1985 දී ආරම්භ වූ ZTE සමාගම දශක 2 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දුරකථන සන්නිවේදන උපාංග සපයා තිබේ. මෙම අත්දැකීම් සම්භාරය තුළින් පන්නරය ලබමින් එම සමාගම මේ වනවිට නවීනතම තාක්ෂණයෙන් හා විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් දුරකථන එකතුවක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.
ස්මාර්ට් දුරකථන ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන සමාගමක් වශයෙන් ZTE හි ප්‍රධානතම අරමුණ වූයේ, පාරිභෝගිකයන් ගෙවන මිලට උපරිම වටිනාකමක් හිමිවන ස්මාර්ට් දුරකථන එකතුවක් හඳුන්වා දීමය. ඒ අනුව, විශේෂයෙන්ම අනෙකුත් සන්නාම යටතේ පැමිණෙන ‘Midrange’ මට්ටමේ දුරකථනවල ඇතුළත් විශේෂාංග සියල්ලම පාහේ ඇතුළත්, එහෙත් ඊට වඩා සහනදායී මිලකට ලබාගත හැකි ZTE මාදිලි පෙළ වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී.