nets. But all of this stuff is pure conjecture 😁 pic.twitter.com/PTFVJf2M09
— Harsha de Silva (@HarshadeSilvaMP) April 4, 2023
ඩේලිමිරර් බොරුව ලංකාසීනිව්ස් අද දාලා තිබ්බ හැටි!











