ආණ්ඩුවට සම්බන්ධ සියලු පාර්ශ්ව සමග එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට සුදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ ,ඒ පිළිබඳව සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් සමග අද (08) පැවැත්විමට නියමිතව ඇති බව ය.
සාකච්ජාව සඳහා එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා, සභාපතිවරයා සහ ජාතික සංවිධායකවරයා ඇතුළු කණ්ඩායමක් සහභාගි වීමට නියමිතව ඇතැයි පාලිත රංගෙබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් විමසිමක් කළ අතර එහි ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ, පළාත් පාලන මැතිවරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානින් සමග අද (08) විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන බව ය.
එහිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරිම පිළිබදව අවධානය යොමු කරන බව, ඔහු ප්‍රකාශ කළේ ය.











