• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම විස්ම කරමින් කන්න නැතිව ජපානයේදී මිය ගිය අපේ විශ්මා

March 23, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
රටම විස්ම කරමින් කන්න නැතිව ජපානයේදී මිය ගිය අපේ විශ්මා
Share on WhatsAppShare on Facebook

පසුගිය කාල සීමාව පුරාම අපේ රටෙන් අහන්න දකින්න ලැබුණේ ඒ තරම් සුබවාදී කරුණු කාරණා නෙවෙයි. විශේෂයෙන් කාන්තාවන් සම්බන්ධයෙන් ඒ තත්ත්වය වඩාත් බැරෑරුම් වුණා. විශේෂයෙන්ම කොළඹ වේල්ල වීදියේදී හමු වූ රත්නපුරයේ තරුණියගේ මළ සිරුර සති කිහිපයක් පුරාවට අපේ රටේ ප්‍රධාන පුවත බවට පත් වෙලා තිබුණා. ඒ ගැන අමුතුවෙන් කාටවත් මතක් කරන්න ඕනෑ නැහැ. මේ අතරේ පසුගිය දිනක අපේ රටේ කාන්තාවක් ගැන තවත් දුක්බර ආරංචියක් අපට දැන ගන්න ලැබුණා. අපේ රටේ කාන්තාවක් වුණත් ඇය පිළිබඳව කනගාටුදායක ආරංචිය ලැබුණේ විදේශීය රටකින්. ඒ හින්දා මේ කතාවේ සංවේදී බව තවත් වැඩියි කියලයි අපට හිතෙන්නේ.

මේ කතාව අපට අහන්න ලැබුණේ ජපානයෙන්. ජපානය කිව්ව ගමන් හැම දෙනාටම මතක් වෙන්නේ අතිශයින් දියුණු, සුඛෝපභෝගී පහසුකම්වලින් යුතු සුන්දර රටක්. ඇත්තටම ජපානය හරිම සුන්දරයි. ඒ ගැන විවාදයක් නැහැ. දකින දකින හැම තැනක්ම සකුරා මලින් පිරී ඉතිරී යන මේ කාලයට ජපානය තවත් සුන්දරයි.

ඒත් ශ්‍රී ලංකාවේ සිට ජපානය බලා ගොස් සිටි රත්නායක ලියනගේ විශ්මා සඳමාලි නැමැති තරුණිය සම්බන්ධයෙන් පසුගිය සතියේ වාර්තා වූ සිදුවීම ජපානයේ සුන්දරත්වය යටින් ඇති බියකරු බව සැමට පෙන්වා දුන් එක් අවස්ථාවක් වුණා කිව්වොත් හරි. ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි එම තරුණිය ජපානය බලා ගොස් ඇත්තේ 2017 වසරේදී. පසුගියදා අවාසනාවන්ත ආකාරයෙන් මියයද්දි ඇගේ වයස අවුරුදු 33ක් වූ බවයි සඳහන් වෙන්නේ.
තම අනාගතය සාර්ථක කර ගැනීම සඳහා ජපානය වැනි දියුණු රටකට සංක්‍රමණය වීම ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල බොහෝ තරුණ තරුණියන්ගේ සිහිනයක්. විශ්මාත් ඒ සිහිනය ඒ විදියටම දකින්න ඇති. ඒ සිහිනය සැබෑ කර ගනිමින් ජපානයට පා තබන්න ඇයට අවස්ථාවත් උදා වෙලා තියෙනවා.

ඒත් ඒ සිහිනය නියමාකාරයෙන් සැබෑ කර ගන්න එක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. අධ්‍යාපන වීසා ලබා ගනිමින් ජපානයට යන එක ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි. ඒත් නියමිත කාලය තුළ නියමිත පරිදි අධ්‍යාපනය අවසන් කරමින් ජපානයේ දීර්ඝකාලීනව රැඳි සිටීම සඳහා බලපත්‍රය ලබා ගැනීම හරිම අමාරු වැඩක්. ඒ හේතුවෙන් අධ්‍යාපන වීසා ලබා ගනිමින් ජපානයට යන බොහෝ දෙනකුට තමන්ගේ සිහිනය නියමාකාරයෙන් සැබෑ කර ගන්න බැරි වෙනවා.
ජපානයට යන බොහෝ දෙනකු අර්ධකාලීන රැකියාවල නිරත වෙන ගමන් තමයි අධ්‍යාපනය හදාරන්නේ. එහි අධ්‍යාපන කටයුතු සඳහා වාර්ෂිකව විශාල මුදලක් අවශ්‍ය වීම තමයි ඊට හේතුව. මේ දෙක සමබරව කරගෙන යෑම බොහෝ අසීරු දෙයක්. ඒ හින්දම ජපානයට යන ඇතෙමෙකුට නියමිත කාලය තුළ නිසියාකාරයෙන් අධ්‍යාපන කටයුතු නිමා කර ගන්න බැරි වෙනවා. ඒ කිසිවෙකුටත් ජපානයේ දීර්ඝකාලීනව රැඳී සිටීමේ සහ රැකියා කිරීමේ බලපත්‍ර හිමිවෙන්නේ නැහැ.

