ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී මියගොස් ඇති බවට අද (23) දින මාධ්‍ය පළ කොට ඇති පුවතේ සත්‍යතාව සම්බන්ධයෙන් බරපතළ සැකයක් මේ වනවිට මතුව ඇති බව දැනගන්නට ඇත.
ඒ, අදාළ පුවත සම්බන්ධයෙන් ආරක්ෂක අංශ හෝ ඉන්දීය තානාපති අංශ මේ වනතෙක්ම නිශ්චිත තොරතුරක් පළ කොට නොතිබීම මුල් කරගෙනය.
අද දින සියලුම මාධ්‍ය තොරතුරු වාර්තා කර ඇත්තේ අංගොඩ ලොක්කා විස ශරීර ගත වීමකින් මියගොස් ඇති බවත්, පසුගිය දින කිහිපය පුරාම හෙතෙම ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත්ය.
නමුත් කිසිදු වගකිවයුතු පාර්ශ්වයක් මෙතෙක් එම පුවත තහවුරු කොට නැත.