ලොව ප්‍රමුඛතම තාක්‍ෂණික නිෂ්පාදන සමාගමක් වන Xiaomi ප්‍රථම වරට පලඳින උපාංග (Wearables) කාණ්ඩයට පිවිසෙමින් ශ්‍රී ලංකාවටMi Smart Band 5 හඳුන්වා දීමට කටයුතු කර තිබේ. ඊට අමතරව ශ්‍රවණ නිෂ්පාදන (Audio) කාණ්ඩයට අයත් Redmi SonicBass Wireless Earphones සහ Redmi Earphones යන උපාංගද මෙරට වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.
විශාල ජනප්‍රියත්වයක් හිමිකරගත් Mi Smart Band නිෂ්පාදනය දැන් පෙරටත් වඩා විශාල කර සහ වැඩිදියුණු කර වෙළෙඳපොළට පැමිණ තිබේ. මීට පෙර මාදිලියට වඩා 20%ක් විශාල 1.1” color AMOLED දර්ශන තිරයක් මීට ඇතුළත්ය. එකිනෙකට වෙනස් Display රටා 65ක් සහ අතේ බඳින බෑන්ඞ් වර්ණ 6ක් අතරින් තම රුචිකත්වය අනුව විලාසිතා තෝරා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබීම විශේෂත්වයකි. ආකර්ෂණීය තිරයක් සහ ක්‍රීඩාශීලී නිමාවක් සමඟින් Mi Smart Band 5 ශරීර සුවතාව වඩාත් ආකර්ෂණීය අත්දැකීමක් බවට පත්කරයි.
ඔබේ ව්‍යායාම රටාව කුමක් වුවත් Mi Smart Band 5 ඔබට අත්වැලක් වීමට සූදානමින් සිටී. 5 ATM water-resistant certification හිමි නිසා පිහිනුම් තටාකයේ, ධාවන පථයේ, සර්ෆ් කිරීමේ පමණක් නොව ස්නානයේදී පවා ගැටලුවකින් තොරව මෙය පැලඳ සිටිය හැකිය. Indoor cycling, Elliptical, Yoga, Rowing machine සහ Jump rope ඇතුළුව Exercisr modes 11ක් සහිත Mi Smart Band 5 ඔබ කුමක් කළත් ඔබේ ව්‍යායාමවල ප්‍රගතිය මැනවින් හසුකර ගනී.











