ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රවර්ධකයා වන SLT සමූහය, 2021 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 102.3 ක පිරිවැටුමක් වාර්තා කරගැනීමට සමත් වී ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව 12.3%ක වර්ධනයකි. එමෙන්ම සමූහයේ බදු-පසු ලාභය පසුගිය වසරට සාපේක්ෂව 54.3%කින් වර්ධනය වී, රු. බිලියන 12.2 ක් ලෙස වාර්තා වී තිබේ.
සමූහයේ ව්‍යාපාර අංශ ගණනාවකම ඉහළ මට්ටමේ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීම, එහි ලාභය වර්ධනය වීමට බෙහෙවින් බලපා ඇත. සමාලෝචිත කාලසීමාව තුළ සමූහයේ මෙහෙයුම් ලාභය 19.0% කින් වර්ධනය වී ඇති අතර පොලී ගෙවුම්, බදු ගෙවුම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) 16.6%කින් වර්ධනය වී තිබේ. ෆයිබර් සම්බන්ධතා ජලය පුළුල් කිරීමට දිගින් දිගටම කටයුතු කිරීම සහ, 4G/LTE ජාලය පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ගන්නා ලද පියවර හේතුවෙන්, අදාළ වසර තුළ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ආදායම වර්ධනය වී තිබේ. මාර්ගගත ක්‍රම (online) ඔස්සේ ඉහළ ගුණාත්මක භාවයකින් යුත් අධ්‍යාපන හා විනෝදාස්වාද සේවා බලාපොරොත්තු වන වෙළෙඳපොළක් පැවතීම නිසා, නව වෙළඳපොළ කාණ්ඩවලටද ආමන්ත්‍රණය කරමින්, සමාලෝචිත කාලසීමාව තුළ PEO TV සේවා ආදායම වර්ධනය කරගැනීමට SLT සමත් විය.