• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මව්රට’ හෙළිදරව්ව අනුර තහවුරු කරයි: ගෝඨා 2024 ජනාධිපතිවරණයට නෑ: එන්නෙ බැසිල් (VIDEO)

March 11, 2021
in Exclusive
Reading Time: 9 mins read
A A
‘මව්රට’ හෙළිදරව්ව අනුර තහවුරු කරයි: ගෝඨා 2024 ජනාධිපතිවරණයට නෑ: එන්නෙ බැසිල් (VIDEO)
Share on WhatsAppShare on Facebook

2024 ජනාධිපතිවරණ සටන සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන බවත් බැසිල් රාජපක්ෂ මහතා ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඊයේ (10) දින විශේෂ දේශනයකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

ඉකුත් සතියේ අප පුවත්පතේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මේ බව මුල් වතාවට හෙළිදරව් කර සිටි අතර වෙනත් කිසිදු පුවත්පතක් ඒ පිළිබද කිසිදු අනාවරණයක් කර තිබුණේ නැත.

රාජ්‍ය රහස් හෙළිදරව්ව මෙන්න

ගෝඨාභය 2024 සටනට නෑ

ඉකුත් ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක ජනතාවකගේ මනාපය රැගෙන මෙරට ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව කිවහොත් ඔබ පුදුම වනවාට කිසිදු සැකයක් නැත. නමුත් ඒ සම්බන්ධ සිදුවීම පෙළක් සම්බන්ධයෙන් සමාජ වෙබ් අඩවි ජාල විශේෂ පුවතක් පළකර තිබිණ. අපට දැනගන්නට ඇති ආරංචිවලට අනුව ජනාධිපතිවරයා මෙම කාරණය ප්‍රසිද්ධියේ රටට නොකීවද එය දැනුම් දිය යුතු පක්ෂ නායකයන්ට, සිය හිතවතුන්ට සහ පවුලේ උදවියට දැනටමත් ඒ බව දැනුම් දී අවසන්ය.

මීට අමතරව ජනාධිපතිවරයා ඉකුත් කාලයේදී තමන් හමුවීමට පැමිණි ස්වාමීන් වහන්සේලා කිහිප නමකටද මෙම කාරණය දැනුම්දීමට කටයුතු කර තිබිණි. එම තොරතුරු කනින් කොණින් කටකතා වශයෙන් හෝ ඕපාදූප වශයෙන් හෝ තැන් තැන්වල කියැවුණද ජනාධිපතිවරයා එය පක්ෂ නායකයන් ඉදිරියේ නිල වශයෙන් සඳහන් කිරීමට පියවර ගෙන තිබුණේ ඉකුත් සතියේදීය. එම හමුවට පොහොට්ටුව හැර ආණ්ඩුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ නියෝජිතයන් සහභාගී වී තිබිණ.

විමල් එක්ක විශේෂ සාකච්ජාවක්

මෙම හමුවට කලින් තවත් එක්තරා විශේෂ පුද්ගලයකු සමඟද ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණ. ඒ අන් කවුරුවත් නොව පසුගිය සති කිහිපය තුළදීම ආණ්ඩුව ඇතුළේ කැරලිකාරයාගේ චරිතයට පණ පෙවූ විමල් වීරවංශය. විමල් ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් නිර්මාණය කරමින් මාධ්‍යයට කර තිබූ ප්‍රකාශයකින් කියා තිබුණේ ජනාධිපතිවරයා වහාම දේශපාලන කටයුතු සඳහා සම්බන්ධ කරගත යුතු බවත්, ඒ සඳහා පොහොට්ටුවේ ඉහළ තනතුරක් ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවත්ය. විමල්ගේ මේ ප්‍රකාශයට සහාය දක්වමින් ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ දහයක් පමණ තැන් තැන්වල මුණගැසී සාකච්ඡා කිරීම නිසා ආණ්ඩුවේ අනෙකුත් පාර්ශ්වයන් පමණක් නොව ජනාධිපතිවරයාද මුහුණදී සිටියේ දැඩි අසීරුතාවයකටය. ඒ නිසාම පක්ෂ නායකයන් හමුවීමට කළින් විමල්ව මුණගැසීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණ.

