සීමාසහිත ඩීසල් හා මෝටර් ඉන්ජිනේරු පොදු සමාගමේ (ඩීමෝ) TATA වෙළෙඳ වාහන සේවා අංශය සංවිධානය කළ TATA ගෝලීය සේවා ප්‍රවර්ධන වැඩසටහනේ සිවු වැනි අදියර පසුගියදා දිවයින පුරා DIMO – TATA සේවා මධ්‍යස්ථාන 14 කදී පැවැත්විණි. ඊට සහභාගි වූ පිරිසට TATAA වාහන හා ජෙනුයින් අමතර කොටස් පිළිබඳ සම්පූර්ණ දැනුවත්භාවයක් ලබා දෙන අතරම, වාහන 5000කට අධික ප්‍රමාණයක තත්ත්ව පරීක්ෂාවන්ද සිදු කෙරෙමින් මෙම වැඩසටහන තෙදිනක් පුරා පැවැත්විණි. වාහන සම්බන්ධ එකිනෙකට වෙනස් පරීක්ෂාවන් 80ක් එහිදී සිදු කෙරුණු අතර කළ යුතු අලුත්වැඩියාවන් දැක්වෙන තත්ත්ව පරීක්ෂණ වාර්තාවන්ද නිකුත් කෙරිණි. තත්ත්ව වාර්තාවේ සඳහන් සෑම වාහන අලුත්වැඩියාවක් සඳහාම 20% ක වට්ටමක් එහිදී පිරිනැමීම විශේෂත්වයකි.
එහිදී, TATAA ජෙනුයින් එන්ජින් ඔයිල් නොමිලේ පිරවීම, TATAA ජෙනුයින් අමතර කොටස් සඳහා ආකර්ෂණීය වට්ටම් පිරිනැමීම, වැඩිම දුරක් ධාවනය කළ වාහන සඳහා සම්මාන පිරි නැමීම, රිය ධාවනයට අවශ්‍ය රියැදුරු පුහුණු වැඩසටහන්, නොමිලේ ටයර් පරීක්ෂාව හා ටයර් සඳහා වට්ටම් පිරිනැමීම, බැටරි පරීක්ෂාව හා TATAA හඳුන්වාදෙන නවතම මාදිලිවල වාහන පරීක්ෂාව ආදිය ඇතුළත් වරප්‍රසාද රැසක් මෙම ප්‍රවර්ධන වැඩසටහනට සහභාගි වූ පිරිසට හිමි විණි.











