• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව තවදුරටත් වර්ධනය වේ! Sri Lanka Latest News

December 15, 2024
in Business
Reading Time: 6 mins read
A A
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව තවදුරටත් වර්ධනය වේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජකීය ඕස්ට්‍රෙිලියානු ගුවන් හමුදාව විසින් ඕස්ට්‍රේලියානු සෛවරී දේශසීමා බලකාය වෙත ලබාදී තිබූ Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පිරිනැමීම කොළඹදී සිදුවිය. මෙමඟින් සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ තර්ජන මැඩලීම සඳහා ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සහ කැපවීම නව තලයකට රැගෙන යයි.(Sri Lanka Latest News)

ඔක්තෝම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නීත්‍යානුකූලව භාර දුන් නවීන ද්විත්ව එන්ජිමක්  සහිත ටර්බෝප්‍රොප් ගුවන් යානය මිනිස් ජාවාරම ඇතුළු ජාත්‍යන්තර අපරාධ රැසකට එරෙහිව සටන් කිරීම පිළිබඳ  ශ්‍රී ලංකාවේ ගුවන් සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන්  සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ.  

මෙම තිළිණය ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා දෙරටේ අන්‍යෝන්‍ය උත්සහයන් මැනවින් ප්‍රදර්ශනය කරන බව මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ප්‍රකාශ කළේය. “King Air 350 ගුවන්යානය අප වෙත පිරිනැමීම වෙනුවෙන් අපි අවංකවම ස්තූතිවන්ත වෙනවා.එමඟින් සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට පවතින තර්ජනවලට එරෙහිව සාර්ථකව සටන් කිරීමේ හැකියාවන් තවදුරටත් සවිමත් කරනවා පමණක් නොවේ,දෙරට අතර පවතින සබඳතාවද මැනවින් අවධාරණය කරනවා. කලාපීය ආරක්ෂක ක්‍රමවේදයන් වෙනුවෙන් අපගේ දිගුකාලීන හවුල්කරුවෙකු වන ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහය පවත්වාගෙන යාමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා .”

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පැවති මෙම උත්සවය  ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා සබඳතාවන්  නිර්වචනය කරන රන් ප්‍රමිතියෙන් යුත් තවත් එක් සුවිශේෂී අවස්ථාවක් බව සඳහන් කරමින් ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම්, රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර්, RAN (Royal Australian Navy) (රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාව) විසින් වැඩිදුරටත්  සිය අදහස් එකතු කළේ මෙසේය. “අද දින මෙම පිරිනැමීම අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය මැනවින් පිළිබිඹු කිරීමට කදිම අවස්ථාවක් වන අතර, එක්ව ක්‍රියා කිරීම මඟින් අපට බොහෝ බාධක සාර්ථකව ජය ගත හැකි බව සැලකිල්ලට ගැනීම ද ඉතා වැදගත් වෙනවා.නීතිවිරෝධී සමුද්‍ර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ඕනෑම අයෙකු වැළැක්වීමට ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඉතා අධිෂ්ඨානශීලීව කටයුතු කරනවා.”

තවද, සමුද්‍රීය ආරක්ෂක ප්‍රයත්නයන්ට සහයෝගය ලබාදීමට අමතරව, Beechcraft King Air 350 ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් සඳහා වටිනා පුහුණු අවස්ථා ද ලබා දෙනු ඇත.

“මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පිරිනැමීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා. ඊට අමතරව , මෙම සුවිශේෂී නව පිරිනැමීම  හරහා නව නිපුණතා වර්ධනය කරන බැවින්,  මීළඟ පරම්පරාව පුහුණු කිරීමට සහ සංවර්ධනයට දායක වීමට ද මේ ඔස්සේ හැකියාව ලැබීම සතුටට කරුණක්. භෞතික වශයෙන් පමණක් නොව මානව අංගයන් ද මෙවැනි හැකියාවන් ඉහළ නැංවීම තුළින් සැලකිය යුතු ලෙස ප්‍රවර්ධනය වෙනවා.” ලෙසින් රියර් අද්මිරාල්  සොන්ටර් මහතා තවදුරටත් සිය අදහස් එකතු කළේය.

SendShareShare
Previous Post

පොලිය පහත දැමීමෙන් වැඩිහිටියන්ට අසාධ්‍යයි! Sri Lanka Latest News

Next Post

මෙන්න බුවිනි ආයෙත් ඇවිත්! Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.