ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අඛණ්ඩව තුන්වැනි වරටත් මෙරට වේගවත්ම ජංගම දුරකතන ජාලය ලෙස Ookla® Speed Test ඇගයීම හිමිකර ගැනීමට සමත් විය. ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජංගම ජාල පරීක්ෂණ යෙදවුම්, දත්ත සහ විශ්ලේෂණ සම්බන්ධ ලොව ප්‍රමුඛයා ලෙස සැලකෙන Ookla® විසින් මෙම ඇගයීම ලබාදීමට ප්‍රධානම හේතුව වූයේ SLT-MOBITEL Mobile දිවයින පුරා සිය ආවරණය ව්‍යාප්ත කරමින් විශිෂ්ට සේවාවක් ලබා දීමටත්, වාර්තාගත වේගයක් පවත්වා ගැනීමට සමත් වීමත් නිසයි.
ඩවුන්ලෝඩ් සහ අප්ලෝඩ් වේගයන් අනුව සිදුකරන ලකුණු ලබාදීමක් මගින් The Speedtest Awards සඳහා තෝරාගැනීම් සිදුකරන අතර තම පාරිභෝගිකයන්ට දුරකතන ක්‍රීඩාවල යෙදීම, HD වීඩියෝ නැරඹීම සහ සමාජ මාධ්‍ය භාවිත කිරීම වැනි බොහෝ දේ සිදුකළ හැකි ආකාරයට උසස් තත්ත්වයේ හා වේගවත් සන්නිවේදන පහසුකම් ලබාදීමට සමත් වීම මෙම ඇගයීම ලබාදීමට සලකා බැලෙයි.
Ookla Speedtest සම්මාන ඇගයීම වසරකට දෙවරක් පැවැත්වෙන අතර, Speedtest® භාවිත කරන පාරිභෝගිකයන් සිදුකරන පරීක්ෂණවල ප්‍රතිඵල අනුව සම්මානලාභීන් තීරණය කෙරේ. මෙම පරීක්ෂණවලදී 2019, 2020, 2021 අඛණ්ඩව තම තරගකරුවන් අභිභවා යාමට SLT-MOBITEL Mobile සමත් වී ඇත.