එහෙම වුණාම බොහෝ දෙනා කරන්නේ නීතිවිරෝධී ආකාරයෙන් ජපානයේ රැඳී ඉන්න එක. හැබැයි එහෙම ඉන්න බව බලධාරීන් දැන ගත්තොත් ඒ අය සංක්‍රමණික මධ්‍යස්ථාන වෙත යොමු කරවනවා. සාමාන්‍යයෙන් ජපානය කියන්නේ එළවා එළවා නීතිවිරෝධී සංක්‍රමණිකයන් සොයන රටක් නෙවෙයි. ඒ හින්දා නීතවිරෝධීව ජපානයේ රැඳී සිටිමින් රැකියාවල නිරත වෙන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒත් විවිධ හේතු මත ඒ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්.
අපේ කතානායිකාව වන විශ්මාත් කොයි ආකාරයෙන් හෝ ඒ අවසානාවන්ත ඉරණමට ගොදුරු වෙලා තියෙනවා. අධ්‍යාපන කාල සීමාව අවසානයේ නීතිවිරෝධී ආකාරයෙන් ජපානයේ රැඳී සිටි ඇය බලධාරින්ගේ රැහැනට හසුවෙලා තියෙනවා. ඇයව ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේ සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයකට යොමු කර ඇත්තේ ඉන් අනතුරුවයි.

අනාගතය පිළිබඳ සිහින ගොන්නක් රැගෙන ජපානයට ගිය විශ්මා තම ජීවන ගමන නිමා කරන්නේ ඒ රැඳවුම් මධ්‍යස්ථානයේදීයි. ජපන් මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ඇය මියගොස් තිබෙන්නේ අධික කුසගින්න මතයි. ජපානය වැනි දියුණු රටකදී තරුණියක් කුසගින්නේ මියගියේ කොහොමද කියන එක ඉන් අනතුරුව බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා.

ජපන් මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ඇය මියගොස් තිබෙන්නේ රෝහලේදී. රැඳෙවියන් පරීක්ෂා කිරීම සඳහා ගිය අවස්ථාවේදී ඇය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් තමයි ඇයව රෝහල් ගත කිරීමට එම මධ්‍යස්ථානයේ බලධාරීන් කටයුතු කර තිබෙන්නේ. ඇය ඒ වන විට සිහිසුන්ව සිටි බවත් සඳහන්.

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස එරට අධිකරණ ඇමැතිවරිය නියෝග කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. එම තරුණියගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල බවට ඊට පෙර පැමිණිලි කර තිබූ බවත් ඇයව එම මධ්‍යස්ථානයේ සහ ඉන් පිටත වෛද්‍යවරු පරීක්ෂා කර තිබූ බවත් එම පරීක්ෂණ හරහා තහවුරු වූ බවත් එරට මාධ්‍ය හරහා දැන ගන්න ලැබුණා.

