ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි MBS – Mobitel Business Solution (MBS), තම ගෝලීය හවුල්කාරීත්ව ජාලය තවදුරටත් පුළුල් කරමින්, ජාත්‍යන්තර තාක්ෂණ සමාගමක් වන Zoho සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ආයතනික පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක පැතිරුණු නවීනතම ව්‍යාපාර විසඳුම් පිරිනැමීම මෙහි අරමුණ වේ.
මේ යටතේ Zoho CRM, ZOHO Desk සහZoho Sign යන, Cloud පදනම් කරගත් මෘදුකාංග තුන ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට SLT-MOBITEL MBS කටයුතු කරනු ඇත. Zoho CRM යනු සමාගම්වලට තම විකිණුම් කටයුතු වැඩිදියුණු කරගැනීමටත්, ශක්තිමත් පාරිභෝගික සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත් උපකාරී වන මෘදුකාංගයකි. උපකාරක මෘදුකාංගයක් වන ZOHO Desk, එය භාවිත කරන සමාගම් හා ආයතනවලට තම පාරිභෝගිකයන් වෙත විශිෂ්ට තලයේ පාරිභෝගික සේවාවක් ලබාදීමට උපකාරී වෙයි. Zoho Sign යනු Digital Signature Solution ඝණයේ මෘදුකාංගයක් වන අතර, එය ගිවිසුම් සහ වෙනත් ලිපිලේඛන කටයුතු වඩාත් හොඳින් කළමනාකරණය කරගැනීමට අවස්ථාව සලසා දෙයි.
Zoho CRM, ZOHO Desk සහ Zoho Sign යන මෘදුකාංග ඉතා පහසුවෙන් භාවිත කළ හැකි අතර, ඒවා Zoho මගින් හඳුන්වාදී ඇති අනෙකුත් විසඳුම් හා සේවාවන් සමග ඒකාබද්ධ කිරීමේ හැකියාවද පවතී. එමෙන්ම අවශ්‍ය නම් ඒවා බාහිර පාර්ශ්වයන්ට අයත් මෘදුකාංග සමගද භාවිත කළ හැකි වේ.