විමල්ට තහනම් නියෝගයක්

මෙම සාකච්ඡාවේදී පැහැදිලිවම ජනාධිපතිවරයා විමල්ට දැනුම්දී සිටියේ තමන්ව මුල්කරගෙන ආණ්ඩුව ඇතුළේ ගෙනයන මෙහෙයුම වහාම නවත්වන්න යැයි කියාය. තමන් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ බවත්, ඒ හරහා ජයග්‍රහණය කළ බවත් මෙහිදී විමල්ට කියා සිටි ජනාධිපතිවරයා තමන්ට වෙනත් කිසිදු බලවේගයක හෝ දේශපාලන බලවේගයක කිසිදු තනතුරක් දැරීමේ සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් විමල්ට පෙන්වා දුන්නේය. එම නිසා මින් ඉදිරියට පක්ෂවල තනතුරුවලට තමාගේ නම සම්බන්ධ කරමින් අදහස් නොදක්වන ලෙසද එහිදී ජනාධිපතිවරයා විමල්ට දැනුම්දී සිටියේය.

විමල්ගේ හඩ නිහඩ වෙයි

එමෙන්ම යළිත් වතාවක් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අදහසක් තමන්ගේ සිතේ නැති බවද ජනාධිපතිවරයා එහිදී විමල්ට දැනුම් දී සිටීමට පියවර ගත්තේය.
ජනාධිපතිවරයා විමල්ට කළ මෙම දැනුම්දීමත් සමඟ ජනාධිපතිවරයාට පොහොට්ටුවේ තනතුරක් ලබා දිය යුතු බව කියමින් විමල් ආණ්ඩුව ඇතුළේ කල්ලියක් නිර්මාණය කරගෙන ගෙනගිය මෙහෙයුම හිටිහැටියේම කඩාවැටුණු ආකාරයක් දැකගත හැකි විය. අදාළ සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් විමල්ගෙන් එම සාකච්ඡාව පිළිබඳව විමසද්දී තනතුරු සම්බන්ධයෙන් වචනයක්වත් නොකී විමල් ආණ්ඩුව ඇතුළේ මතුව ඇති අර්බුද විසඳා ගැනීම සඳහා සෑම දෙසතියකට වතාවක් ජනාධිපතිවරයා සමඟ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවද සඳහන් කර සිටියේය.

පක්ෂ නායකයන්ටත් තීන්දුව දැනුම් දෙයි

ජනාධිපතිවරයා ඉකුත් සතියේ ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ නායකයන් මුණගැසුණේ එම පොරොන්දුවට අනුවය. නමුත් එම සාකච්ඡාවට විමල් සහභාගි වී නොසිටියේ ඊට කලින් පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විමල්ට කියන්නට අවශ්‍ය දේ කෙළින්ම කී නිසා විය යුතුය.

කෙසේ වෙතත් පක්ෂ නායකයන් සමඟ පැවැත් රැස්වීමේදී මුලින්ම ආණ්ඩුව ඇතුළේ තමන්ට මුහුණදීමට සිදුව ඇති අර්බුද, පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සිදුවන කෙණෙහිලිකම්, බැසිල් රාජපක්ෂ මහතාගෙන් සිදුවන මදිපුංචිකම් ආදිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පක්ෂ නායකයෝ පියවර ගත්හ. ජනාධිපතිවරයා ඔවුන් සඳහන් කළ සියලුම කරුණුවලට ඉතා හොඳින් ඇහුම්කන් දෙමින් සිටි ආකාරයක් දැකගන්නට ලැබුණු නිසා සියල්ලන්ම සිතා සිටියේ ජනාධිපතිවරයා වහාම එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට මැදිහත් වනු ඇතැයි කියාය. නමුත් මේ සියල්ලම අසා සිටි ජනාධිපතිවරයා අවසානයේදී සඳහන් කර සිටියේ ඔවුන් හීනෙකින්වත් අසන්නට සූදානම්ව නොසිටි කාරණයකි.
“මම ආයෙමත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවෙන්න තීන්දු කරලයි තියෙන්නෙ. ආයෙමත් මම ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට තරගයට එන්නෙ නැහැ. ඕගොල්ලො ඊළඟ ජනාධිපතිවරණයට හොඳ අපේක්ෂකයෙක් හොයාගන්න. හැබැයි එහෙම තෝරගනිද්දි දෙමළ, මුස්ලිම් සුළුජාතික ඡන්ද දිනාගන්න පුළුවන් අපේක්ෂකයෙක් ඕගොල්ලො හොයාගන්න ඕනෙ. මොකද ඊළඟ ඡන්දය සුළු ජාතික ඡන්ද නැතිව දිනන්න අමාරුයි. සිංහල බෞද්ධ ඡන්ද ටික අරන් දෙන එක මම කරල දෙන්නම්….” යනුවෙන් ජනාධිපතිවරයා දිගටම කියාගෙන යද්දී පක්ෂ නායකයන් සිටියේ කිසිවක් කියාගත නොහැකිව එකිනෙකාගේ මුහුණු බලමින් තුෂ්ණිම්භූතවය.