ඇය ගලනාලය ආශ්‍රිත රෝගාබාධයකට ගොදුරුව සිටීම හේතුවෙන් ආහාර ගැනීමේ දැඩි අපහසුතාවයකින් පෙළෙමින් සිටි බව මේ වන විට අනාවරණය වෙලා තියෙනවා. ඒ හේතුවෙන් ඇය දීර්ඝ කාලයක් ආහාර ගෙන නොමැති බවත් සඳහන්. සංක්‍රමණිකයන් රඳවා තබන මධ්‍යස්ථානයේ හුදෙකලා කාමරයක සිටියදී ඇය මුහුණ දුන් මානසික ආතතිය මේ රෝගී තත්ත්වයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර තමන් දැඩි කුසගින්නෙන් පසුවන බවත්, තමන්ට ආහාර ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා තාවකාලික නිදහසක් ලබා දෙන ලෙසත් ඉල්ලා ඇය ලියා ඇති ලිපි සහ සටහන් කිහිපයක් එරට මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ මේ සිද්ධියේ ඛේදජනක බව තවත් වැඩි වුණා. තමන්ට බලධාරීන් ප්‍රතිකාර ලබා නොදෙන බවට ඇය එක් ලිපියක සටහන් තබා තිබීම මත මේ සිදුවීම බැරෑරුම් එකක් බවට පත් වුණා. කාත්කවුරුවත් නැති නොදන්නා රටක කුසගින්නේ තට්ට තනිවම කාමරයක රැඳී සිටියදී ඇය මුහුණ දුන් මානසික තත්ත්වය සිතා ගැනීමටවත් තරම් අපහසු එකක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මේ අතර උසස් අධ්‍යාපනය සඳහා ජපානයට ගිය තරුණියට සිදු වූයේ කුමක්දැයි ඇයගේ නිවෙසේ කිසිවෙකු නොදැන සිටි බවත් පසුව දැන ගන්නට ලැබුණා. ජපානයට ගොස් වසර කිහිපයක් ගත වනතුරුම නිරන්තරයෙන් තම මවට කතා කිරීමට ඇය කටයුතු කර තිබූ නමුත් පසුගිය මාස හය තිස්සේම එක්වරක් හෝ තම මව ඇමතීමට ඇයට හැකියාව ලැබිලා නැහැ. ඒ හේතුවෙන් ඇයගේ නීත්‍යානුකූල වීසා කාල සීමාව අවසන් වූ බව සහ ඇය සංක්‍රමණියන් රඳවා තැබෙන මධ්‍යස්ථානයක සිටින බව මෙරට කිසිවෙකු දැන ගෙන ඉඳලා නැහැ. තම දුව ඉතාම අවාසනාවන්ත ආකාරයෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව ඇයගේ මව දැන ගෙන ඇත්තේද මාධ්‍ය හරහායි. කුඩා කාලයේදීම ඇයගේ පියා මියයෑමෙන් අනතුරුව විශ්මාව රැක බලා ගෙන ඇත්තේ මව විසින්. විශාල බලාපොරොත්තු ගොන්නක් සහිතව ජපානයට ගිය තම දුවට අත් වූ ඉරණම ඇය තනිවම කෙසේ නම් විඳ දරා ගන්නද.

මේ අතර මේ වෙද්දි විශ්මාගේ මළ සිරුර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමත් විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ඒ සඳහා රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් අවශ්‍ය වීම තමයි ඊට හේතුව. එවැනි මුදලක් විශ්මාගේ මව සතුව නොමැති වීම මත තම දුවගේ මුහුණ අවසන් වරට හෝ දැක ගැනීමේ අවස්ථාවක් ඇයට හිමි නොවන තත්ත්වයක් මතු වෙලා තියෙනවා.

කොහොම වුණත් ජපානය කියන්නේ නීති රීති අකුරටම ක්‍රියාත්මක වෙන රටක්. ඒ හේතුවෙන් බලධාරීන් අතින් යම් වරදක් සිදු වෙලා නම් ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබා දීම ඉදිරියේදී නිසැකවම සිදු වේවි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති නිලධාරිනුත් මැදිහත් වී ඇති බව දැන ගන්න ලැබෙනවා. රටක් විදියට විශ්මා වෙනුවෙන් මේ වෙලාවේ අපට කළ හැකි දේ එපමණයි. ඒ වගේම තව දෙයක්. විශ්මාගේ කතාව අනාගතයේදී දුරු රටකට යෑමේ සිහිනය දකින හැම දෙනාටම හොඳ පාඩමක් කියන එකත් මතක් කළ යුතුයි.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඩිල්ෂාන්ට අභ්‍යන්තර ලේ ගැලීමක්: MRI පරීක්ෂණයක්: අදම ඕස්ට්‍රේලියාවට

Next Post

අම්මා දාලා ගිහින්: තාත්තා අන්ධයි: නංගි මොන්ටිසෝරි: නුවන් අහිමි පියා රකින නුවන් තිළිණ පුතා

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News
Uncategorized

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

තවත් ප්‍රබල විමර්ශනයක්ද මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් ආරම්භ වී ඇති බවක් පැවසේ. ඒ, හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු විසින් රට මැද්දේ...

Read more
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.