■ පළමු වැඩිදියුණු කළ ජාතික මට්ටමේ දුම්රිය ආසන වෙන්කිරීම ක්‍රමවේදයක්
■ SLT-MOBITEL mCash හරහා මෙරට ප්‍රථම වරට ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා Lanka QR මගින් බලගැන්වූ සක්‍රීය විසඳුමක්
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග දශකයකට ආසන්න කාලයක් පවත්වාගෙන ආ තාක්ෂණික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාර්ගගත ක්‍රමයට දුම්රිය ආසන වෙන්කරවා ගැනීම සඳහා වෙබ් අඩවියක් (https://seatreservation.railway.gov.lk) සහ ජංගම යෙදවුමක් හඳුන්වා දෙමින් මාර්තු මස 21 වැනිදා සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කළේය.
2009 වසරේදී දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම සඳහා ප්‍රථම වරට ජාතික මට්ටමේ සේවාවක් හඳුන්වා දීම සඳහා දායකත්වය ලබාදුන්නේද SLT-MOBITEL වන අතර, මින් ඉදිරියට මගීන්ට ලොව ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවේ දුම්රිය ආසන වෙන්කරවා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
මීට පෙර, ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ සේවාව හඳුන්වා දුන් අවස්ථාවේදී මගීන්ට ප්‍රථම වරට දුරකතනය ඔස්සේ හෝ කවුන්ටරයෙන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමට අවස්ථාව ලැබිණි.
එමෙන්ම එය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලි ඩිජිටල්කරණය කිරීම සඳහා ගත් පුරෝගාමී පියවරක්ද විය.