SLIIT ශිෂ්‍ය අන්තර් ක්‍රියාකාරී සංගමය 2018/19 සංවිධාන කළ SLIIT WALK 2018 පාගමන අවසන් කරන ලද්දේ මෙතෙක් පැවති පාගමන් අතුරින් වැඩිම පිරිසක් සහභාගි වූ දැවැන්තම පාගමන හා වැඩිම ආධාර මුදලක් එකතු වූ පාගමන ලෙසිනි. මිලියන 2.5 කට අධික මුදලක් වූ එම මුදල් අඩු පහසුකම් සහිත පාසලකට පුස්තකාලයක් හා පරිගණක විද්‍යාගාරයක් ලබාදී එහි ළමුන්ගේ අධ්‍යාපනික මට්ටම වැඩිදියුණු කිරීම මූලික අරමුණය වී තිබිණි.
වසර 7ක් පුරාව පැවැති සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ මීළඟ අදියර ලෙස තෝරාගත් වේරහෙර පැපිලියවල බණ්ඩාරනායක මහා විද්‍යාලයට පුස්තකාලයක් හා නවීන පහසුකම්වලින් සපිරි පරිගණක විද්‍යාගාරයක් ලබාදුන් අතර, එය සිසු අයිතියට පත්කිරීම 2019 අගෝස්තු මස 2 වැනි දින SLIIT ආයතනයේ උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.