ඔය කතාව එළියෙ නම් කියන්න එපා… -දයාසිරි

ඒ අනුව අසීරුවෙන් හෝ වචන ගැලපුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වන දයාසිරි ජයසේකරය. දයාසිරි කියා සිටියේ පක්ෂ නායකයන් ඉදිරියේ මෙම කරුණු කීවද ජනතාව ඉදිරියේ කිසිසේත්ම මෙවැන්නක් ප්‍රකාශ කිරීමට පියවර නොගන්නා ලෙසය.

“ජනාධිපතිතුමනි, ඔබතුමා ඔය කතාව අපි ඉස්සරහ කිව්වට මිනිස්සු ඉස්සරහ නම් කියන්න යන්න එපා. දැනටමත් ගොඩක් අය වෙනස් වෙලා ඉන්නෙ. ඒ අස්සෙ ඔබතුමා ඕක කිව්වොත් එහෙම අපි මේ කරන වැඩ ටිකවත් කරගන්න ලැබෙන එකක් නෑ….” යනුවෙන් දයාසිරි කියද්දී ගම්මන්පිලද එම කරුණම ජනාධිපතිවරයාට දැනුම්දීමට පියවර ගත්තේය. නමුත් දයාසිරිගේ සහ ගම්මන්පිලගේ එම අදහස්වලට ජනාධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නට ගියේ නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයා කළේ තමන්ට සුපුරුදු මද සිනහව පෑම පමණි. එමෙන්ම රැස්වීම අවසන් කරමින් ජනාධිපතිවරයා නැවැත වතාවක් පක්ෂ නායකයන්ට දැනුම්දී සිටියේ සුළු ජාතික පක්ෂවල විශ්වාසය දිනාගත හැකි අපේක්ෂකයකු සොයා ගැනීමට පියවර ගන්නා ලෙසය.

ගෝඨා නැත්නම් එන්නෙ කව්ද

මෙම සිදුවීම එතැනින් අවසන් වුවද ඒ හරහා මතුවූ ඊළඟ ප්‍රශ්නය වුණේ ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට සොයා ගැනීමට යැයි කියන ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්නය. ජනාධිපතිවරයා සඳහන් කරන ආකාරයට සුළු ජාතික පක්ෂ සහාය ලබාගැනීමට හැකි ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්නය. ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට එකතු වන ලෙස ඉඟි කරන්නේ කා සමගද යන්නය.

