ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන සේවා සැපයුම්කරු වන SLT-MOBITEL සමාගම නිර්මාණය කරන ලද රුවන්වැලි මහා සෑයේ ත්‍රිමාණ ප්‍රතිනිර්මාණයක් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතින් විවෘත විය.
SLT-MOBITEL සමාගම පසුගිය වසරේදීද මේ ආකාරයෙන්ම බැතිමතුන් වෙනුවෙන් මිහින්තලය පුදබිම ත්‍රිමාණරූපීව නිර්මාණය කළ අතර, මෙවර බෞද්ධ ජනතාව පොසොන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි සෑය වන්දනාමාන කිරීමට දක්වන විශාල උනන්දුව සලකා බලමින්, COVID-19 රෝග ව්‍යාප්තිය නිසා පැනවී තිබෙන සංචරණ සීමා තුළදී පවා සුරක්ෂිතව තම නිවෙසේ සිටම රුවන්වැලි සෑය වන්දනා කළ හැකි වන ලෙස මෙම ඩිජිටල් ත්‍රිමාණ ප්‍රතිනිර්මාණය සිදුකර තිබේ. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ poson.sltmobitel.lk යන ලින්ක් එක හරහා එම ඩිජිටල් අවකාශය වෙත පිවිසීම පමණි.