ජනාධිපතිවරයා එම අවස්ථාවේදී නමක් ගමක් සඳහන් නොකළද එම තොරතුර වාර්තා වීමත් සමඟ අපිද ජනාධිපතිවරයා මේ කියන්න යන්නේ කා ගැනද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමක නිරත වීමු. ඊට හේතු වූයේ ජනාධිපතිවරයා ආවාට ගියාට මෙවැනි කතාවක් පක්ෂ නායකයන් ඉදිරියේ කිසිසේත්ම පැවසීමට ඉඩක් නොමැති බැවිනි. ඒ අනුව ආණ්ඩුවේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ගැන මේ වන විටත් රාජපක්ෂ පවුල අතර අවසන් එකඟතාවක් සිදුව ඇති බව ජනාධිපතිවරයාගේ මෙම කතාවෙන් හොඳටම පැහැදිලිය. එහිදී අප කළ ගවේෂණයේදී අපට පැහැදිලිවම පෙනී ගියේ ජනාධිපතිවරයා කී ආකාරයට ඊළඟ ජනාධිපතිවරණයේදී සිංහල ඡන්ද මෙන්ම දෙමළ, මුස්ලිම් ඡන්දද දිනාගත හැකි එකම නායකයා වෙන කවුරුවත් නොව බැසිල් රාජපක්ෂ මහතා විය යුතුය යැයි කියාය.

බැසිල් 2024ට සූදානම් වෙයි

බැසිල්ද ඇත්තටම මේ වන විට සූදානමින් සිටින්නේ ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් තරගයට ඉදිරිපත් වීමට සැලසුම් සකස් කරමින්ය. නමුත් නිසැකවම බැසිල්ගේ මෙම තීන්දුවට පොහොට්ටුව ඇතුළෙන් කැරලි මෙන්ම කැපිලි, කෙටිලිත් එල්ලවීමට ඉඩ තිබේ. එමෙන්ම දැනටමත් බැසිල් තරගයට පැමිණියහොත් පරාජය කළ හැකි බවට ආණ්ඩුවේ ඇතුළේ සිටින යම් යම් බලවේග, විපක්ෂයේ දේශපාලන සංවිධාන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද සිතා සිටින බවක් දැකගන්නට ඇත. එය ඉතා පහසු කටයුත්තක් ලෙස ඔවුන් සිතා සිටියද අපට කීමට ඇත්තේ හිතන තරම් එය පහසු වැඩක් නොවනු ඇතැයි කියාය. මන්ද යත් බැසිල්ට ඒ සඳහා අවශ්‍ය කාලය සහ තුරුම්පු උවමනාවටත් වඩා ඉතිරිව තිබීම ඊට හේතුවය.

පරද්දන්න ලේසි වෙයිද

මීට පෙර ජනාධිපතිවරුන් වශයෙන් තේරී පත්වූ බොහෝ දෙනකු ඒ සඳහා සූදානම් වූයේ උපරිම වශයෙන් අවුරුද්දකට, එකහමාරකට අඩු කාල සීමාවක් ඉතිරිව පැවතියදීය. නමුත් බැසිල්ට ඒ සඳහා සූදානම් වීමට තවත් වසර තුනකට ආසන්න කාලයක් ඉතිරිව තිබේ. එමෙන්ම බැසිල් යනු දේශපාලන ක්‍රීඩාවේදී තුරුම්පු අතේ තබාගෙන ක්‍රීඩා කිරීමට උපන් රුසියෙකි. ඒ ඒ තුරුම්පු ඇදිය යුතු වේලාවල් මොනවාද යන්න බැසිල් හොඳහැටි දනී. එම නිසා බැසිල්ට තමන්ගේ අතේ ඇති ඒ තුරුම්පු අදින්නට තවත් අවුරුදු තුනක කාලයක් ඉතිරිව තිබේ.

එමෙන්ම බැසිල්ට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන විටදී තුනෙන් දෙකක ශක්තිමත් ආණ්ඩුවක සහාය ඔහුට හිමිවනු ඇත. එමෙන්ම 69 ලක්ෂයක ජනතාවගේ ඡන්දය ලබාගත් ජනාධිපතිවරයකුද ඔහු පසුපස හිඳිනු ඇත. එම නිසා අපට කියන්නට ඇත්තේ බැසිල් පරාජයට පත්කිරීම හිතන තරම් ලෙහෙසි, පහසු එකක් නොවනු ඇතැයි කියාය.

SendShareShare
Previous Post

ලාබෙට බඩු ගන්න බන්දුලගේ ගෙදරට යන්න (VIDEO)

Next Post

අශෝක් අද CIDයට

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.